මෙල්බර්න් නුවර ප්‍රධාන මාර්ගයක් වන Eastern Freeway මාර්ගයේ කොටසක් වික්ටෝරියානු ප්‍රාන්තයේ උරුමයක් ලෙස සැලකීමට Heritage Victoria ආයතනය නිර්දේශ කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියානු ප්‍රාන්තයේ පවතින ප්‍රධාන Freeway මාර්ග අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා මෙම Eastern Freeway මාර්ගය, M3 මාර්ගය ලෙසද හැඳින්වේ.

Eastern Freeway වික්ටෝරියානු ප්‍රාන්තයේ උරුම ලැයිස්තුවට
Eastern Freeway මාර්ගයේ Hoddle Street සහ Bulleen Road අතර කලාපය වික්ටෝරියානු ප්‍රාන්තයේ උරුමයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් Heritage Victoria ආයතනය වෙත පසුගිය අගෝස්තු මස අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී.
එම කලාපයේ ඇති පැරණි බව සුවිශේෂී භාවය සැලකිල්ලට ගනිමින් එය වික්ටෝරියානු ප්‍රාන්තයේ උරුම ලැයිස්තුවට එක් කරන ලෙස එහිදී වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත.
ඒ අනුව වික්ටෝරියානු සංස්කෘතික ඉතිහාසයේ මෙම මාර්ගය සුවිශේෂී ස්ථානයක් ගන්නා නිසාවෙන් මේ ඒ පිළිබඳ නිර්දේශ කළ බව Heritage Victoria ආයතනයේ විධායක අධ්‍යක්ෂ Steven Avery, ABC පුවත් සේවයට පැවසීය.

Eastern Freeway මාර්ගය
Eastern Freeway මාර්ගයේ ඉදි කිරීම් කටයුතු 1972 වසරේ ආරම්භ වූ අතර වසර 5 ක් පුරාවට එම ඉදි කිරීම් සිදු කෙරිණි.
ඒ අනුව 1977 වසරේ එය මහජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා විවෘත කෙරිණි.
මෙල්බර්න් නගරය කරා දිවයන Freeway මාර්ග අතරින් මෙය අතිශය වැදගත් මාර්ගයක් වන අතර මෙල්බර්න් නගර අන්තයේදී එය Alexandra Parade සහ Hoddle Street අන්ත දෙකට බෙදී යයි.
Alexandra Parade සහ Hoddle Street අන්ත දෙකට බෙදී යන කලාපයේදී සමස්ත මාර්ගයම මංතීරු 12 කින් සමන්විත වන අතර එය මෙල්බර්න් කලාපයේ පළලින් වැඩිම Freeway මාර්ගය ලෙසද වාර්තා වේ.
මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන සමයේ අදාළ කලාප වල ජනතාව දැඩි විරෝධතා පැවැත්වූ අතර ඇතැම් විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවද වාර්තා විය.
මේ අතර Clifton Hill ප්‍රදේශයේදී Eastern Freeway මාර්ගයේ Western Ring Road මාර්ගය සමග සම්බන්ධ කරන East West Link මාර්ගය ඉදිකිරීමට තීරණය කර තිබේ.
මේ සඳහා මූලික ව්‍යාපෘති සැලසුම අත්සන් කරනු ලැබුවේ වසර 2014 දීය.
East West Link මාර්ගය ගාස්තු ගෙවා යන මාර්ගයක් (tollway) ලෙස කිලෝ මීටර් 18 ක් පුරාවට දිව යයි.


