මෙල්බර්න් lockdown එකට හසුවී රැකියා අහිමිවී සිටින අයට සහන දීමනාවක්. සුදුසුකම් ලැබෙන අයගේ ලැයිස්තුව මෙන්න (SBS සිංහල/ වාර්තා)

සතියකට පැය 20 කට වඩා සේවය කරන පුද්ගලයින්ට $500 ක මුදලක්ද සතියකට පැය 20 ට වඩා අඩුවෙන් සේවය කරන පුද්ගලයින්ට $325 ක මුදලක්ද ලබාදෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.

Flinders station in Melbourne CBD

Melbourne goes into lockdown from midnight 15/7 Source: AAP Image/James Ross

lockdown එකට හසුවී රැකියා හෝ ආදායම් මාර්ග අහිමිවී සිටින මෙල්බර්න් වැසියන්ට ආදායම් සහන දීමනාවක් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මේ බව අද (03/06) පැවති මාධ්‍ය හමුවකදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison නිවේදනය කළේය.


Highlights

  • මෙල්බර්න් lockdown එකට හසුවී රැකියා හෝ ආදායම් මාර්ග අහිමිවී සිටින පුද්ගලයින්ට තාවකාලික COVID ආපදා ගෙවීමක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි.
  • නමුත් මෙම දීමනාව ලබාගැනීමට අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතු වේ.
  • මෙම දීමනාව ලැබීමට වයස අවුරුදු 17 ට වැඩි ඔස්ට්‍රේලියානු පුරවැසියකු, ස්ථිර පදිංචි ලාභියෙකු හෝ සුදුසුකම් ලත් රැකියා වීසා බලපත්‍ර ලාභියෙකු විය යුතුය.

තාවකාලික COVID ආපදා ගෙවීම

දින හතකට වඩා වැඩි කාලයක් lockdown එකට මුහුණ දී සිටින පුද්ගලයින්ට තාවකාලික COVID ආපදා ගෙවීම ලෙස සතියකට ඩොලර් 500 ක් දක්වා ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට බලපාන දීර්ග lockdown එකට ප්‍රතිචාර වශයෙන් මෙම තාවකාලික COVID ආපදා ගෙවීම සතිපතා සිදු කෙරේ.
ඒ අනුව සතියකට පැය 20 කට වඩා සේවය කරන පුද්ගලයින්ට $500 ක මුදලක්ද සතියකට පැය 20 ට වඩා අඩුවෙන් සේවය කරන පුද්ගලයින්ට $325 ක මුදලක්ද ලබාදෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.
නමුත් මෙම lockdown එකෙන් වඩාත්ම අවදානමට ලක්වූ පිරිස් වන රැකියා අහිමිවූ casual හෙවත් අනියම් සේවකයින්ට, සංක්‍රමණික සේවකයින්ට සහ රැකියා කරන ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට මෙම දීමනාව නොලැබීම පිළිබඳ වෘත්තීය සමිති සහ සුබ සාධන සංගම් මධ්‍යම රජයට චෝදනා කරයි.
Prime Minister
emergency national cabinet meeting Source: AAP

තාවකාලික COVID ආපදා ගෙවීම ලැබීමට සැපිරිය යුතු අවශ්‍යතා

මෙම තාවකාලික COVID ආපදා ගෙවීම ලබාගැනීමට සුදුසුකම් කිහිපයක් සැපිරිය යුතු වේ.

එම සුදුසුකම් පහත පරිදි වේ.

  • lockdown කාලය තුළ තමන් සාමාන්‍යයෙන් රැකියාව කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් lockdown එක නිසා ආදායම අහිමිවූ බවට ස්වයං ප්‍රකාශයක් කිරීම.
  • වයස අවුරුදු 17 ට වැඩි ඔස්ට්‍රේලියානු පුරවැසියකු, ස්ථිර පදිංචි ලාභියෙකු හෝ සුදුසුකම් ලත් රැකියා වීසා බලපත්‍ර ලාභියෙකු (working visa holder) විය යුතුය.
  • විශේෂ වසංගත අසනීප නිවාඩු ඇතුළුව තමන්ට ඇති සියලුම නිවාඩු අවසන් බවට සනාථ කළ යුතුය.
  • තමන් සතුව ඇති Liquid assets හෙවත් ද්‍රවශීල වත්කම ඩොලර් 10,000 ට වඩා අඩු බවට ප්‍රකාශ කළ යුතුය.
  • තමන්ට වෙනත් ආදායම් සහන දීමනාවක් හෝ වසංගත ගෙවීමක් නොලැබිය යුතුය.
  • Commonwealth hotspot එකක් හෙවත් කොරෝනා මර්මස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් මේ සඳහා අයදුම් කිරීමට අවසර ලැබේ.

තාවකාලික COVID ආපදා ගෙවීම පිළිබඳ මිශ්‍ර අදහස්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වාදුන් තාවකාලික COVID ආපදා ගෙවීම පිළිබඳ මිශ්‍ර අදහස් ව්‍යාපාරික වෘත්තීය සමිති හා සුබ සාධන ක්ෂේත්‍රවල ප්‍රකාශයට පත් වෙමින් තිබේ.

මේ වන විට බොහෝ වික්ටෝරියානු පවුල් සහ ව්‍යාපාර මුහුණ දී සිටින දරුණු තත්වයෙන් මිදීමට මෙම ගෙවීම ඉවහල් වන බව ඔස්ට්‍රේලියානු කර්මාන්ත සමූහයේ ප්‍රධාන විධායක Innes Willox පැවසීය.

එමඟින් බොහෝ දෙනෙකුට තම බිල්පත් ගෙවීමට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීමට ඉඩ සලසන බවද ඔහු පැවසීය.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට 

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම ක්‍රියාවට ප්‍රශංසා කරන නමුත් මෙම ගෙවීම ප්‍රමාණවත් නොවන බවත් එහි “ස්විස් චීස්" වලට වඩා වැඩි සිදුරු ඇති බවත් වික්ටෝරියානු සමාජ සේවා කවුන්සිලයේ (VCOSS) ප්‍රධාන විධායක Emma King පැවසුවාය.

"ඔබ රැකියාව අහිමිවූ casual හෙවත් අනියම් සේවකයකු නම්, සංක්‍රමණික සේවකයෙකු නම්, රැකියාව අහිමිවූ සරණාගතයකු හෝ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු හෝ නම් මෙම දීමනාව ඔබට නොලැබේ. ඔබ දැනටමත් විරැකියාවෙන් පෙළෙන පුද්ගලයකු නම් ද ඔබට මෙම දීමනාව නොලැබේ." යනුවෙන් ද Emma King ප්‍රකාශ කළාය.

මෙම දීමනාව වැටුප් සහනාධාරයක් වෙනුවට ආදේශකයක් නොවන බවත්, පීඩාවට පත් වික්ටෝරියානු සේවකයින්ට lockdown එක ඉවත් කළ වහාම නැවත පැමිණීමට රැකියාවක් ඇති බවට සහතික නොවන බවත් ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ (ACTU) සභාපති Michele O'Neil පැවසුවාය.

Share

Published

Updated

By Rashida Yosufzai, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service