01. ඔබ නිවාස ණයක් ගැනීමට සුදුසුද?
“ඔබට බැංකුවෙන් කොපමණ ප්‍රමාණයක නිවාස ණයක් ලබා ගත හැකිද?” පළමු නිවාසය මිලට ගන්නන් හට තිබෙන විශාලතම ගැටළුව මෙය වේ.
ඔබට නිවාස ණයක් ලබා ගැනීමට නොහැකි නම් මිලට ගැනීම සඳහා නිවසක් සෙවීම පළක් නොමැත.
ඔබ නිවාස ණයක් ලබා ගැනීමට සුදුසු වීම සඳහා ප්‍රධාන සාධක කිහිපයක්ම බලපාන බව National Australia Bank හෙවත් NAB හි Greg Harris පවසයි.
“ඔබගේ සත්‍ය මුල්‍ය වටපිටාව පිළිබඳ ඔබට ණය සපයන ආයතනයට නිවැරදි චිත්‍රයක් අවශ්‍යයි. ඔබේ දේපළ, ආදායම්, අය-වැය, දැනට පවතින ණය ප්‍රමාණය වැනි දේවල් ඉන් අතරින් ප්‍රධානයි.” යනුවෙන් Greg Harris පැවසීය.
02. ඔබේ මුල්‍ය ගණුදෙනු පිළිවෙලකට සකසාගන්න.
ඔබේ නිවාස ණය අයදුම්පත බැංකුව විසින් සලකා බැලීමේදී ඔබට එම ණය මුදල ගෙවීම්ට් ඇති හැකියාව පිළිබඳ බැංකුව විමසා බලයි.
ණය ලබා ගන්නාට තමන්ගේ බැංකු ගිණුම් වල ඉතා හිතකර අන්දමේ මුදල් තැන්පතු පෙන්වීමට හැකියාවක් ඇතිනම් ඔහුගේ ණය අයදුම්පත්‍රය සලකා බැලීමේ වැඩි ඉඩක් ඇති බව Greg Harris පැවසීය.
එමෙන්ම, අදාළ පුද්ගලයා සහිතව යම් ණය මුදල් වෙතොත් ඒවා හැකි තරමේ ගෙවා ප්‍රමාණය අවම කරගන්නා බවට ද ඔහු පැවසීය.
නිවාස ණයක් ලබා ගැනීමේදී වඩාත්ම ප්‍රබල සාධකය වන්නේ තමන්ගේ අදායම සහ එහි සුරක්ෂිතතාවය බවද Greg Harris පැවසීය.
එහිදී සාක්ෂි ලෙස තමන්ගේ වැටුප් පත්, සහ අනෙකුත් ඊට සම්බන්ධ ලියකියවිලි මෙන්ම ව්‍යාපාරයක් සිදු කරන විට ඒවායේ ආදායම් විස්තරද පැවසේ.
03. හැකි විගසින් නිවාස වෙළෙඳ පොළට පිවිසෙන්න.
ඔබ නිවසක් සොයනා ප්‍රදේශයේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ ඔබට මනා අවබෝධයක් තිබිය යුතු බව Domain ආයතනයේ ප්‍රධානී ආචාර්ය Andrew Wilson පවසයි.
විශේෂයෙන්ම ඔබට නිවාසය අවශ්‍ය ප්‍රදේශය, කුමන අන්දමේ නිවසක්ද සහ එහි තත්ත්වය පිළිබඳ ඔබට පූර්ව අවබෝධයක් තිබිය යුතු වේ.
04. දැරිය හැකි මිලකට අත ගසන්න.
ඔබ නිවසක් මිලට ගනීමට පෙර කුමන අන්දමේ මිලක් ඔබට දැරීමට හැකිදැයි නිගමනයකට පැමිණීම වඩා යෝග්‍ය බව ආචාර්ය Andrew Wilson පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වූ නගර වල ඉදි කළ කුඩා ප්‍රමාණයේ නිවාස, පළමු නිවාසය මිලට ගන්නන් හට ඉතා හොඳ පිවිසුමක් බවද ඔහු පවසයි.
05. අලෙවි ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තිබීම.
පළමු නිවාසය මිලට ගන්නන් වෙන්දේසි ක්‍රමය මගින් හෝ පුද්ගලික අලෙවියක් මගින් නිවසක් මිලට ගන්නවා දැයි ප්‍රථමයෙන් තීරණය කළ යුතු වේ.
අදාළ ක්‍රමවේදය තෝරා ගැනීමේදී තමන්ට වඩාත් වාසිදායක ක්‍රමවේදය තෝරා ගත යුතු බවද Real Estate Institute of Australia හි සභාපති Neville Sanders පවසයි.
ඔබ නිවාසය මිලට ගැනීමට යන ප්‍රාන්තය තුළ අදාළ ක්‍රමය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත යුතු බවත් ඔබගේ අයිතීන් සහ වගකීම් මොනවාදැයි මනාව දැනගත යුතු බවත් ඔහු පවසයි.
6. ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගන්න.
“අලෙවි ගිවිසුම් අත්සන් කිරීමට පෙර පළමු නිවාසය මිලට ගන්නන් සෑම විටම නීතිමය උපදෙස් ලබා ගැනීම අතිශය වැදගත්. ඔබ මිලට ගැනීමට යන නිවසේ නීත්‍යානුකූල අයිතිය, අලෙවි ගිවිසුම වැනි ලියකියවිලි පිළිබඳ ඔබට පූර්ණ දැනුමක් නොමැති හෙයින් ඒ පිළිබඳ දත් නීතිඥයෙකුගේ හෝ විශේෂඥයෙකුගේ ශය ලබා ගන්න” යනුවෙන් Neville Sanders උපදෙස් දෙයි.
07. ඔබම පර්යේෂණයක් කරන්න.
“ඔබ නිවසක් මිලට ගැනීමට අදාළ පරීක්ෂණයකට (inspection) ගිය විට දේපළ වෙළඳාම් නියෝජිතයින් පවසන මිල මත විශ්වාසය නොතබා අදාළ නිවාසය පිහිටි ප්‍රදේශයට අනුව එම නිවාස වෙළෙඳ පොළ පිළිබඳ හා එහි මිල ගණන් පිළිබඳ ඔබම පර්යේෂණයක නිරතවන්න. බොහෝ විට මිල ගණන් වල පරතරයක් ඔබට දැකිය හැකියි.” යනුවෙන් Cohen Handler කලමනාකර අධ්‍යක්ෂ Simon Cohen පවසයි.
08. ඔබේ මුල්‍ය පහසුකම් අනුමත කරගෙන තිබීම සහ තැන්පතු සූදානම් කරගෙන තිබීම.
නිවසක් මිලට ගැනීම එක්තරා අයුරකින් තරගයක් හා සමාන බැවින් ඊට අදාළ මූලික දේවල් සූදානමින් තබා ගත යුතු බව Simon Cohen පෙන්වා දෙයි.
ඔබේ අවස්ථාව පැමිණි කළ ඔබේ මුල්‍ය පහසුකම් අනුමත කරගෙන තිබීම සහ තැන්පතු සූදානම් කරගෙන තිබීම ඔබට එම තරගයේ ඉදිරියෙන්ම සිටීමට හැකි වෙන බවද ඔහු පවසයි.
The Domain ඇසුරෙනි.
Share









