අලුතින් හමුවූ කොරෝනා පොකුර නිසා සිඩ්නි වැසියන්ට තම පවුලේ උදවිය සමග නත්තල සැමරිය හැකිද යන්න පිළිබඳ අවසන් තීරණය දෙසැම්බර් 23 දා (SBS සිංහල/ වාර්තා)

現時距離聖誕節只有兩天,對於雪梨的民眾來說,究竟在今年的聖誕節是否可以和家人一起慶祝,抑或要面對更嚴格的限制呢?

現時距離聖誕節只有兩天,對於雪梨的民眾來說,究竟在今年的聖誕節是否可以和家人一起慶祝,抑或要面對更嚴格的限制呢? Source: AAP

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුර අද (22/12) පස්වරුව වන විට ආසාදිතයින් 90 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඊයේ දිනය වන විට එම පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 83 දෙනෙකු වාර්තා වූ අතර අද දිනයේදී තවත් අලුතින් ආසාදිතයින් 7 දෙනෙකු ඊට එකතු විය.

Experts say there are 'double standards' in how certain COVID-19 rule breakers are treated.
Source: Getty Images AsiaPac

සිඩ්නි කොරෝනා පොකුර

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුර හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පුද්ගලයින් 44,446 ක් කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් වුනු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

එමෙන්ම අද දිනයේදී (22/12) සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 7 දෙනකු හමුවී තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

ඊට අමතරව තවත් ආසාදිතයෙකු අද දිනයේදී වාර්තා වී ඇති අතර එම පුද්ගලයා බටහිර සිඩ්නි හි සේවය කරන සෞඛ්‍ය සේවකෙයෙකු බවත් හෝටල් නිරෝධායනයට ගිය ජාත්‍යන්තර මගියෙකු ගෙන් කොරෝනා වයිරසය එම පුද්ගලයාට ආසාදනය වන්නට ඇති බවත් පැවසේ.

එම ආසාදනය ජාත්‍යන්තර සම්භවයක් සහිත වූ එකක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුවන බවද වාර්තා වේ.

මේ අතර එම සේවකයා හා සමීපව සේවය කළ තවත් පුද්ගලයෙකු හටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් එය හෙට දිනයේදී ප්‍රකාශ කරන ආසාදිතයින් සංඛ්‍යාවට ඇතුළත් කරන බවත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය පැවසීය.

සිඩ්නි වැසියන්ට තම පවුලේ උදවිය සමග නත්තල සැමරිය හැකිවේද?

සිඩ්නි වැසියන්ට තම පවුලේ උදවිය සමග නත්තල සැමරිය හැකිද යන්න පිළිබඳ හෙට (23/12) දිනයේදී නිවේදනය කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

"වයිරසය පැතිරී යන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් දැනට තිබෙනවා. වැඩි ප්‍රමාණයකින් කොවිඩ් පරීක්ෂණ සිදු කරගැනීමට ප්‍රජාවේ පුද්ගලයින් විශාල වශයෙන් ඉදිරිපත් වීම විශිෂ්ටයි. නමුත් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් ආ ගිය තැන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති හෙයින් වයිරසය පැතිරීමේ වැඩි අවදානමක් තිබෙනවා." යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

නිව් සුවත් වේල්ස් වැසියන් තමන්ට කොරෝනා රෝග ලක්ෂණ ඇතිදැයි විමසිල්ලෙන් සිටිය යුතු බවද ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

NSW Premier Gladys Berejiklian
NSW Premier Gladys Berejiklian Source: AAP

නව අනතුරු ඇඟවීම්

ආසාදිතයින් ආ ගිය ස්ථාන අතරට සිඩ්නි කලාපයේ කාය වර්ධන මධ්‍යස්ථාන, අවන්හල්, සුපිරි වෙළෙඳ සැල්, pubs  50 ක් පමණ නිව් සවුත් සෞඛ්‍ය අංශය විසින් හඳුනාගෙන කොරෝනා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අදාළ ස්ථාන අතරින් හමුවූ නවතම ස්ථානයක් ලෙස Paddington Elementary Deli and Cafe අවන්හල නම් කර ඇති අතර එහි සේවකයෙකු වයිරසයට ධනාත්මක වී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 17 සහ 19 දිනවල එම අවන්හලේ ආහාර ගැනීමට ගිය පාරිභෝගිකයින් අදාළ ආසදිතයාගේ ආශ්‍රිතයන් බවට නම් කර ඇති අතර වහාම ස්වයං නිරෝධායනය වී කොරෝනා පරීක්ෂාවන් සිදුකරගත යුතු බව දැනුම් දී ඇත.

දෙසැම්බර් 16, 17 සහ 18 යන දිනවල උදෑසන 7 සිට උදෑසන 8 දක්වා Blacktown  හි පිහිටි Bodyfit Gym කාය වර්ධන මධ්‍යස්ථානය වෙත ගිය පිරිස් සිටී නම් වහාම ස්වයං නිරෝධායනය වී කොරෝනා පරීක්ෂාවන් සිදුකරගත යුතු බව දැනුම් දී ඇත.

එලෙස කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකර ඇති සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් ලබාගන්න.


Share

3 min read

Published

Updated

By Maani Truu, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now