ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් 200 අධ්‍යක්ෂ මණ්ඩල වල කාන්තා නියෝජනය 30% ක ප්‍රතිශතයක් කරා ගොස් ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට මෙම 30% මට්ටමට කාන්තා නියෝජනය පැමිණි බව සඳහන්.

Female designers fist bumping in conference room meeting Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් වල කාන්තා නියෝජනය
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් වල ඉහළ පෙළේ තනතුරු සඳහා වැඩි කාන්තා නියෝජනයක් අවශ්‍ය බවත් ඒ පිළිබඳ සමාගම් ක්ෂේත්‍රය අවධානය යොමු කළ යුතු බවත් දිගු කලක පටන් මැසිවිලි නැගෙමින් පැවතිණි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳ පොළේ ඉහළ පෙළේ සමාගම් 200 යේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා 20% සිට 30% දක්වා කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බවට 2015 වසරේ අප්‍රේල් මාසයේදී Australian Institute of Company Directors ආයතනය ඉලක්ක සකස් කළේය.
එම ඉලක්කය 2018 වසර අග වන විට සපුරාගත යුතු බවට ඔවුන් විසින් සැලසුම් සකසන ලදී.
කෙසේනමුත්, එම ඉලක්කය වෙත යාමට ඉලක්කගත කාලයට වඩා අමතර වසරක් ගතවිය.

Source: Flickr
ඉතිහාසයේ පළමු වරට
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් වල ඉහළ පෙළේ තනතුරු සඳහා 30% මට්ටමේ කාන්තා නියෝජනයක් වාර්තා වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
ඒ පිළිබඳ තමන් ඇතුළු සියලුම කාන්තාවන් ආඩම්බර වන බව 30% කාන්තා සමාජයේ සභාපතිනී Nicola Wakefield Evans පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් වල ඉහළ පෙළේ තනතුරු සඳහා වන කාන්තා නියෝජනයේ මෙය පදනම පමණක් බවත් නැවතීමේ සීමාව නොවන බවත් ඇය පැහැදිලි කළාය.
එමෙන්ම මෙම සමාගම් 200 ට අමතරව අනෙකුත් සමාගම් සහ ආයතන වල පවා ඉහළ පෙළේ තනතුරු සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමට අප විසින් පීඩනයක් එල්ල කළ යුතු බවද ඇය පැවසුවාය.
මේ අතර ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳ පොළේ ඉහළ පෙළේ සමාගම් 200 න් සමාගම් 6 ක අධ්‍යක්ෂ මණ්ඩල සඳහා තවමත් කිසිදු කාන්තාවක් නොමැති බව ද වාර්තා වේ.
TPG Telecom, NRW Holdings, Pro Medicus, New Hope Corporation, Silver Lake Resources සහ Speedcast International එම සමාගම් වේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ඉහළම සමාගම් 20 සැලකු විට එහි අධ්‍යක්ෂ මණ්ඩල වල කාන්තා නියෝජනය 35% ඉක්මවා ඇති නමුත් කොටස් වෙළෙඳපොලේ සමස්ත සමාගම් දෙස බැලූ විට එම ප්‍රතිශතය 24% දක්වා පහත බැස ඇති බවත් වාර්තා වේ.

Source: SBS Sinhala