ඔස්ට්‍රේලියාවේ විදුලිය බිල් ඉතිරි කරගැනීමට Advanced smart meters හඳුන්වා දීමට සැරසේ (SBS සිංහල/ වාර්තා)

Energy Bills

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ විදුලිය බිල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයින්ට සහය වීම පිණිස වත්මන් ලිබරල් සන්ධාන රජය නව ව්‍යාපෘතියකට මුදල් වෙන් කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙම නව ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මූලික අදියරේදී ඩොලර් මිලියන 2.7 ක් ආයෝජනය කිරීමට සූදානම් වේ.

Energy Bills
Source: Flickr

Advanced smart meters

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ජනතාවගේ විදුලිය බිල් ඉතිරිකරගැනීමට ඔවුන්ගේ විදුලිය පරිභෝජනය අධීක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදුවේ.

ඒ අනුව නිවෙස් වල මෙන්ම ව්‍යාපරික ස්ථාන හා පාසල් වල විදුලිය පරිභෝජනය අධීක්ෂණය කිරීම සඳහා Advanced smart meters හෙවත් අධි තාක්ෂණික විදුලිය මීටර් ස්ථාපනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහය ලබා දෙනු ඇත.

මෙය My Energy Marketplace වැඩසටහන නමින් නම් කර ඇත.

Australian Renewable Energy Agency (ARENA) විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

ඒ අනුව නිවෙස් වලට මෙන්ම ව්‍යාපරික ස්ථාන හා පාසල් වලට කොපමණ විදුලිය ප්‍රමාණයක් වැයවනවාද යන්න ඔවුන් නිරීක්ෂණය කරනු ඇත.

මූලික අදියරේදී මෙම ව්‍යාපෘතියට සහභාගී සහය දැක්වීමට ඔස්ට්‍රේලියාව පුරා නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 5000 ක් ද පාසල් 250 ක්ද කැමැත්ත පළ කර ඇති බව The Age පුවත් පත පවසයි.

මෙහිදී ලබාගන්නා දත්ත Australian Energy Market Operator (AEMO) ආයතනයට ද ලබා දෙන අතර නව බලශක්ති ප්‍රභවයන් හඳුන්වා දීමේදී පරිභෝජන අංශයෙන් මතුවන අභියෝග වලට විසඳුම් ඒ හරහා ඔවුන් අධ්‍යනය කිරීමට අපේක්ෂා කරයි.

Energy Bills
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි වල විදුලිය ගාස්තු අඩුවන ලකුණු

ඉදිරි වසර ත්‍රිත්වය තුළ ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි වල විදුලිය ගාස්තු අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ විදුලිය සැපයුම් වෙළෙඳපොලේ පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවන විදුලිය ප්‍රමාණය ඉහළ යාමත් ඒ සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් මත මෙලෙස ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත සහ ටෙරටරි වල විදුලිය ගාස්තු අඩුවනු ඇති බවට Australian Energy Market Commission හෙවත් AEMC ආයතනය පවසයි.

එහිදී පුනර්ජනනීය බලශක්තිය උපදවීම සඳහා අවශ්‍ය බැටරි, සුළං සහ සූර්ය බල උත්පාදන මධ්‍යස්ථාන සඳහා තවත් වැඩිපුර ආයෝජන ලැබුණහොත් ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට විදුලිය ගාස්තු තවත් අඩු මිලට ලබාදීමට හැකිවනු ඇතැයි AEMC ආයතනය පවසයි.

වසර 2022 ජුනි මාසය වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොණ දිග කලාපයේ විදුලිය ගාස්තු 20% කින් පහළ බසිනු ඇතැයි AEMC වාර්තාව පවසයි.

ඒ හරහා සාමාන්‍ය නිවසක වාර්ෂික විදුලිය ගාස්තු වලින් $278 ක ඉතිරියක් ලැබෙන බව සඳහන්.

Energy Bills
Source: Pixabay

ඊට අමතරව අනෙකුත් ප්‍රාන්ත වල මෙම විදුලිය ගාස්තු පහත බැසීමෙන් වාර්ෂිකව ලැබෙන ඉතිරිය පහත පරිදි වේ.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - $107
  • වික්ටෝරියා ප්‍රාන්තය - $53
  • ACT - $134
  • ටස්මේනියා ප්‍රාන්තය - $93
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - $27

නමුත් වසර 2022 වන විට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ විදුලිය ගාස්තු 6% කින් ඉහළ යාමට නියමිත බව ද AEMC වාර්තාව පවසයි.

ඒ අනුව 2022 වසරේ පටන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ජනතාවගේ වාර්ෂික විදුලිය බිලට අමතරව $102 ක් පමණ එකතු වන බව සඳහන්.

මේ අතර Northern Territory හි විදුලිය ගාස්තු පිළිබඳ ප්‍රමාණවත් දත්ත ලැබී නැති බවද ඔවුන් පවසයි.

Energy Bills
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now