Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඉදිරියේදී කොරෝනා එන්නත ලබා නොගන්නා මගීන්ට තම ගුවන් යානා තහනම් වන බව Qantas සමාගම පවසයි (SBS සිංහල/වාර්තා)

A traveler walks in a mostly empty American Airlines terminal at the Los Angeles International Airport in May, 2020.

A traveler walks in a mostly empty terminal. Source: AAP

ඉදිරියේදී කොරෝනා එන්නත ලබා නොගන්නා මගීන්ට හට තම ගුවන් යානා තුල ගමන් කල නොහැකි බවට Qantas සමාගමේ ප්‍රධාන විධායක Alan Joyce සඳහන් කිරීමෙන් අනතුරුව, මෙලෙස රාජ්‍ය සම්මතයකින් තොරව ව්‍යාපාර සඳහා නීතිමය තීරණ ගත හැකිද යන ගැටලුව මතුව තිබේ.

සෙසු ව්‍යාපාර වලටත් මෙවැනි තීරණ ගත හැකිද යන්න පිළිබඳව මෙම ලිපියේ සාකච්චා කෙරේ


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඉදිරියේදී කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ජනතාව උද්යෝගිමත් කලද ඒ සඳහා මේ වනතෙක් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.කෙසේ නමුත් කොරෝනා එන්නත ලබා නොගන්නේ නම් එම පිරිස සඳහා නිසි සේවාවන් නොලැබී යනු ඇත්දැයි යන පැනයද Alan Joyce ගේ මෙම ප්‍රකාශය ඔස්සේ ඉස්මතුව තිබේ.

Qantas Group Chief Executive Officer Alan Joyce press conference following a results announcement in Sydney
Qantas Group Chief Executive Officer Alan Joyce Source: AAP

ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා එන්නත අනිවාර්යද?

කෙටි පිළිතුර වනුයේ "නැත" යන්නයි.

නමුත් ඔස්ට්‍ර්ලියානු රජය මෙම කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම සිදු කරයි.

කොරෝනා එන්නත අනිවාර්ය වනු ඇති බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පසුගිය අගෝස්තු මසදී සඳහන් කලද, එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ, ඔස්ට්‍ර්ලියානු රජය කිසිවෙකුටත් එන්නත ලබා ගැනීම අනිවාර්ය නොකරන බවයි.

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා එය අනිවාර්යද?

ඕස්ට්‍රේලියානුවන්ට එන්නත ලබාදීම අනිවාර්ය නොවූවද ජාත්‍යන්තරයෙන් පැමිණෙන පිරිස සඳහා කොරෝනා එන්නත අනිවාර්ය වනු ඇති බවට විශ්වාස කෙරේ. මේ සම්බන්ධයෙන් රජයේ එන්නත් කිරීමේ ප්‍රතිපත්තියෙහි මේ වනවිටත් සඳහන් කොට තිබේ.

ප්‍රතිශක්තීකරණය සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි සහායක් දක්වන අතර කොරෝනා එන්නත ලබාගැනීම දිරිගැන්වීම සඳහා ශක්තිමත් ව්‍යාපාරයක් දියත් කරනු ඇති අතර එන්නත ලබාගැනීමට අකමැති පුද්ගලයින් හට එය ලබා නොගෙන සිටීමටද හැකියාව පවතී.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය සහ සෙසු ප්‍රාන්ත රජයන් දේශසීමා ප්‍රවේශ සඳහා කොරෝනා වෛරස එන්නත අනිවාර්ය කරනු ඇති බවටද විශ්වාස කෙරේ.

තම රටට ඇතුල් වීම සඳහා එන්නත් ලබාගැනීම අවශ්‍ය බවට ඇතැම් රටවල් මේ වනවිටත් සඳහන් කොට තිබේ, ඕස්ට්‍රේලියානුවන් බ්‍රසීලයට යන විට "කහ උණ" එන්නත ලබාගත් බවට සාක්ෂි අවශ්‍ය වන බව Smart Traveller වෙබ් අඩවිය සඳහන් කිරීම මීට උදාහරණ වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු සෞක්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටියේ ජාත්‍යන්තරයෙන් පැමිණෙන්නන් අනිවාර්යයෙන්ම කොරෝනා එන්නත ලබාගැනීම හෝ නිරෝධායන කාලසීමාවකට යටත් වීම සිදු කලයුතු බවයි.

කෙසේ නමුත් අඩු ප්‍රතිශක්තියක් සහිත, කොරෝනා එන්නත ලබාගැනීමට නොහැකි පුද්ගලයින් හටද ඕස්ට්‍රේලියාවට පැමිණිය හැකි බව සෞක්‍ය අමාත්‍යවරයා පවසයි.

ගුවන් ගමන් අංශය කුමක් සිදු කරයිද?

