සතියකට ඩොලර් 25 ක toll ගෙවනවානම් ඔබේ වාහනයේ rego free. (SBS සිංහල/වාර්තා)

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පසුගිය ජූලි මාසයේ සිට බල ගැන්වෙන බව ප්‍රකාශ කෙරුණි.

Sydney's toll roads

General view of traffic on the Warringah freeway in Sydney Source: AAP

ඔස්ට්‍රේලියාවේ toll මාර්ග වල ධාවනය කරන වාහන සඳහා වාර්ෂික ලියා පදිංචි ගාස්තුව (rego )සඳහා මුදල් අය නොකිරීමට තීරණය කර තිබේ.

නමුත් මෙම වාසිය අත්වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි toll මාර්ග වල සතියකට ඩොලර් 25 ක් හෝ ඊට වඩා මුදලක් ගෙවමින් ධාවනය කෙරෙන රථ වාහන වලට බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඊයේ (20/11) නිවේදනය කළේය.

සිඩ්නි නුවර පිහිටා ඇති M2, M7, M4, M5, Eastern Distributor, Cross City Tunnel, Lane Cove Tunnel සහ Sydney Harbour Bridge හා Tunnel යන මාර්ග වල රථ වාහන ධාවනය කිරීමේදී toll ගාස්තු ගෙවිය යුතු වේ.

“ජනතාව toll මාර්ග තෝරාගන්නේ ඔවුන්ගේ කැමැත්ත මතම නෙමෙයි. ඔවුන් ජීවත් වන ප්‍රදේශය හා ඔවුන් ගේ සේවා ස්ථානයේ පිහිටීම ඊට ප්‍රධාන හේතු වෙනවා. මේ හේතු නිසාම ඔවුන් මත ඇති පීඩනය ලිහිල් කිරීමට අපි උත්සාහ ගත්තා.” යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

සිඩ්නි නුවර ඇතැම් toll මාර්ග වල සම්මත ගාස්තුවක් ඇති නමුත් ඇතැම් toll මාර්ග වල ගාස්තු ගණනය කෙරෙනුයේ අදාළ දුර ප්‍රමාණ වලට බව ද ඇය පැවසුවාය.

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!! සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

පහත දැක්වෙන්නේ Class A වර්ගයේ වාහන සඳහා සිඩ්නි නුවර ප්‍රධාන toll මාර්ග අය කරන ගාස්තු වේ.

Sydney's toll roads
Source: ABC Australia

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාර්ෂික මෝටර් රථ ලියා පදිංචි ගාස්තුව ඩොලර් 358 ත් ඩොලර් 700 ත් අතර වන බවත් එය වාහනයේ නිෂ්පාදනය සහ මාදිලිය මත වෙනස් වන බවත් ප්‍රාන්ත අගමැතිනී  Berejiklian පෙන්වා දුන්නාය.

මීට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ WestConnex යටතේ ඉදිවන මාර්ග වල මෙන්ම යෝජිත F6 හා Northern beaches උමගේද toll ගාස්තු අය කෙරන බව පැවසේ.

“අපි ඉදිරියේදී තවත් බොහෝ මාර්ග ඉදිකිරීමට අපේක්ෂා කරනවා. Toll ගාස්තු හේතුවෙන් ජනතාව පීඩාවට පත් කිරීමට අපි අපේක්ෂා කරන්නේ නැහැ.” යනුවෙන් ප්‍රාන්ත අගමැතිනී  Berejiklian පැහැදිලි කළාය.

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම පිළිබඳ ප්‍රාන්ත අගමැතිනිය එහිදී හෙළි නොකළ නමුත් රියදුරන් දහස් ගණනක්  මෙම වැඩපිළිවෙළට යොමු වෙතැයි ඇය අපේක්ෂා කරයි.

මේ හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ toll මාර්ග භාවිතය ඉහළ යනු ඇතැයිද ඇය විශ්වාස කරයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පසුගිය ජූලි මාසයේ සිට බල ගැන්වෙන බව ප්‍රකාශ කෙරුණි.

SBS සහ ABC පුවත් ඇසුරෙනි.

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!! සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

2 min read

Published

Updated

By Madhura Seneviratne, Stergos Kastelloriou




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now