ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ දෙසැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ හයවන ආරාධනා පත්‍ර වටය ලෙසද මෙය වාර්තා වේ.

දෙසැම්බර් 11 ආරාධනා පත්‍ර වටය
2019 දෙසැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 250 ක් පමණක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවරද එම ප්‍රමාණය 2250 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.
පසුගිය සැප්තැම්බර්, අගෝස්තු සහ නොවැම්බර් මස 11 වන දින ක්‍රියාත්මක කෙරුණු ආරාධනා පත්‍ර වටවල ආරාධනා පත්‍ර 200 ට අඩු ප්‍රමාණයක් නිකුත් කර තිබුණි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව ඇත.
මෙය එතරම් සුබදායී තත්ත්වයක් නොවන බවද බොහෝ සංක්‍රමණික ඒජන්තවරුන් පවසයි. පසුගිය මාස අටක කාලය තුළ ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත EOI (expression of interest) ලකුණු 85ත් 95 ත් අතර විශාල ලෙස ඉහළ මට්ටමක පැවතිණි.

EOI ලකුණු මට්ටම විශාල ලෙස ඉහළට
පසුගිය මාස අටක කාලය තුළ ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත EOI (expression of interest) ලකුණු 85ත් 95 ත් අතර විශාල ලෙස ඉහළ මට්ටමක පැවතිණි.
නමුත් මෙවර ප්‍රධාන රැකියා හා වෘත්තීන් සඳහා වන EOI ලකුණු මට්ටම විශාල ලෙස ඉහළට ගොස් ඇත.
Accountants සඳහා වන EOI ලකුණු මට්ටම මෙවර ලකුණු 100 දක්වා ඉහළ නැග ඇති අතර IT වෘත්තීන් සඳහා වන EOI ලකුණු මට්ටම මෙවර ලකුණු 95 දක්වා ඉහළ නැග තිබේ.
නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ EOI ලකුණු මට්ටම ලකුණු 100 කරා ළඟාවූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.
මෙලෙස EOI ලකුණු මට්ටම ඉහළ යාමට ආරාධනා පත්‍ර ප්‍රමාණය දැවැන්ත ලෙස කප්පාදු කිරීම මෙන්ම පසුගිය නොවැම්බර් 16 සිට ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රාජ්‍ය විසින් හඳුන්වා දුන් නව ලකුණු ක්‍රමය බලපා ඇත.
මෙම නව ලකුණු ක්‍රමයට අනුව නිපුණතාවන් සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් සහිත සහකරුවන්/සහකාරියන් සිටින සහ තනිකඩයන් හට වැඩි ලකුණු පිරි නැමේ.

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (Occupation ID - 2211) සඳහා 19/11/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 100 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 27/05/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 27/11/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 30/11/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 29/11/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන ජනවාරි 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.


