SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ ඔබට පැයකට ඩොලර් 18.29 කට වඩා අඩුවෙන් ගෙවනවානම් මේ ලිපිය කියවන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව තුළ අවම වැටුප පැයකට ඩොලර් 18.29 ක් ලෙස තීරණය වී ඇති නමුත් තුනෙන් එකක backpacker වරුන් හට පැයකට ඩොලර් 12 ක් හෝ ඊට අඩු මුදලක් ගෙවන බවත් ජාත්‍යන්තර සිසුන්ගෙන් හතරෙන් එකකට පැයකට ඩොලර් 12 ක් හෝ ඊට අඩු මුදලක් ගෙවන බවත් මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

How Australia's cities compare when it comes to cost of living
Source: SBS

3 min read

Published

Updated

By Madhura Seneviratne, Rosemary Bolger



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන්ගේ සහ backpacker වරුන්ගේ ශ්‍රමය සූරාකෑම අතිශය බරපතල තත්ත්වයක පවතින බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

Wage Theft in Australia නැමති මෙම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ගෙන් සහ backpacker වරුන්ගෙන් තුනෙන් එකකටම නීත්‍යානුකූලව ගෙවිය යුතු අවම වැටුපෙන් ද බාගයක් පමණක් හිමිවන බව අනාවරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් ශ්‍රමය සූරාකෑමේ වැඩි අවදානමක පසුවන බව Fair Work Ombudsman,  Natalie James, SBS පුවත් වෙත පැවසුවාය.

“ඇතැම් දෙනා තමන්ගේ වීසා පිළිබඳ වද වෙනවා. ඔවුන් හිතනවා රැකියාවේදී සිදුවන සූරාකෑම් පිළිබඳ පැමිණිලි කළහොත් ඔවුන්ව රටින් පිටුවහල් කරයි කියලා. අනෙක, ඔවුන්ට පවතින රැකියාව අහිමි වෙයි කියලා. එසේ වුවහොත් ඔවුන්ට නව රැකියාවක් සොයා ගැනීමට අපහසු වෙයි කියලා.” යනුවෙන් Natalie James පැහැදිලි කළාය.

ඔස්ට්‍රේලියාව තුළ එලෙස ශ්‍රම සූරාකෑමකට ලක්වන තාවකාලික වීසා හිමියන් වෙතොත් නොබියව ඉදිරියට පැමිණ ඒ පිළිබඳ පැමිණිලි කරන මෙන් ඇය ඉල්ලා සිටියි.

Fair Work කොමිසම, Fair Work Ombudsman සහ ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එක්ව ඔවුන්ගේ සුරක්ෂිතතාව සුරකින බවද ඇය පවසයි.

මෙවැනි කරුණු වලදී ආදාළ තාවකාලික සංක්‍රමණිකයින් හට රාජ්‍ය සමාවක් ලබාදීමට ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක සිල්ලර හා fast food ව්‍යාපාර වල සේවකයින්ව නියෝජනය කරන SDA සංවිධානය රජයෙන් ඉල්ලයි.

එමෙන්ම සේවකයින්ට නීත්‍යානුකූල වැටුපට වඩා අඩු වැටුප් ගෙවන සේවා යෝජකයින් හට දැඩි දඩ මුදල් පැනවිය යුතු බවටද ඔවුන් යෝජනා කරයි.

ඔස්ට්‍රේලියාවේ වීසා තොරතුරු සහ රැකියා තොරතුරු පිළිබඳ දැනගන්න, SBS සිංහල Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න.

සංක්‍රමණිකයින්ගේ ශ්‍රම සූරාකෑම

Wage Theft in Australia නැමති මෙම වාර්තාවට අදාළ සමීක්ෂණය නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය සහ සිඩ්නි හි තාක්ෂණික විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කර තිබුණි.

මේ සඳහා රටවල් 107 කින් ඔස්ට්‍රේලියාවට පැමිණි තාවකාලික වීසා හිමියන් 4000 කට අධික සංඛ්‍යාවක් සහභාගී කරගෙන ඇති අතර ඉන් 2392 ක් ජාත්‍යන්තර සිසුන් වූ අතර 1440 ක් backpacker වරුන් විය.

ඔස්ට්‍රේලියාව තුළ මෙවැනි අන්දමේ සමීක්ෂණයක් සිදු කළ ප්‍රථම අවස්තාව මෙය බව එම වාර්තාවේ සම කර්තෘ සිඩ්නි හි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය Laurie Berg, SBS පුවත් වෙත පැවසුවාය.

“මේ වන විට මෙම ශ්‍රම සූරාකෑම කොපමණ දුරකට ගොස් තිබෙනවද යන්න අපි දන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවේ වෙසන තාවකාලික වීසා හිමියන් දැවැන්ත ශ්‍රම සූරාකෑමකට ලක්වන බව අපේ සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබෙනවා.” යනුවෙන් ඇය පැහැදිලි කළාය.

මෙහිදී ජාත්‍යන්තර සිසුන් සහ backpacker වරුන් වැඩි අවදානමකට ලක්ව ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

ඔස්ට්‍රේලියාව තුළ අවම වැටුප පැයකට ඩොලර් 18.29 ක් ලෙස තීරණය වී ඇති නමුත් තුනෙන් එකක backpacker වරුන් හට පැයකට ඩොලර් 12 ක් හෝ ඊට අඩු මුදලක් ගෙවන බවත් ජාත්‍යන්තර සිසුන්ගෙන් හතරෙන් එකකට පැයකට ඩොලර් 12 ක් හෝ ඊට අඩු මුදලක් ගෙවන බවත් මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

ඔස්ට්‍රේලියාව තුළ මෙවැනි වූ අඩු වැටුප් ගෙවීම ප්‍රධාන වශයෙන් කර්මාන්ත 12 ක දැකිය හැකි බවත් විශේෂයෙන්ම, ආහාර සේවාවන්, අවන්හල්, සහ take away stores යන ක්ෂේත්‍ර වල මෙම තත්ත්වය බහුලව දැකිය හැකි බවත් මහාචාර්ය Laurie Berg, SBS පුවත් වෙත පැවසුවාය.

SBS පුවත් ඇසුරෙනි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now