ගෘහස්ථ හා පවුල් හිංසන වලට මුහුණ දෙන ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍ර ලාභීන්ට සුබ ආරංචියක් (SBS සිංහල/ වාර්තා)

"කාන්තාවකගේ වීසා තත්ත්වය කුමක් වුවත් ප්‍රචණ්ඩත්වයෙන් සහ අපයෝජනයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය විටෙක ඇයට උපකාර ලබා ගත හැකි බව සහතික කිරීමට අපට අවශ්‍යයි." පසුගිය සතියේදී කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී Anne Ruston නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

20170614001309092786-original.jpg
ගෘහස්ථ හා පවුල් හිංසන වලට මුහුණ දෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 10 ක අරමුදල් වැඩි කිරීමක් ප්‍රකාශයට පත් කර තිබේ.

ගෘහස්ථ හිංසනයන්ට මුහුණදෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට උපකාර කිරීම පිණිස වැඩිපුර සම්පත් අවශ්‍ය බවට Family violence services හෙවත් පවුල් හිංසන සේවා දිගු කලක සිට ඉල්ලීම් කරමින් තිබුණි.


Highlights

  • කාන්තාවකගේ වීසා තත්ත්වය කුමක් වුවත් ප්‍රචණ්ඩත්වයෙන් සහ අපයෝජනයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය විටෙක ඇයට උපකාර ලබා ගත හැකි ක්‍රමයක් සැකසීම රජයේ අරමුණ වී තිබේ.
  • මුල්‍ය ප්‍රතිපාදන වලින් වැඩි ප්‍රමාණයක් තාවකාලික වීසා බලපත්‍රලාභීන් ආශ්‍රිත ක්‍රියාත්මක මාස 12 හේ රතු කුරුස නියමු ව්‍යාපෘතියට යොමු කෙරේ.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ පළමු lockdown කාලය තුළ තාවකාලික වීසා ලාභීන්ගෙන් හතරෙන් තුනක්ම ගෘහස්ථ හා පවුල් හිංසන වලින් මිදීමට උපකාර සොයා ඇත.

ගෘහස්ථ හා පවුල් හිංසන වලට මුහුණ දෙන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට අමතර උපකාර

ගෘහස්ථ හා පවුල් හිංසන වලට මුහුණ දෙන ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට රජයෙන් ලබාදෙන සුබසාධන දීමනා ලබාගැනීමට අවස්ථාව නොමැත.

සමාජ හුදකලාව, සීමා සහිත ඉංග්‍රීසි දැනුමක් තිබීම සහ වීසා සඳහා අනුග්‍රහයක් නොමැතිව තමන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටමං කරනු ඇතැයි යන කාරනා හේතුවෙන් බොහෝ තාවකාලික වීසා බලපත්‍රලාභීන් තමන් මුහුණ දෙන ගෘහස්ථ හිංසන සහ පවුල් හිංසන පිළිබඳ චෝදනා නොකර මග හැර යන බවක් පෙනෙන්නට තිබේ.

"කාන්තාවකගේ වීසා තත්ත්වය කුමක් වුවත් ප්‍රචණ්ඩත්වයෙන් සහ අපයෝජනයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය විටෙක ඇයට උපකාර ලබා ගත හැකි බව සහතික කිරීමට අපට අවශ්‍යයි." පසුගිය සතියේදී කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී Anne Ruston නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා බලපත්‍රලාභී කාන්තාවන්ට සහ ළමයින්ට ගෘහස්ථ හා පවුල් හිංසන සිදුවීම් පැමිණිලි කිරීමේදී සහ උපකාරක සේවා ලබාගැනීමේදී නිශ්චිත අභියෝගයන්ට මුහුණ දිය හැකිබව ද එම නිවේදනයේ සඳහන්.
In Australia, violence against women is called many different things, including domestic violence, family violence, intimate partner violence, sexual harassment and sexual assault.
家庭暴力可能对受害者或目击者的心理健康产生重大负面影响。 Source: Getty

රතු කුරුස නියමු ව්‍යාපෘතියට වැඩිපුර ප්‍රතිපාදන

ඉහත සඳහන් කළ මුල්‍ය ප්‍රතිපාදන වලින් වැඩි ප්‍රමාණයක් තාවකාලික වීසා බලපත්‍රලාභීන් ආශ්‍රිත ක්‍රියාත්මක මාස 12 හේ රතු කුරුස නියමු ව්‍යාපෘතියට යොමු කෙරේ.

