SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු රජයට බහුතරය අහිමි වෙයි. ළඟදීම මහ මැතිවරණයක්? (SBS සිංහල/වාර්තා)

Turnbull government reduced to minority
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදයේ නවතම ගොදුර බවට පත්වෙමින් ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී John Alexander තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඊයේ (11/11) ඉල්ලා අස්විය.

ඒ සමගම ලිබරල් සන්ධාන රජය සුළුතර රජයක් බවට පත්වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පහළ මන්ත්‍රණ සභාවේ ලිබරල් සන්ධාන රජය සතුව දැනට පවතින පැවති ආසන සංඛ්‍යාව 73 ක් වන අතර කතානායක ද ඇතුළුව ආසන 74 කි.

කම්කරු පක්ෂයට මේ වන විට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 69 ක් තිබෙන නමුත් ස්වාධීන මන්ත්‍රීවරුන් ගේ ආසන 5 ත් සමග විපක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 74 කි.

ඒ අනුව ස්වාධීන මන්ත්‍රීවරුන් හා කම්කරු පක්ෂය එක්ව ගත් කළ ඔවුන්ගේ ආසන සංඛ්‍යාව ලිබරල් සන්ධාන රජයේ ආසන සංඛ්‍යාවට වඩා 1 කින් වැඩිය (කතානායක රහිතව ගත් කල).

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් නැෂනල්ස් පක්ෂයේ නායක හා ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය  Barnaby Joyce හට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම ට නොහැකි බවට පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන්ට පහළ මන්ත්‍රණ සභාවේ එක් ආසනයක් එවරද අහිමි විය.

John Alexander
John Alexander Source: AAP

John Alexander ගේ ඉල්ලා අස්වීම.

ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී John Alexander තමන් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව ඊයේ දිනයේදී මාධ්‍ය වෙත පැවසීය.

තමන්ගේ පරම්පරාවෙන් තමන්ට ලැබුණු එක්සත් රාජධානි පුරවැසිභාවය තවමත් පවතින බව එක්සත් රාජධානි ස්වදේශ කටයුතු පිළිබඳ කාර්යාලය තහවුරු කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ ඉල්ලා අස්විය.

“මම හැම වෙලේම විශ්වාස කළේ මම තනිකරම ඔස්ට්‍රේලියානුවෙකු කියලා. මෙම අර්බුදය නිසා ඔස්ට්‍රේලියාවට දැන් හති වැටිලා. මට උපාධි නැහැ. නමුත් මට සාමාන්‍ය දැනීමේ උපාධිය තියෙනවා.” යනුවෙන් John Alexander අදහස් දැක්වීය.

dual citizenship saga.
Source: SBS

මැතිවරණයක් අත ළඟද?

වර්තමානයේ ඇතිවී ඇති දේශපාලනික අර්බුදය හේතුවෙන් මහ මැතිවරණයක් නුදුරේම පවත්වාවිද යන්න බොහෝ දෙනා තුළ පවතින ප්‍රශ්නයකි.

වියට්නාමයේ APEC සමුළුවට ගොස් සිටින ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ගෙන් මේ පිළිබඳ විමසූ විට “නුදුරේදී එසේ මැතිවරණයක් පැවැත්වීමට අදහසක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, මෙම මන්ත්‍රී ධුර අහිමිවීමත් සමග අතුරු මැතිවරණයක් ලබන වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසයේදී පැවැත්වීමේ සූදානමක් ඇති බව සඳහන්.

කෙසේවෙතත්, මෙම වසර අවසන් වීමට මත්තෙන් පාර්ලිමේන්තු සැසිවාර ඇත්තේ තව දෙවරක් පමණක් බවත් ඒ අනුව ලිබරල් පක්ෂයේ මෙම සුළුතරයෙන් කම්කරු පක්ෂය සෙසු ස්වාධීන මන්ත්‍රීවරුන් සමග එක්ව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් කිහිපයක් ජයගැනීමට සූදානමින් පසු වෙයි.

බැංකු පිළිබඳ රාජකීය කොමිසම හා ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල  penalty දීමනා කප්පාදුව නැවත හැරවීම වැනි පනත් ජයගැනීමට ඒ අනුව කම්කරු පක්ෂය උත්සාහ දරනු ඇත.

SBS පුවත් සහ The Age ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now