ලබන මාර්තුවේදී සෞඛ්‍ය සේවකයින්ට සහ සෞඛ්‍ය අවදානමක් සහිත පිරිසට කොරෝනා එන්නත් ලබාදිය හැකි බව ක්වීන්ස්ලන්තය පවසයි (SBS සිංහල /වාර්තා)

Queensland Chief Health Officer Dr Jeannette Young/ vaccine

Queensland Chief Health Officer Dr Jeannette Young Source: AAP

ABC මාධ්‍ය සමග පැවති සාකච්චාවකදී ක්වීන්ස්ලන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Jeannette Young මේ බව සඳහන් කොට තිබේ. Queensland Health හි පවතින සැලසුම් යටතේ මෙලෙස සෞඛ්‍ය සේවකයින්ට සහ අවදානමක් සහිත පිරිසට කොරෝනා වෛරසය සඳහා වන එන්නත මුලින්ම ලබාදීමට හැකිවෙතැයි විශ්වාස කරන බව ඇය පවසයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට මෙම එන්නත් මාත්‍රා මිලියන 10ක් පමණ බෙදාහැරීම සඳහා ඉල්ලුම් කොට තිබේ. එමෙන්ම මධ්‍යම රජය මේ වනවිට කොරෝනා එන්නත් ගිවිසුම් 5ක් අත්සන් කොට ඇති අතර ඉදිරියෙන් සිටින Pfizer එන්නතද එක් ගිවිසුමක් වේ.

මේ අනුව ලබන වසරේ අවසානය වනවිට සෑම ඕස්ට්‍රේලියානුවකුටම එන්නත ලබාගැනීමට අවකාශය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව වෛද්‍ය Jeannette Young සඳහන් කරයි.

මේ අතර තම එන්නතෙහි අවසාන අදියරේ පරීක්ෂණ ප්‍රතිපල ඉතා ඵලදායී වූ බව AstraZeneca ආයතනයද ඊයේ (23) සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටියේ, මෙය අතිශය සතුටුදායක පුවතක් වන අතර ලබන වසරේ මාර්තු මාසය වන විට එම එන්නතද ලබාදීමට හැකි වෙතැයි විශ්වාස කරන බවයි. එමෙන්ම මේ වන විට AstraZeneca ආයතනය ඕස්ට්‍රේලියානු නියාමන අනුමැතිය ලබා ගැනීම සඳහා අපේක්ෂාවෙන් පසුවන බවද ඔහු සඳහන් කරයි.

A heated discussion about the efficacy of the AstraZeneca vaccine, which is being prepared for the majority of Australians
. Source: AAP
එන්නත් ඇනවුම්

ඕස්ට්‍රේලියානු රජය ඩොලර් බිලියන 3.2කට වඩා වැඩි පිරිවැයක් දරමින් Pfizer/BioNTech සහ Novavax එන්නත් මාත්‍රා මිලියන 50ක් ආරක්ෂා කිරීමට පියවර ගත් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මෙම මස මුලදී සඳහන් කළේය.

එමෙන්ම ඕස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂඥයින් විසින් සිදු කරනු ලබන නිර්දේශයන්ට අනුව වෙනත් නව එන්නත් මාත්‍රා ආරක්ෂා කිරීම සඳහාද ඕස්ට්‍රේලියානු රජය සුදානම් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය. මේ වනවිට මාත්‍රා ආරක්ෂා කොට ඇති එන්නත් සාර්ථක වන බවට සැකයක් නොමැති අතර අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාව කොරෝනා එන්නත සඳහා ඉක්මනින්ම ප්‍රවේශ කරවීම රජයේ අපේක්ෂාව බවයි.

දේශීය වශයෙන්, University of Queensland එන්නත වෙත සියලු දෙනාගේ අවධානය යොමුව ඇති අතර මෙම එන්නත ලබන වසරේ අවසානය වනවිට ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීමට හැකිවෙතැයි විශ්වාස කෙරේ. මෙම එන්නතේ පළමු අදියරේ පරීක්ෂණ ඔස්සේ එය ආරක්‍ෂිත බවට සාර්ථක ප්‍රතිපල පෙන්වූ බව ඕස්ට්‍රේලියානු සෞක්‍ය අමාත්‍ය Greg Hunt පසුගිය සතියේදී සඳහන් කළේය.

ක්වීන්ස්ලන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Jeannette Young අවධාරණය කොට සිටියේ ඕස්ට්‍රේලියානුවන්ට එන්නත ලබා ගැනීමේ හැකියාව හිමිවීමත් සමගම, ඔස්ට්‍ර්ලියානු දේශසීමා ජාත්‍යන්තරයට විවෘත කිරීම ඔස්සේ පවතින අවධානම ඉහල යන බවයි.

මේ අතර සිඩ්නි වැසියන් සඳහා සිය දේශ සීමා විවෘත කිරීම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන නමුත් වෛද්‍ය Jeannette Young ගේ උපදෙස් මත එම තීරණය රඳා පවතින බව වාර්තා වේ.

දැඩි දේශ සීමා නීති යුක්ති සහගතයි

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වල ඇති වූ තත්වය හේතුවෙන්, සිය දේශසීමා විවෘත කිරීම පිළිබඳව තීරණයකට එළඹීමට ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk මෙම මස අවසානය වනතෙක් සිටිනු ඇතැයි වෛද්‍ය Jeannette Young සඳහන් කරයි. කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 24ක් තිස්සේ කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් නොවීමත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් දින 16ක් තිස්සේ කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් නොවීමත් හේතුවෙන් දැඩි සීමා ලිහිල් කිරීමට අවශ්‍ය බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය පිළිගෙන තිබේ. මෙය දිරිගන්වන සුලු නමුත් එක් එක් ප්‍රාන්තයන්හි සිදුකෙරෙන පරීක්ෂණ මට්ටම මත තීරණය රඳා පවතින බව වෛද්‍ය Jeannette Young පෙන්වා දේ.

Queensland Premier Annastacia Palaszczuk (file image)
Queensland Premier Annastacia Palaszczuk Source: AAP

මෑතකදී දකුණු ඕස්ට්‍රේලියාවේ මතු වූ කොරෝනා පොකුරේ ක්ෂණික ව්‍යාප්තිය පිළිබඳව සලකා බැලීමේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරියගේ ස්ථාවරය යුක්ති සහගත බව පෙන්වා දෙමින් වෛද්‍ය Jeannette Young සඳහන් කොට සිටියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ “සියලු උපද්‍රව” සඳහා වූ ප්‍රවේශය මෙම සාර්ථකත්වයට හේතු වූ බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


මේ වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 70 කට වඩා වැඩි කාලයක් ගතවී තිබේ. සෞඛ්‍ය පණිවිඩය ඉක්මනින්ම මහජනතාව වෙත ගොස් ඇති බවට සමාජ දුරස්ථ නීති රීති පිළිපැදීමට, රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂා කර බැලීමට සහ අසනීප නම් නිවසේ රැඳී සිටීමට ක්වීන්ස්ලන්ත වැසියන් එකඟ වීම මත පෙනී යන බවද වෛද්‍ය Jeannette Young සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විටත් කොරෝනා වෛරසය සමාජය තුල පවතින අතර සෑම පුද්ගලයකුම මුහුනු ආවරණ පැළඳීම මගින් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවද ක්වීන්ස්ලන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Jeannette Young අවධාරණය කොට සිටී.


4 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now