ගෘහස්ථ හා පවුල් හිංසන වලට මුහුණ දුන් තාවකාලික වීසා බලපත්‍රලාභී කාන්තාවන්ට නවාතැන් පහසුකම්, ආහාර පාන, සෞඛ්‍ය රැකවරණය යනාදිය සැපයීමට $3,000 ක් දක්වා උපරිම මුදලක් ඒ හරහා ලබාදේ.

මෙම වැඩසටහන අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරෙන අතර පළමු වසර තුළ කාන්තාවන් 1,200 කට අධික සංඛ්‍යාවකට උපකාර කිරීමට අපේක්ෂිතය.

එලෙස සෘජුව උපකාර කිරීමට අමතරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අත්විඳින තාවකාලික වීසා බලපත්‍රලාභී කාන්තාවන් සඳහා අනාගත වැඩසටහන් සකස් කිරීමට මෙම නියමු වැඩසටහන පදනමක් ලෙස ද යොදා ගැනේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


සෙසු ප්‍රතිපාදන

වෙන් කරන ලද මුල්‍ය ප්‍රතිපාදන වලින් ඉතිරි ඩොලර් මිලියන 3.5 ක නව අරමුදල් ප්‍රජා සහ කාන්තා නීති මධ්‍යස්ථාන නවයක් වෙත ලබාදීමට තීරණය කර තිබේ.

ඒ හරහා පවුල් හිංසනයට මුහුණ දුන් කාන්තාවන්ට සංක්‍රමණ සහ නීති උපදෙස් ලබා ගැනීමට සහාය වනු ඇත.

"තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ප්‍රචණ්ඩත්වයෙන් මිදීමට උපකාර ලබා ගැනීම සඳහා විශාල බාධකවලට මුහුණ දෙන බව අප දන්නා බැවින් ඔස්ට්‍රේලියානු රජයේ මෙම ආයෝජනය අපි ඉතා අගය කරනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු රතු කුරුස සංගමයේ සංක්‍රමණ උපකාරක වැඩසටහන්වල ප්‍රධානියා වන Vicki Mau පැවසුවාය.

මෙම වැඩසටහන සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා පවුල් හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන් ට සහය සපයන අංශ සමඟ කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇය පැහැදිලි කළාය.

"පුද්ගලයෙකුගේ වීසා තත්ත්වය කුමක් වුවත් ඔවුන්ට අවශ්‍ය විටෙක උපකාර සහ සහාය ලබා ගත හැකි බව සහතික කිරීමට අපට අවශ්‍යයි." යනුවෙන්ද Vicki Mau පැවසුවාය.
domestic violence
Source: In Pictures Ltd./Corbis via Getty Images

තාවකාලික වීසා ලාභීන් 75% ක් උපකාර සොයයි

වික්ටෝරියානු ප්‍රාන්තයේ පළමු lockdown කාලය තුළ තාවකාලික වීසා ලාභීන්ගෙන් හතරෙන් තුනක්ම ගෘහස්ථ හා පවුල් හිංසන වලින් මිදීමට උපකාර සෙවූ බව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පසුගිය වසරේ එළිදැක්වූ වාර්තාවක් පෙන්වා දෙයි.

එයින් බොහොමයක් දෙනා කියා සිටියේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ හා හිංසන සම්බන්ධව පැමිණිලි කළහොත් ඔස්ට්‍රේලියාවෙන් ඔවුන්ව නෙරපා හරිවි යන බිය පවතින බවය.

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික වීසා ලාභීන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වූ අතර මූල්‍ය ආධාර ලබා ගැනීමටද නොහැකි විය.

පවුල් හිංසනයෙන් ගොදුරුවුවන්ට සේවා සපයන්නන්ට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී ප්‍රාන්ත සහ ටෙරිටරි වලට ඩොලර් මිලියන 150 ක අරමුදල් සපයා තිබේ.

Share

Published

Updated

By Maani Truu, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service