අද සිට වික්ටෝරියානුවන්ට අතන මෙතන කොතන ගියත් QR code ස්කෑන් කිරීමට සිදුවෙයි, නීති කඩකරන ව්‍යාපාරිකයින්ට දඩ (SBS සිංහල/ වාර්තා)

QR කේත නීති පිලි නොපදින ව්‍යාපාර සඳහා ඩොලර් 1,652 ක දඩයක් සහ එම නීති දිගින් දිගටම කඩකරන ව්‍යාපාර සඳහා ඩොලර් 9,913 ක දඩයක් ලබාදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

check in mandatory for NSW

Source: AAP Image/Vyacheslav Prokofyev/TASS/Sipa USA

Highlights

  • Takeaway සඳහා හෝ ව්‍යාපාරික ස්ථාන වෙත යන සෑම වික්ටෝරියනුවකුම අද සිට ලියාපදිංචි වීම අනිවාර්ය වේ
  • QR කේත පිලි නොපදින ව්‍යාපාර සඳහා ඩොලර් 1,652 ක දඩයක්
  • ඇතැම් පාරිභෝගිකයින් ගේ භාෂා දැනුමේ මද බව හේතුවෙන් ගැටලු

Takeaway සඳහා හෝ ව්‍යාපාරික ස්ථාන වෙත යන සෑම වික්ටෝරියනුවකුම අද සිට ලියාපදිංචි වීම අනිවාර්ය වේ

අද (04/06) සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසල් සහ කැෆේ ඇතුලු ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් සඳහා යන පුද්ගලයින් QR කේත හරහා ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර takeaway ක්‍රමයට ගෙන යන ආහාර ලබාගැනීමට පැමිණෙන පිරිසද මෙම නව නීතීන්ට අනුව, ප්‍රාන්ත රජය සපයා ඇති QR කේත හරහා දුරකතනයෙන් ලියාපදිංචි වීම අනිවාර්ය වන බව ABC පුවත් සේවය සඳහන් කරයි.

මීට පෙර යම් ව්‍යාපාරික ස්ථානයකට සේවා ලබාගැනීම සඳහා යන පුද්ගලයින් එම ස්ථානයේ නිශ්චිත කාලසීමාවකට වඩා වැඩි කාලයක් ගත කළහොත් පමණක් මෙලෙස ලියාපදිංචි වීම සිදු කලයුතු විය.නමුත් ප්‍රාන්තය ක්‍රියාත්මක කරන මෙම නව නීතීන්ට අනුව යම් ව්‍යාපාරික ස්ථානයකට යන ඕනෑම පුද්ගලයකු කුමන වෙලාවක් එම ස්ථානයේ ගතකලද QR කේත හරහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

cafe
Source: Pixabay / Free-Photos

පසුගිය කාලය තුල මෙම කේත පිළිබඳව විවිධ ගැටළු මතු වූ අතර එය ප්‍රාන්තය තුල contact tracing කටයුතු සඳහා දැඩි බලපෑමක් සිදු කළේය. මෙම ගැටලුකාරී තත්වය මගහරිමින් යම් ව්‍යාපාරික ස්ථානයකට කුමන කාලසීමාවකට හෝ ගොස් ඇති සෑම පුද්ගලයකු පිළිබඳවම තොරතුරු ලබාගැනීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙමෙ තීරණය ගෙන තිබේ. 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට 

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මේ සම්බන්ධයෙන් වන නව නීති පිළිබඳව සිදු කල ප්‍රකාශය අතරතුර වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton සඳහන් කොට සිටියේ ප්‍රාන්තය තුල මෙම contact tracing කටයුතු ඉක්මන් කිරීමේ සහ සාර්ථකව සිදු කිරීමේ අරමුණින් මෙම නව තීරණ සඳහා එළඹෙන බවයි. 

මේ පිළිබඳව ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ ප්‍රාන්ත නිලධාරීන් සහ ආරක්ෂක අංශ මෙම කටයුතු සඳහා යොදවා ඇති අතර ඔවුන් ප්‍රාන්තය තුල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් QR කේත නීතීන් නිසිලෙස ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සොයා බලන බවයි.

QR කේත පිලි නොපදින ව්‍යාපාර සඳහා ඩොලර් 1,652 ක දඩයක්

මේ අනුව එම නිලධාරීන් හට, මෙම නීතීන් උල්ලංඝනය කරන ව්‍යාපාර වෙත ඩොලර්1,652 ක උපරිමයකට යටත්ව දඩ මුදලක් ලබාදීමට හැකියාව පවතින අතර එම ව්‍යාපාර දිගින් දිගටම QR කේත සඳහා වන නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඩොලර් 9,913ක් දක්වා වූ දඩ නියම කිරීමටද හැකියාව පවතී.

කෙසේ නමුත් මෙම QR කේත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පෙර සති 2ක කාලයක් සඳහා ව්‍යාපාරිකයින් හට යම් සහන කාලයක් පැවති අතර ප්‍රාන්ත රජය වෙනත් විකල්පයන් පිළිබඳවද මේ වනවිට අවධානය යොමු කොට ඇති බව රාජ්‍ය ප්‍රකාශකයකු සඳහන් කල බව ABC සේවය පවසයි.

ඇතැම් පාරිභෝගිකයින් ගේ භාෂා දැනුමේ මද බව හේතුවෙන් ගැටලු

මේ අතර ඇතැම් පාරිභෝගිකයින් තුල පවතින ඉංග්‍රීසි භාෂා දැනුම සහ තාක්ෂණික දැනුම මත QR කේත ඔස්සේ ලියාපදිංචි වීමට ඔවුන් පියවර නොගන්නා බව ඇතැම් ව්‍යාපාරිකයින් පවසයි. එමෙන්ම ඉංග්‍රීසි භාෂාව සිය දෙවන භාෂාව ලෙස භාවිත කරන ප්‍රජාව අතරට මෙම නව නීතීන් සහ ක්‍රමවේද පිළිබඳව තොරතුරු නිසි ලෙස ගලායාමක් සිදු නොවන බව දක්නට ලැබෙන බවද ABC සේවය පෙන්වා දෙයි.

QR Codes
Source: Pixabay /geralt

කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තය මෙවර Lockdown කිරීමට පෙරද පාරිභෝගිකයින් QR කේත ඔස්සේ ලියාපදිංචි වීම අනිවාර්ය වූ අතර QR කේත ඔස්සේ ලියාපදිංචි වීමට අවසතාව ලබාදීමට අමතරව තම පාරිභෝගිකයින් ලිඛිතව ලියාපදිංචි කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කිරීම මේ වනවිට වඩාත් සාර්ථක වන බවද රාජ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


3 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now