සිඩ්නි නුවරින් 17 දෙනකුගෙන් යුත් අලුත් කොරෝනා පොකුරක් මතුවෙයි, ආසාදිතයින් තවත් ඉහළ යන ලකුණු (SBS සිංහල/ වාර්තා)

People line up for COVID-19 testing at Mona Vale Hospital's walk-in clinic in Sydney's Northern Beaches.

People line up for COVID-19 testing at Mona Vale Hospital's walk-in clinic in Sydney's Northern Beaches. Source: AAP

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ නව කොරෝනා පොකුරක් හටගෙන තිබේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ වන විට එහි ආසාදිතයින් සංඛ්‍යාව 17 ක් දක්වා වර්ධනය වී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තම්න්තුව පවසයි.

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ කොරෝනා පොකුර

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ හටගෙන ඇති කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ (17/12) වන විට වාර්තා විය.

එම කොරෝනා පොකුරේ ප්‍රභවය සොයා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තම්න්තුව උත්සහ දරමින් සිටියි.

අදාළ ප්‍රදේශයේ වැඩි දුර කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තම්න්තුව පියවර ගෙන තිබේ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල වෙසෙන වැසියන්ට ඉදිරි දින 3 ක කාලය නිවසටම වී සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


අත්‍යවශ්‍ය හේතුවක් හැරුණුකොට වෙනත් අයෙකු ගේ නිවසකට යාම හෝ Aged Care මධ්‍යස්ථානයකට හෝ රෝහලකට හෝ නොයන ලෙසත් සමාජ ශාලා, අවන්හල්, ආපන ශාලා, දේවස්ථාන සහ කාය වර්ධන මධ්‍යස්ථාන වැනි ඉහළ අවදානම් ස්ථාන වෙත නොගොස් සිටින ලෙසත් අදාළ ප්‍රදේශ වල ජනතාවගෙන්  සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති.

එමෙන්ම උතුරු වෙරළ තීරයට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස සිඩ්නි වාසීන්ට ද මේ වන විට දැනුම් දී තිබේ.

දැනට ඇති සොයාගැනීම්

ඊයේ (17/12) දිනයේදී මෙම පොකුරට සම්බන්ධ නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු පිළිබඳ විස්තර නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් සොයාගෙන තිබේ.

Avalon Beach හි Pittwater Palms aged care මධ්‍යස්ථානයේ සේවය කරන 50 වන වියෙහි පසුවන කාන්තාවකට සහ ඇයගේ සහකරුට මෙන්ම Nothing-Too Serious සංගීත කණ්ඩායමේ drums වාදනය කරනු ලබන Frenchs Forest හි පදිංචි 60 වන වියෙහි පසුවන පිරිමි පුද්ගලෙයකු හට එලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

තවමත් හඳුනා නොගත් ආසාදිතයෙකු හරහා Avalon RSL හි දී පසුගිය සිකුරාදා අදාළ drums වාදකයා ට, 60 වන වියෙහි පසුවන කාන්තාවකට හා 70 වන වියෙහි පසුවන පිරිමි පුද්ගලයකු හට වයිරසය සම්ප්‍රේෂණය වන්නට ඇතැයි උපකල්පනය කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීනී Kerry Chant පැවසුවාය.

පසුව එම 60 හැවිරිදි කාන්තාව පසුගිය ඉරිදා Avalon Bowlo වෙත ගොස් ඇති අතර එහිදී ඉහත සඳහන් කළ 50 වන වියෙහි පසුවන කාන්තාවට සහ ඇයගේ සහකරුට වයිරසය සම්ප්‍රේෂණය වන්නට ඇතැයි අනුමාන කෙරේ.

NSW Premier Gladys Berejiklian addresses media during a COVID-19 update in Sydney.
NSW Premier Gladys Berejiklian addresses media during a COVID-19 update in Sydney. Source: AAP

ස්ථාන කිහිපයකට කොරෝනා අනතුරු ඇඟවීම්

මේ සිදුවීමත් සමග Pittwater Palms aged care මධ්‍යස්ථානය, Avalon RSL සහ සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය වෙත කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

ඊයේ දිනයේදී එම ප්‍රදේශයේ අපද්‍රව්‍ය පරීක්ෂාවක් සිදුකර ඇති අතර ඒ මගින් ප්‍රදේශයේ වයිරස් කොටස් කිසිවක් අනාවරණය නොවූ බව හෙළි විය.

ඒ අනුව මෙම ආසාදනය වීම එම ප්‍රදේශයට අලුතින් පැමිණ ඇතැයි විශ්වාස කෙරේ.

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ ජනතාව මෙවේලෙහි සෞඛ්‍ය උපදේශ අනුගමනය කළ යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තම්න්තුවේ නියෝජිත වෛද්‍ය Jeremy McAnulty පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට යළිත් ප්‍රාන්ත සීමා

මෙම නව කොරෝනා පොකුර හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර ප්‍රාන්ත සීමා නැවතත් තර කිරීමට බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් දින 14 ක් නිරෝධායනය විය යුතුවේ.

මේ අතර සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයට ගිය වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් සිටී නම් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකර ප්‍රතිඵල පැමිණෙන තෙක් හුදකලා වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉල්ලා සිටියි.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ද සිඩ්නි කොරෝනා පොකුර අධීක්‍ෂණය කරමින් සිටින බව සඳහන්.

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ හටගෙන ඇති කොරෝනා පොකුර පිළිබඳ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය ද විමසිල්ලෙන් සිටින බවත් එය තවත් වර්ධනය වුවහොත් ප්‍රාන්ත දෙක අතර සීමා පැනවීමට අපේක්ෂා කරන බවත් වාර්තා වේ.

මේ මොහොතේ සෞඛ්‍ය උපදෙස් මත තම රජය කටයුතු කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති Steve Miles පැවසීය.


Share

4 min read

Published

Updated

By Maani Truu, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now