අද (31/12) මධ්‍යම රාත්‍රිය වන විට ලෝකය මත වෙසෙන ජනගහනය බිලියන 7.75 ක් වනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව 2020 නව වසරට පෘථිවිය පියමනින්නේ බිලියන 7.75 ක මානව සම්පතක්ද සමගිනි.

ලෝක ජනගහනය බිලියන 7.75 ක් දක්වා ඉහළට
2019 දෙසැම්බර් 31 දින රාත්‍රිය වන විට ලෝක ජනගහනය බිලියන 7.75 ක් දක්වා ඉහළ යනු ඇතැයි ජර්මනියේ ලෝක ජනගහනය සඳහාවූ පදනම හෙවත් DSW සංවිධානය ඇස්තමේන්තු ගත කර තිබේ.
ඒ අනුව පසුගිය වසරට වඩා මේ වසරේ මිලියන 83 ක ජනගහනයක් වැඩිවී ඇතැයි ඔවුහු පවසති.
DSW සංවිධානයේ අධ්‍යනයට අනුව සෑම තත්ත්පරයකදීම ලෝක ජනගහනය සාමාන්‍ය වශයෙන් මිනිසුන් 2.6 බැගින් වර්ධනය වන බව අනාවරණය වී තිබේ.
එම අගය ලබාගෙන ඇත්තේ උපත් සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු කිරීමෙනි.
මේ අතර වසර 2023 වන විට ලෝක ජනගහනය බිලියන 8 සීමාවට ලඟා වනු ඇතැයි ද වාර්තා වේ.
ගෝලීය දරුවන් ලැබීමේ අනුපාතිකය 2.4 ක් වන නමුත් අප්‍රිකාවේ කාන්තාවන්ට ළමුන් ලැබීමේ අනුපාතිකය 4.4 ක් බව DSW සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම මේ වන විට බිලියන 1.3 ක් වන අප්‍රිකාවේ ජනගහනය වසර 2050 දී බිලියන 2.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරයි.

වසර 2050 වන විට ලෝක ජනගහනය
වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.7 ක් පමණ වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරයි.
එහිදී ඉහළ ජනගහන වර්ධනයක් සිදුවන්නේ ලෝකයේ දිළිඳු රටවලින් බවද පැවසේ.
එමෙන්ම මෙම සියවස අවසන් වන විට ලෝක ජනගහනය බිලියන 11 සීමාවට එනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජීය කටයුතු අංශය පවසයි.
මේ අතර වසර 2050 දක්වා සිදුවන ලෝක ජනගහනය වර්ධනයෙන් හරි අඩකටත් වඩා වගකීමක් රටවල 9 ක් විසින් දරනු ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව එහිදී වැඩිම ජනගහන වර්ධනයකට හිමිකම් කියන්නේ ඉන්දියාව වන අතර නයිජීරියාව සහ පාකිස්තානය ලැයිස්තුවේ දෙවැනි හා තෙවැනි ස්ථාන ගනී.
කොංගෝ රාජ්‍යය, ඉත්යෝපියව, ටැන්සානියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෙසු රටවල ලෙස දැක්වෙයි.


