පසුගිය කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳ පොළ වෙනස් වුණු හැටි මෙන්න. (SBS සිංහල/වාර්තා)

අදාළ වාර්තාවට අනුව සිඩ්නි නිවාස වටිනාකම පසුගිය අගෝස්තු සහ ඔක්තෝබර් කාලය අතරතුර 0.6% ක පහළ යාමක් පෙන්වයි.

Australian property market

Australian property market Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල වාර්තාවට අනුව පසුගිය මාස ත්‍රිත්වය තුළ සිඩ්නි, පර්ත් හා ඩාවින් නගර වල නිවාස මිල ගණන් පහත වැටී තිබේ.

නමුත් එම CoreLogic නිවාස වටිනාකම් දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙඳ පොළෙහි මිල වර්ධනය නොවෙනස් මට්ටමක (සම මට්ටමක) පැවති බව සඳහන්.

ඊට අමතරව ජාතික නිවාස වෙළෙඳ පොළෙහි ගම්‍යතාව 2016 වසරේ නොවැම්බර් මාසයේ ඉහළම මට්ටමක පැවතුණු බවත් එය කෙමෙන් ගිලිහී යන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

“ ප්‍රාග්ධන ලාභ වල වේගය මන්දගාමී වීමට මූලික වශයෙන් පසුගිය කාලයේ දැඩි කළ ණය ප්‍රතිපත්ති ඉවහල් වී ඇති බවත් එනිසා ණය ලබා ගන්නන්ගේ තත්ත්වය වෙනස් වී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.” යනුවෙන් CoreLogic හි පර්යේෂණ ප්‍රධානී Tim Lawless පැවසීය.

සිඩ්නි නිවාස මිල ගණන් තවමත් ඉහළයි.

අදාළ වාර්තාවට අනුව සිඩ්නි නිවාස වටිනාකම පසුගිය අගෝස්තු සහ ඔක්තෝබර් කාලය අතරතුර 0.6% ක පහළ යාමක් පෙන්වයි.

“2014 වසරේ පටන් නිවාස වටිනාකම පහළ බසින පර්ත් සහ ඩාවින් නගර සමග මෙවර සිඩ්නි නගරයද එක්වී තිබීම සුවිශේෂී තත්ත්වයක්.” Tim Lawless වැඩි දුරටත් පැවසීය.

පසුගිය මාස තුන ඇතුළත පර්ත් සහ ඩාවින් නගර වල නිවාස වටිනාකම කැපී පෙනෙන ලෙස පහළ බැස ඇති බව අනාවරණය කරන එම වාර්තාව එම අගයන් පිළිවෙලින් 0.7% ක් සහ 4.4%ක් බව වාර්තා කරයි.
මෙම පහළ බැසීම මෙලෙස පැවතුණත් සිඩ්නි නිවාස වෙළෙඳ පොළ වෙත තවමත් බොහෝ ආයෝජකයින් හට හා නිවාස මිලට ගන්නන්ට ළඟා විය නොහැකි මට්ටමේ පවතියි.
එහි දේපළ වටිනාකම වාර්ෂිකව 7.7% ක වර්ධනයක් පෙන්වන අතර එය දෙවැනි වන්නේ මෙල්බන් හා හෝබාට් දේපළ වටිනාකම් වලට පමණි.

මෙල්බන් හි වාර්ෂික දේපළ වටිනාකම 11% කින් වැඩි වන බවත් හෝබාට් හි එම අගය 12.7% ක් බවත් වාර්තා වේ.

මෙල්බන් මිල තවත් ඉහළට.

සිඩ්නි නිවාස වටිනාකමට හාත්පසින්ම වෙනස් අයුරකින් මෙල්බන් නිවාස වෙළෙඳ පොළෙහි වටිනාකම පසුගිය මාස ත්‍රිත්වය තුළ වෙනස් වී ඇත.

මෙල්බන් නිවාස වෙළෙඳ පොළෙහි වටිනාකම පසුගිය මාස ත්‍රිත්වය තුළ 1.9% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ශීග්‍රයෙන් මිල වර්ධනය වන නිවාස වෙළෙඳ පොළ ලෙස හෝබාට් පත්ව ඇති අතර එය වසරේ එක් කාර්තුවකට 3.3% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එම අගය වාර්ෂිකව ගත් කල 12.7% කි.
නමුත් දේපළ මිලෙහි මධ්‍ය අගය පිළිබඳ සැළකීමේදී හෝබාට් නිවාස වල මධ්‍ය වටිනාකම තවමත් ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල මධ්‍ය වටිනාකම් වලට වඩා පහළ අගයක් ගන්නා බවත් එය ඩොලර් 396,393 බවත් වාර්තා වේ.

එම ලයිස්තුවේ ඊට පසුව පහළම අගය වාර්තා වන්නේ ඇඩිලේඩ් නුවරින් වන අතර එය ඩොලර් 430,303 වේ.

ඩාවින් ඉන් පසුව ඇති අතර එහි වටිනාකම ඩොලර් 437,910 වේ.

ඔස්ට්‍රේලියාවේ නිවාස වල ඉහළම මධ්‍ය වටිනාකමක් තවමත් ඇත්තේ සිඩ්නි නිවාස වෙළෙඳ පොළේ වන අතර එය ඩොලර් 905,917 බව සඳහන්.

දෙවැනි ඉහළම මධ්‍ය වටිනාකම මෙල්බන් නුවර සතුව ඇති අතර එහි අගය ඩොලර් 710,420 වේ.

කැන්බරා වල එම අගය ඩොලර් 582,882 වන අතර බ්‍රිස්බන් හි එය ඩොලර් 490,525 ක් ලෙස වාර්තා වේ.

ABC පුවත් ඇසුරෙනි.

Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service