Qantas සමාගමේ ප්‍රධාන විධායක Alan Joyce ගේ ප්‍රකාශය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට Qantas සමාගම ප්‍රතික්ෂේප කොට ඇති අතර Qantas සමගම ඇතුළු ගුවන් සමාගම් 297 කින් සමන්විත International Air Transport Association (IATA) සඳහන් කොට ඇත්තේ සියළුම ජාත්‍යන්තර සංචාරකයින් COVID-19 පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.

quantas airplane
Source: pexels.com/Pascal Renet
මගීන්ගේ එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන බලධාරීන් සහ ගුවන් ගමන් සමාගම් දැනුවත් විය හැකි App එකක් මේ වන විට සංවර්ධනය කෙරෙමින් පවතින අතර එය අවසන් අදියරේ පවතින බව වාර්තා වේ.මෙම App එක මෙම වසර අගදී අත්හදා බැලෙන අතර එය ලබන වසර මුලදී මුදාහැරීමට නියමිතව තිබේ.

සිය අදහස් පළකරමින් ඕස්ට්‍රේලියානු සංචාරක කර්මාන්ත කවුන්සිල ප්‍රධානී Simon Westaway සඳහන් කොට ඇත්තේ ජාත්‍යන්තර සංචාරකයින් කොරෝනා එන්නත ලබාගත යුතු අතර ඕස්ට්‍රේලියානු ගුවන්තොටුපලවල කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ඇරඹිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ව්‍යාපාර කුමක් කරයිද?

කොරෝනා වෛරසය සඳහා එන්නතක් අවම වශයෙන් ලබන වසරේ මාර්තු මාසය වනතෙක් ලබාගැනීමට නොහැකි වීම මත එන්නත් ලබාගැනීම පාරිභෝගිකයින් හට අනිවාර්ය කිරීමට තවමත් කල් වැඩි බව බලධාරීන් පෙන්වා දේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු දන්ත වෛද්‍ය සංගමය සඳහන් කොට ඇත්තේ කොරෝනා එන්නත් නොමැති වුවද තම රෝගීන් හට ප්‍රතිකාර කිරීම සිදු කරන බවයි. එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කලේ මගීන් වැඩි කාලයක් ගුවන් යානයේ රැඳී සිටීම හේතුවෙන් Qantas සමාගම එවැනි තීරණයට එළඹ ඇති බවට විශ්වාස කරන බවයි.

එන්නත සම්බන්ධයෙන් ව්‍යාපාරවලට කුමක් කළ හැකිද?

ඕස්ට්‍රේලියානු හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරි Brendan Murphy සඳහන් කොට සිටියේ සගයකු , සේවකයෙකු හෝ සේවාදායකයෙකු අසනීප තත්වයෙන් පැමිණිය හොත් එම පුද්ගලයා නැවත හරවා යැවීමේ අයිතිය සේවා යෝජකයින් හට පවතින බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු රජය එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලෙහි ගුණාත්මක බව ඉහල දැමීමටද පසුගිය කාලයේදී කටයුතු කොට තිබේ.

මෙම වසර මුලදී COVIDSafe app එක සඳහාද ඕස්ට්‍රේලියානු රජය නීතින් සම්පාදනය කල අතර වෛද්‍ය හේතුවක් මත එන්නතක් ලබාගත නොහැකි පුද්ගලයින් සඳහා සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම Disability Discrimination පනත යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ.

Despite 6 million downloads, the COVIDSafe app is yet to detect any unknown coronavirus contacts
COVIDSafe app. Source: AAP

කොරෝනා එන්නතක් ලබාගැනීම ව්‍යාපාර සේවා ලැබීමට අනිවාර්යයද යන්න අධ්‍යයනය කරන, මෙල්බර්න් නීති විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Paula O'Brien සඳහන් කරන්නේ, කොරෝනා එන්නතක් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේදී ව්‍යාපාර, "අංශ දෙකක්" පිළිබඳව අවධානය යොමු කලයුතු බවයි. ඒ Anti-discrimination නොහොත් "වෙනස් කොට සැලකීම් විරෝධී" නීතිය සහ මානව හිමිකම් නීතිය පිළිබඳව වේ. කෙසේ නමුත් මේ වනවිටත් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය මෙම ගැටලුවෙන් පීඩා විඳින අතර ඇතැම් ව්‍යාපාර මීට පෙර එන්නත් ලබාගැනීම සඳහා තම කාර්යමණ්ඩලය දිරි ගැන්වූ බවද Paula O'Brien පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


කෙසේ නමුත් මේ වනවිට ජෛව ආරක්ෂණ පනත යටතේ පවතින හදිසි කාල පරිච්ඡේදය හේතුවෙන් වත්මන් නීතීන් අතීතයට වඩා දැඩි බවද Paula O'Brien පවසයි.

එන්නත සඳහා ඔබ මුදල් ගෙවිය යුතුද?

ඔබ මුදල් ගෙවිය යුතු නැත

කොරෝනා සඳහා වන එන්නත 2021 වසරේදී ඕස්ට්‍රේලියානුවන්ට නොමිලයේ ලබාගත හැකි බව ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කොට තිබේ.

කෙසේ නමුත් මේ වනවිට කොරෝනා වෛරස එන්නත සඳහා ඕස්ට්‍රේලියානු රජය ඩොලර් බිලියන 3.2කට වඩා වියදම් කොට ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් බදු ගෙවන්නන් හට පිරිවැයක් දැරීමට සිදු වේ.


4 min read

Published

Updated

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now