SKIP TO MAIN CONTENT

බාලගිරි දෝෂයට ලක්ව තිබූ මෙල්බන් ගුවන්තොටුපොළ වෙත දිව යන දුම්රිය මාර්ගය යළි පණ ලබයි. (SBS සිංහල/වාර්තා)

2026 වසරේදී විවෘත කිරීමට අපේක්ෂිත Metro දුම්රිය උමගේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතරතුර මෙහි ඉදිකිරීම්ද සිදු කිරීමට නියමිතය.

Melbourne Airport rail
Source: The Age

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ Southern Cross දුම්රිය ස්ථානය අතර සෘජු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි දශකය ඇතුළත ආරම්භ කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (23/11) නිවේදනය කළේය.

ඒ අනුව මෙම දුම්රිය මාර්ගය වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට විශාල ප්‍රතිලාභ අත්කරදෙනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.

මෙල්බන් ගුවන් තොටුපොළ දුම්රිය සේවය නිසා Geelong සහ Ballarat දුම්රිය මාර්ග වලටද යම් සහනයක් ලැබෙනු ඇති අතර එම නගර ද්විත්වය සහ මෙල්බන් නගරය අතර ගමන් කාලයද අඩු වනු ඇත.

ඒ අනුව මෙල්බන් සහ Geelong අතර ගමන් කාලය මිනිත්තු 40 කට අවම කාලයකට අඩු වන බවද සඳහන්.

Geelong හි අද පැවති වික්ටෝරියානු ප්‍රාන්තයේ වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සැසියේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews මේ බව සඳහන් කළේය.

ඒ අනුව 2026 වසරේදී විවෘත කිරීමට අපේක්ෂිත Metro දුම්රිය උමගේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතරතුර මෙහි ඉදිකිරීම්ද සිදු කිරීමට නියමිතය.

Metro දුම්රිය උමගේ ඇස්තමේන්තු ගත වියදම ඩොලර් බිලියන 11.3 කි.

මෙම මෙල්බන් ගුවන් තොටුපොළ දුම්රිය මාර්ගය සැලසුම් කරනු ලැබුවේ 1960 මැද භාගයේදීය.

මෙම නව දුම්රිය් මාර්ගය භාවිතය මිල අධික එකක් නොවිය යුතු බවත් සංචාරකයින්, ව්‍යාපාරිකයින් මෙන්ම සේවා ස්ථාන සඳහා යන ජනතාවද එකලෙස මෙය භාවිතා කරන බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews සඳහන් කළේය.

ඊට අමතරව මෙය බටහිර හා උතුරු වික්ටෝරියාව විවෘත කිරීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

The Age ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now