තම දරු දෙදෙනා ද ඝාතනය කර සිය දිවි නසාගත් පර්ත් නුවර විසූ ශ්‍රී ලාංකිකයා පිළිබඳ මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවම මෙන්ම ශ්‍රී ලංකාවද කතා බහ කරයි.
පසුගිය සිකුරාදා පස්වරුවේ සිදුවූ මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් බටහිර ඔස්ට්‍රේලියා පොලීසිය විමර්ශන කරමින් සිටී.
මෙය ද්විත්ව ඝාතන සිය දිවිනසා ගැනීමක් බවට පොලීසිය සැක කරයි.
Highlights
- 40 හැවිරිදි ඉන්දික ගුණතිලක සහ ඔහුගේ හය හැවිරිදි පුත් කොහාන් මෙන්ම සිව් හැවිරිදි දියණිය ලිලී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
- දරු දෙදෙනා ගේ මළ සිරුරු නිවස තුළදී හමුවී ඇති අතර ඉන්දිකගේ මළ සිරුර නිවසේ ගරාජය තුළ තිබී හමුවී ඇත.
- මරණවලට නිශ්චිත හේතුව විමර්ශනය කරමින් පවතින අතර සිද්ධියට තුඩු දුන් සියලු සිදුවීම් අදාළ විමර්ශනයට ඇතුළත් වේ.
පොලිස් විමර්ශන
ඉන්දික ගුණතිලකගේ සහ දරු දෙදෙනාගේ මරණ සිදුවූ Huntingdale නිවාසය අපරාධ ස්ථානයක් ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලීසිය විසින් නම් කර ඇති අතර නිලධාරීන් කිහිපදෙනෙකු මේ වන විට එහි විමර්ශන කරමින් සිටී.
Homicide squad සහ ප්‍රාදේශීය රහස් පරීක්ෂකවරුන්ගේ සහාය ඇතිව මෙම විමර්ශනය දැනට ප්‍රධාන අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවනු ලැබේ.
මෙම ක්‍රියාවලිය තවමත් එහි මුල් අදියරේ පවතින බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සහකාර පොලිස් කොමසාරිස් Allan Adams පැවසීය
“මෙම කාරණය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් සෑම තොරතුරක්ම ඉතා වැදගත් විය හැකියි” ඔහු පැවසීය.
මෙම සිද්ධියේ සිදු වූ දේ නිසැකවම සොයා ගැනීමට විමර්ශකයින්ට සහාය වනු ඇතැයි ඔබ විශ්වාස කරන කිසියම් තොරතුරක් ඔබ සතුව ඇත්නම් ඒ පිළිබඳ කරුණාකර පොලීසියට දැනුම් දෙන ලෙසද සහකාර පොලිස් කොමසාරිස් Allan Adams ඉල්ලා සිටියේය.
Image
ඉන්දික පිළිබඳ නොකියවෙන කතා
තම පවුලේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ඉන්දික ගුණතිලක දිගු කලක පටන් මානසික අවපීඩනය හෙවත් විශාදය රෝගයෙන් පෙළුණු බවත් ඔහු ඊට ප්‍රතිකාර ගනිමින් සිටි බවත් වාර්තා වේ.
ඉන්දික ගුණතිලක නගර සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර 2014 දී ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට තොරතුරු සැලවේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන ඔහු බටහිර ඕස්ට්‍රේලියානු රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක කමිටු සාමාජිකයෙකු ද විය.
සමාජ මාධ්‍ය හරහා ඔහු ඉතා ක්‍රියාශීලී පුද්ගලයෙකු වූ බවත් ප්‍රජා කටයුතුවලට ද ඔහු ක්‍රියාකාරී දායකත්වයක් සැපයු බවත් වාර්තා වේ.
තම දරු දෙදෙනා ද සමගින් මුහුදු වෙරළක සිටින ඡායාරුපයක් ඉන්දික අවසන් වරට තම Facebook ගිණුමට එක් කර තිබුණි.
ඉන්දික ගායකයෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලාගෙන සිටියේය.
ඔහුගේ දෙමාපියන්ද මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින නමුත් ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව වාර්තා වේ.
ඉන්දික සහ ඔහුගේ දෙමාපියන් ඔස්ට්‍රේලියාව තුළත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාවටත් විශාල වශයෙන් ප්‍රජා වැඩකටයුතු සහ පුණ්‍ය කටයුතු සිදුකළ බව පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ SBS සිංහල ගුවන් විදුලියට පැවසුහ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

ඉන්දික ගුණතිලකගේ සහ දරු දෙදෙනාගේ ඛේදවාචකය
40 හැවිරිදි ඉන්දික ගුණතිලක සහ ඔහුගේ හය හැවිරිදි පුත් කොහාන් මෙන්ම සිව් හැවිරිදි දියණිය ලිලී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
ඉන්දික විවාහ වී සිටියේ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් සමග බවත් පවුලේ ගැටළු නිසා ඔවුන් දෙදෙනා වෙන් වෙන්ව වාසය කළ බවත් සඳහන්.
මෙම ඛේදවාචකය පිළිබඳව පොලිසිය මුලින්ම දැනුවත් කළේ දරුවන්ගේ මව දුරකතන ඇමතීමක් දීමෙන් බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සහකාර පොලිස් කොමසාරිස් Allan Adams පැවසීය.
දරුවන්ගේ මව එදින දරුවන් රැගෙන යාමට සැලසුම් කර තිබූ අතර ඔවුන් නොපැමිණි විට ඇය අනෙකුත් පවුලේ සාමාජිකයින් සම්බන්ධ කරගෙන ඉන්දික වාසය කළ Huntingdale නිවසට ගොස් සවස 6.35 ට පමණ පොලිසියට කතා කළ බව Allan Adams පැවසීය.
දරු දෙදෙනා ගේ මළ සිරුරු නිවස තුළදී හමුවී ඇති අතර ඉන්දිකගේ මළ සිරුර නිවසේ ගරාජය තුළ තිබී හමුවී ඇත.
මරණවලට නිශ්චිත හේතුව විමර්ශනය කරමින් පවතින අතර සිද්ධියට තුඩු දුන් සියලු සිදුවීම් අදාළ විමර්ශනයට ඇතුළත් වේ.
මිය ගිය අයගේ පවුලේ උදවියට ඊයේ දිනයේදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan ද සිය ශෝකය පළ කර සිටියේය.

