ලොව පිළිගත් ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් වන PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණයේ ගාස්තු ඔස්ට්‍රේලියාව තුළ හෙට සිට (01/01) ඩොලර් 35 කින් වැඩිවන බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ලොව ප්‍රසිද්ධ IELTS ඉංග්‍රීසි පරීක්ෂණය මෙන්ම PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණය ද ජාත්‍යන්තර උසස් අධ්‍යාපන කටයුතු සහ සංක්‍රමණික කටයුතු සඳහා පිළිගැනෙන ඉංග්‍රීසි පරීක්ෂණයකි.

PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණයේ ගාස්තු වැඩිවෙයි
2020 ජනවාරි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණයේ ගාස්තු ඩොලර් 375 ක් දක්වා ඉහළ යන බව එම විභාගය මෙහෙයවන Pearson සමාගම පවසයි.
මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණයේ ගාස්තු පවතින්නේ ඩොලර් 340 ක් ලෙසිනි.
ඒ අනුව 2020 ජනවාරි 01 වන දින සිට සෑම PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණයක් සඳහාම අමතර ඩොලර් 35 ක මුදලක් ගෙවීමට අයදුම්කරුවන්ට සිදුවේ.
කෙසේනමුත්, 2019 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියට පෙර මුදල් ගෙවා ලබන වසර සඳහා වෙන් කරගන්නා PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණ සඳහා ඩොලර් 340 පැරණි මුදලම වලංගු වන බවද Pearson සමාගම පවසයි.
එම සියලු ගාස්තු GST ඇතුළත්ව සඳහන් කොට ඇත.
කෙසේනමුත්, PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණය සඳහා 2019 දෙසැම්බර් 31 තෙක් පවතින $425 ක Late Booking ගාස්තුව 2020 ජනවාරි 01 වන දින සිට $395 ක් වනු ඇති බවද Pearson සමාගම දන්වයි.

PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණය
ලොව පුරා රටවල 50 කට අධික සංඛ්‍යාවක මෙම PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණය පැවැත්වේ.
ඔස්ට්‍රේලියාවේ පහත නගර වලදී ඔබට මෙම පරීක්ෂණය සඳහා මුහුණ දිය හැකිය.
- Adelaide
- Brisbane
- Cairns
- Canberra
- Darwin
- Gold Coast
- Hobart
- Melbourne
- Perth
- Sydney
- Toowoomba

IELTS සහ PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණය
ජාත්‍යන්තර උසස් අධ්‍යාපන කටයුතු සහ සංක්‍රමණික කටයුතු සඳහා ලොව පිළිගත් IELTS ඉංග්‍රීසි පරීක්ෂණය මෙන්ම PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණය ද Speaking, Writing, Reading සහ Listening යනුවෙන් කොටස් 4කින් සමන්විතය.
එම කොටස් 4 යටතේ ප්‍රශ්න ඛාණ්ඩ 20 කට ඔබට මුහුණ දීමට සිදුවේ.
මෙහිදී Speaking, Writing, Reading සහ Listening යන සෑම කොටසක් සඳහාම පිරි නමන උපරිම මුළු ලකුණු ප්‍රමාණය 90 කි.
IELTS ලකුණු මට්ටම සහ PTE Academic ලකුණු මට්ටම පිළිබඳ සංසන්දනයක් පහත වගුවෙන් ඉදිරිපත් කෙරේ.

PTE Academic ඉංග්‍රීසි පරීක්ෂණය සම්පූර්ණයෙන් පරිගණකය ආශ්‍රිතව සිදු කෙරෙන පරීක්ෂණයකි.


