නත්තල් සහ නව අවුරුදු සමය උදාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළේ පිබිදීමක් (SBS සිංහල/ වාර්තා)

jobs market

Source: Getty Images

නත්තල් සහ නව අවුරුදු සමය උදාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළේ යම් පිබිදීමක් ඇතිවී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ කාලය වසරේ ඉහළම වෙළෙඳපොල ගනුදෙනු සිදුවන සමය හේතුවෙන් මෙලෙස ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළේ රැකියා අවස්ථා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

Coronavirus Supplement
Source: Flickr

විරැකියා අනුපාතය පහළට

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.3% සිට 5.2% දක්වා පහත බැස තිබේ.

ඔස්ට්‍රේලියාව පුරා රැකියා නියුක්තිය 39,000 කින් පමණ ඉහළ යාම ඊට හේතුව වේ.

රැකියා නියුක්ති වර්ධනයේ විශාල කොටස් කරුවා වන්නේ අර්ධ කාලීන රැකියා බවත් අර්ධ කාලීන රැකියා 35,700 ක් පසුගිය මාසය තුළ ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳ පොළට එක්වූ බවත් වාර්තා වේ.

විශේෂයෙන්ම නත්තල් සහ නව අවුරුදු සමය ඉලක්ක කරමින් මෙම රැකියා බිහිවූ බවට අනුමාන කළ හැකි බව පැවසේ.

jobs market
Image by Hiya Images/Corbis Source: Flickr

ප්‍රාන්ත මට්ටමින් රැකියා වර්ධනය

නොවැම්බර් මාසයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රැකියා 17,300 ක් අලුතින් බිහිවී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ 13,700 ක් බිහිවූ බව The Age පුවත් පත වාර්තා කරයි.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියා 2,800 ක් පමණ අහිමිවූ බවද සඳහන්.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේ පටන් මේ දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ  රැකියා 40,000 ක් පමණ අහිමිවී ඇති බවද වාර්තා වේ.

කෙසේනමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 4.7% දක්වා අඩුවී ඇති බවද සඳහන්.

මේ අතර වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල විරැකියා අනුපාතය 4.6% දක්වා පහත බැස ඇති බවද වාර්තා වේ.

නමුත් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 6.3% දක්වා ඉහළ ගොස් ඇති බවත් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සහ Northern Territory වල 5.8% දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

මේ අතර ටස්මේනියා ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 6% මට්ටමේද ACT හි 3.2% මට්ටමේද ස්ථායිව පවතින බව වාර්තා වේ.

ඊට අමතරව රැකියාවක් රහිත පුද්ගලයින්ගේ ප්‍රමාණය 16,800 කින් පමණ අඩුවී ඇති බවද නවතම දත්ත පෙන්වා දෙයි.

jobs market
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now