ඔස්ට්‍රේලියාවේ මෙවර ලැව් ගිනි හටගැනීම සහ ඒවා පැතිරීම මෑත ඉතිහාසයේ අන් කෙදිනකටත් වඩා විශාල ලෙස වර්ධනය වී තිබේ.
නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා, බටහිර ඔස්ට්‍රේලියා යන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 5 ක පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා තවමත් බරපතල අන්දමින් ලැව් ගිනි හටගනිමින් පවතී.
මෙම ලැව් ගිනි පිළිබඳ ඔස්ට්‍රේලියානුවාසීන් පුදුමයට සහ කම්පනයට පත්වන අතරේ ලෝක ජනතාවද පුදුමයට සහ කම්පනයට පත්වෙමින් ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ මෙවර ලැව් ගිනි ගැන ලෝක ජනතාව පුදුම වූ හැටි
මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිසා මිනිස් ජීවිත 10 ක් අහිමිවී ගොස් ඇති අතර හෙක්ටයාර මිලියන 4 කට අධික භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව නිල වශයෙන් ගණනය කර ඇත.
ලොව ප්‍රසිද්ධ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලෝක ජනතාව ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇතිවී ඇති ප්‍රදේශ වල විශාලත්වය තමන්ගේ රටවල විශාලත්වයත් සමග සංසන්දනය කරනු ලැබූ අයුරු අපට දක්නට ලැබුණි.

එහිදී එක් පුද්ගලයෙකු පවසා සිටියේ ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇතිවී ඇති ප්‍රදේශ වේල්ස්යටත් වඩා විශාල බවය.
එමෙන්ම බෙල්ජියම සහ ලක්සම්බර්ගය එක්ව ගත්තත් අයර්ලන්තයේ වර්ග ප්‍රමාණය ගත්තත් ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇතිවී ඇති ප්‍රදේශ ඊට වඩා විශාල බව ඔහු රූප සටහන් ආශ්‍රයෙන් තම twitter ගිණුමේ සටහන් කර තිබුණේ පහත අයුරිනි.

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වල කෘරත්වය නිරූපණය කරන ඡායාරූප කිහිපයක්ද සමගින් තවත් යුවතියක් තම twitter ගිණුමේ එක් කළ සටහනටද ලෝකයේ වැඩි අවධානයක් යොමුවී තිබේ.

ලැව් ගිනි නිසා විනාශ වී ඇති ප්‍රදේශ බොහොමයක් ඔස්ට්‍රේලියාවේ ජනගහනය විශාල වශෙයන් වාසය කරන පෙදෙස් වීම පිළිබඳ මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ගිනි ගෙන දැවෙන සිතියමක් යුරෝපයේ සිතියමක් මත තබමින් තවත් පුද්ගලයෙකු සටහන් කළ twitter සටහනක් වෙතද බහුතරයකගේ විශේෂ අවධානය යොමු වෙමින් පවතී.

මේ අතර finesunflower නමැති twitter ගිණුමේ ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි සම්බන්ධ විවිධ ඡායාරූප පළ කර ඇති අතර එයට මේ වන විට re-tweets 12,000 කට අධික සංඛ්‍යාවක්ද likes 33,000 ක් පමණද ලැබී ඇත.


