SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ යෝජිත පනතට සෙනට් සභාවේදී මොකද වුණේ?

මේ අතර විවාහ මංගල සේවා සපයන සමාගම් හා සේවා ස්ථාන වලට අවශ්‍ය නම් සමලිංගික විවාහ සඳහා තම භාණ්ඩ හා සේවා සැපයීමෙන් වැළකී සිටීමට හැකි යනුවෙන් යෝජනා කළ සංශෝධනය සෙනට් සභාවේදී ඉවත දැමීය.

same-sex marriage
Source: SBS

3 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා යෝජිත පනත අද (16/11) දිනයේ ඔස්ට්‍රේලියානු සෙනට් සභාවට ඉදිරිපත් කෙරිණි.

සමලිංගික පසුබිමක් ඇති ලිබරල් පක්ෂයේ සෙනට් සභික Dean Smith විසින් මෙම යෝජිත පනත සෙනට් සභාවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු සිදු කළ කතාව අතිශය සංවේදී එකක් විය.

“මම කවදාවත් හිතුවේ නැහැ මගේ සම්බන්ධය මගේ රට නියමාකාරයෙන් තේරුම් අරගෙන එයට අර්ථාන්විත වටිනාකමක් දෙයි කියලා. නමුත් ඔස්ට්‍රේලියානු වැසියන් මම වැරදියි කියලා ඔප්පු කළා. එය ඡන්දයක් විතරක් නෙමෙයි, එය මුළු රටම ආදරයෙන් වැළඳගත් එකක්.” යනුවෙන් සෙනට් සභික Dean Smith කඳුළු පිරුණු සංවේදී හඬින් පනත ඉදිරිපත් කළේය.

මේ අතර විවාහ මංගල සේවා සපයන සමාගම් හා සේවා ස්ථාන වලට අවශ්‍ය නම් සමලිංගික විවාහ සඳහා තම භාණ්ඩ හා සේවා සැපයීමෙන් වැළකී සිටීමට හැකි යනුවෙන් යෝජනා කළ සංශෝධනය සෙනට් සභාවේදී ඉවත දැමීය.

same-sex marriage
Liberal Senator Dean Smith. Source: SBS

මේ අතර සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා අදාළ යෝජිත පනත සෙනට් සභාවට ඉදිරිපත් කරන විට කම්කරු පක්ෂයේ සෙනට් සභා නායක Penny Wong ද හැඟුම්බර විය.

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා දියත් කළ ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් වූ Penny Wong තම කතාව අවසන් කළේ තම සහයිකාව වන Sophie සහ තම දියණියන් දෙදෙනා හට තුති පුද කරමිනි.

same-sex marriage
Labor Senator Penny Wong. Source: SBS

මේ අතර ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Janet Rice ද එහිදී හඬ අවදි කළාය. තමන්ගේ විවාහයෙන් 17 වසරකට පසුව තමන්ගේ සහකරු Penny ගැහැණියක් බවට පත්වීම නිසා සාමාජය තමන් සහ තම සහකරුව කොන් කළ බව ඇය එහිදී හෙළිදරව් කළාය.

එම වේදනාව ඔබට සිතා ගන්නටවත් බැරි බව ද ඇය එහිදී සඳහන් කළාය.

same-sex marriage
Australian Greens Senator Janet Rice. Source: SBS

ඉන් අනතුරුව සභාව ඇමතූ කම්කරු පකෂයේ සෙනට් සභික Louise Pratt පැවසුවේ තමන්ට තම සහකාරිය වන Bec ව විවාහ කරගැනීමට අවශ්‍ය බවයි.

same-sex marriage
Labor Senator Louise Pratt. Source: SBS

මේ අතර සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා “No” යනුවෙන් හඬ නැගූ පිරිස් හටද අද දිනයේ සෙනට් සභාවේ කතා කිරීමට අවස්තාව හිමි විය.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන සෙනට් සභික Cory Bernardi පැවසුවේ මෙම යෝජිත පනත තමන් අනුමත කරන නමුත් මෙයින්  ඔස්ට්‍රේලියාවේ තිබෙන සෑම ආගමකම ඇති නිදහස හා ගරුත්වය රැකෙන බවට රක්ෂණයක් අවශ්‍ය බවයි.

same-sex marriage
South Australian senator Cory Bernardi Source: SBS

“No” මතය දරන සම්පත් අමාත්‍ය Matt Canavan ද පනතට සහය නොදැක්වීමට තීරණය කළේය.

නමුත් ඊට අදාළ සංශෝධන එක් කරනවානම් තමන් එය අනුමත කරන බව ඔහු පැවසීය.

විශේෂයෙන්ම, “No” පාක්ෂිකයින්ගේ අයිතිය හා නිදහස සුරැකෙන ලෙසට කටයුතු සම්පාදනය විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වසර අවසානයට පෙර මෙම යෝජිත පනත පහළ මන්ත්‍රණ සභාවට ඉදරිපත් කර සම්මත කරගැනීමට ඇති හෙයින් සෙනට් සභාව විසින් මෙය නොවැම්බර් අවසානයට පෙර සම්මත කරගත යුතු වේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now