වත්මන් තත්ත්වය (28/11 : 0000 AEDT)
පසුගිය සෙනසුරාදා (25/11) පැවති ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලින් කම්කරු පක්ෂයට ආසන 44 ක ජය හිමිවී ඇති අතර ලිබරල් පක්ෂයට ආසන 36 ක ජය හිමිවී තිබේ.
එමෙන්ම One Nation පක්ෂය එක් ආසනයක්ද Katter's Australia පක්ෂය ආසන දෙකක්ද දිනා ගැනීමට මේ වන විට සමත් වී තිබේ.
ස්වාධීන පක්ෂයක් තවත් ආසනයක් මේ වන විට ජයගෙන ඇති බවට සඳහන්.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මුළු ආසන සංඛ්‍යාව ආසන 93 ක් වන අතර ඉන් බහුතරය වන ආසන 47 ක් දිනාගැනීමට තම පක්ෂයට හැකිවනු ඇතැයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නායිකා සහ ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk විශ්වාසය පළ කරයි.
ඒ අනුව ක්වීන්ස්ලන්තයේ නැවතත් කම්කරු පක්ෂ ආණ්ඩුවක් බිහිවන ලකුණු පෙනෙන්නට තිබෙන බව වාර්තා වේ.
මේ වන විට තවත් මැතිවරණ බල ප්‍රදේශ 9 ක ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබේ.

අගමැති ටර්න්බුල් One Nation ඡන්ද දායකයින්ට දෙහි කපයි.
මෙවර ක්වීන්ස්ල්නත ප්‍රාන්ත මැතිවරණයේ දී කම්කරු පක්ෂයට රජයක් පිහිටුවීමට ඉඩ සැලෙසන අන්දමේ වාතාවරණයක් ඇති කර දුන්නේ One Nation පක්ෂය බවත් එම පක්ෂයට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයින් ඇතිවී ඇති තත්ත්වයට වගකිව යුතු බවත් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් චෝදනා කරයි.
“තමන්ගේ ඡන්දය රිසිසේ භාවිතා කිරීමට ඕනෑම කෙනෙකු හට අයිතියක් තිබෙනවා. නමුත් මෙම මැතිවරණයේදී One Nation පක්ෂයට ඡන්දය දුන්නා කියන්නේ ඔවුන් කම්කරු පක්ෂයට සහය දුන්නා වගේ වැඩක්.” යනුවෙන් අගමැති ටර්න්බුල් තව දුරටත් පැහැදිලි කළේය.
නමුත් සමස්ත ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති අර්බුද මෙවර් ක්වීන්ස්ලන්ත මැතිවරණ ප්‍රතිඵල වලින් නිරූපණය කරන බව කම්කරු පක්ෂ නායක සහ විපක්ෂ නායක Bill Shorten පවසයි.

ලිබරල් පක්ෂය One Nation පක්ෂය සමග දීග නොයන බව ස්ථිරයි.
ක්වීන්ස්ලන්තය තුළ ලිබරල් පක්ෂය One Nation පක්ෂය සමග සන්ධානගත වීම ඇත්තෙන්ම විෂ සහිත ක්‍රියාවක් බව මධ්‍යම රජයේ නීතිපති George Brandis පෙන්වා දෙයි.
ඊයේ (27/11) පැවති සෙනට් සභා සැසියේදී ලිබරල් පක්ෂය One Nation පක්ෂය සන්ධානගත වනවාදැයි ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ක්වීස්නල්න්ත ප්‍රාන්තයේ ලිබරල් පක්ෂ නායක Tim Nicholls ගේ නායකත්වය මෙම ප්‍රතිඵල වලින් අනතුරුව අහිමිවී යනු ඇතැයිද වාර්තා පවසයි.
කෙසේනමුත් ලිබරල් පක්ෂය ක්වීන්ස්ලන්තය තුළ මේ ලද පසුබෑම Tim Nicholls මත පමණක් පැටවිය නොහැකි බවත් එයට සමස්ත පක්ෂයම වගකිව යුතු බවත් නීතිපති George Brandis පවසයි.

ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තුවේ හැන්ද තිබෙන්නේ සුළු පක්ෂ අතේද?
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් සුළු පක්ෂ වල හා ස්වාධීන මන්ත්‍රීවරුන් ගේ සහය තීරණාත්මක බව Katter Australia පක්ෂය පවසයි.
Katter Australia පක්ෂය මේ වන විට ආසන දෙකක් ජයගෙන තිබේ.
මේ අතර කම්කරු පක්ෂයට බහුතරය අවශ්‍යනම් One Nation පක්ෂය සමග සන්ධානගතව එක්සත් පෙරමුණක් ලෙස සහය දීමට Katter Australia පක්ෂය සූදානම් බව එහි නායක Rob Katter පවසයි.
ක්වීන්ස්ලන්ත මැතිවරණ ඉතිහාසයේ ප්‍රධාන පක්ෂ ද්විත්වය මෙවැනි අපහසු තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්තාව මෙය බවද ඔහු පෙන්වා දෙයි.

කිසිදු සුළු පක්ෂයක් සමග දීග නොයන බව Annastacia Palaszczuk පවසයි.
ක්වීන්ස්ලන්තය තුළ රජයක් පිහිටුවීමට කිසිදු සුළු පක්ෂයක් සමග හෝ ගිවිසුමකට එළඹෙන්නට අදහසක් නොමැති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නායිකා සහ ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි.
නමුත් කම්කරු පක්ෂයට ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 47 ක් දිනාගැනීමට නොහැකි වුවහොත් Palaszczuk හට සුළු පක්ෂ වල හෝ ස්වාධීන මන්ත්‍රීවරුන් ගේ සහය ලබා ගැනීමට සිදුවනු ඇති බවද පැවසේ.

One Nation සිහිනය බොඳවූ හැටි.
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ආන්දෝලනාත්මක පක්ෂයක් වන One Nation පක්ෂයේ ප්‍රධාන මැතිවරණ බල කලාපයක් ලෙස ක්වීන්ස්ලන්තය සැලකෙන අතර ඔවුන්ට මෙවර මැතිවරණයේදී විශාල පෙරලියක් සිදු කිරීමට හැකි වනු ඇති බවට අනාවැකි පළ වන්නට විය.
මේ අතර මෙවර මැතිවරණයෙන් මුළු ආසන 93 න් ආසන 10 ක් පමණ ජය ගැනීමට අපේක්ෂා කළ One Nation පක්ෂයට මේ වන විට ලැබී ඇත්තේ එක් ආසනයක් පමණි.
මුස්ලිම් විරෝධී සහ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් දැඩි ලෙස අනුගමනය කරන One Nation පක්ෂය මේ වන විට ක්වීන්ස්ලන්තයේ ප්‍රකාශිත ඡන්ද වලින් 13.7% ක් ලබා ගෙන ඇත.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

