ද්විත්ව පුරවැසිභාව ගැටළුව හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව මේ වන විට උග්‍ර අර්බුදයකට ලක්ව ඇත.
පසුගිය සති අන්තයේදී ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී John Alexander තමන් හට එක්සත් රාජධානි පුරවැසිභාවය තවමත් ඇති බවට පිළිගැනීමෙන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
ඒ සමග සංඛ්‍යාත්මකව ගත් කල ටර්න්බුල් රජය හට පහළ මන්ත්‍රණ සභාවේ සිය බහුතර බලය අහිමිවූ බව වාර්තා විය.
මේ අතර මේ වසරේ අවසාන පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන නොවැම්බර් 27 වන දායින් ආරම්භ වීමට නියමිත අතර ඒ වන විට මේ තත්ත්වය කුමන අතකට ගමන් කර තිබේද යන්න කා තුළත් පවතින කුකුසකි.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගණන කීයද? ඔවුන් අයත් පක්ෂ මොනවාද?
ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විත වන අතර එක් කොටසක් පහළ මන්ත්‍රණ සභාව ලෙසද අනෙක සෙනට් සභාව ලෙසද හැඳින්වේ.
පහළ මන්ත්‍රණ සභාව

පහළ මන්ත්‍රණ සභාව මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගෙන් සමන්විත වේ.
පසුගිය වසරේ පවතී මහ මැතිවරණයෙන් අනතුරුව පහළ මන්ත්‍රණ සභාවේ ආසන 150, ලිබරල් සන්ධානයට 76 ක් කම්කරු පක්ෂයට 69 ක් සහ සුළු පක්ෂ හා ස්වාධීන මන්ත්‍රීවරුන් හට ආසන 5 ක් ලෙසද බෙදී ගියේය.
ඔවුන් අතරින් Andrew Wilkie සහ Cathy McGowan ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසද Katter's Australian පක්ෂය නියෝජනය කරමින් Bob Katter, ග්‍රීන්ස් පක්ෂය නියෝජනය කරමින් Adam Bandt සහ Nick Xenophon කණ්ඩායම නියෝජනය කරමින් Rebekha Sharkie ද වේ.
ද්විත්ව පුරවැසිභාව ගැටළුවට ලක්වූ මන්ත්‍රීවරුන් අතරින් Rebekha Sharkie එක් අයෙකු ලෙස වාර්තා වේ.
මේ අතර ද්විත්ව පුරවැසිභාව අර්බුදය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් නැෂනල්ස් පක්ෂයේ නායක හා ඔස්ට්‍රේලියාවේ නියෝජය නායක Barnaby Joyce හට තම මන්ත්‍රී ධුරය ද අහිමි විය.
සෙනට් සභාව

සෙනට් සභාව තුළ සෙනට් සභිකයින් 76 ක් සිටියි.
සෙනට් සභාවේ සභාපති Scott Ryan සමග සෙනට් සභාව තුළ ලිබරල් සන්ධාන සභිකයින් 27 දෙනෙකු ද කම්කරු පක්ෂ සභිකයින් 26 දෙනෙකුද සිටියි.
ග්‍රීන්ස් පක්ෂය සතුව සෙනට් සභිකයින් 9 දෙනෙක්ද, One Nation පක්ෂය සතුව තිදෙනෙක්ද, Nick Xenophon කණ්ඩායම සතුව දෙදෙනෙක්ද, ස්වාධීන සභිකයින් ලෙස Jacqui Lambie, David Leyonhjelm, Derryn Hinch, Cory Bernardi, Lucy Gichuhi සහ Fraser Anning ද කටයුතු කරයි.
ද්විත්ව පුරවැසිභාව අර්බුදය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් මේ වන විට සෙනට් සභාව තුළ සභිකයින් තිදෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර එම සංඛ්‍යාව 4 ක් බවට පත්විය හැකි බවද වාර්තා වේ.
ද්විත්ව පුරවැසිභාව අර්බුදය හේතුවෙන් Jacqui Lambie ද ඉල්ලා අස්වීමට සූදානම් වන බවට ලැබෙන පුවත් ඊට හේතුව වේ.
ද්විත්ව පුරවැසිභාව අර්බුදය පාර්ලිමේන්තුවට බලපෑ අයුරු.
පහළ මන්ත්‍රණ සභාවේ ලිබරල් පක්ෂය සතු ආසන ගණන මේ හේතුව නිසා 73 කට (කතා නායක හැර) අඩුවී තිබේ.
Barnaby Joyce හා John Alexander පහළ මන්ත්‍රණ සභාවේ ලිබරල් සන්ධාන මන්ත්‍රී වරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාව අර්බුදය හේතුවෙන් ඉල්ලා අස්විය.
පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව මෙතරම් වැදගත් ඇයි?
පහළ මන්ත්‍රණ සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ රජයක් පිහිටුවීමට හැකියාවක් ලැබේ.
එනමුත්, සුළුතර රජයකට පවා පහළ මන්ත්‍රණ සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය ඇතිව රජයක් පිහිටුවීමට අවස්තාව පවතී.
මේ වසරේ අවසාන පාර්ලිමේන්තු සැසිය ආරම්භක සතියේදී ඔස්ට්‍රේලියාවේ ඉරිදා හා ප්‍රසිද්ධ දින වල penalty දීමනා කප්පාදු කිරීමට එරෙහිව හා බැංකු පිළිබඳ රාජකීය කොමිසම සම්බන්ධ පනත් සම්බන්ධ කරගැනීමට විපක්ෂය උත්සාහයක නිරතව සිටියි.
ලිබරල් සන්ධාන රජයට මේ වන විට ඇති සුළුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඊට හේතුව වී ඇත.
The Age ඇසුරෙනි.

