ඔස්ට්‍රේලියාවේ පළමු වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමෙන් මේ වන විට මාස හයකට වඩා වැඩි කාලයක් ගතවී ඇතත්, වයිරසය සම්ප්‍රේෂණය, ආසාදිතයින් සොයා යාම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානුවාසී හු තවමත් ප්‍රශ්න අසමින් සිටිති.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එලෙස අසන පොදු ප්‍රශ්න කිහිපයකට සෞඛ්‍ය විශේෂඥයින් ලබා දුන් උපදෙස් පහත ඉදිරිපත් කෙරේ.
Image
සිගරට් දුමෙන් කොරොන වයිරසය වැළඳීමට හැකිද?
සිගරට් දුමෙන් කොරොන වයිරසය වැළඳීමට හැකියාවක් නොමැති බව Monash විශ්ව විද්‍යාලයේ හෙද පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහාචාර්ය Philip Russo පවසයි.
"මෙය ඛේට හෝ ශ්ලේෂ්මල බිඳිති හරහා පැතිරෙන ආසාදනයක් බව අප මතක තබා ගත යුතුයි, එනිසා ආසාදීතයින් සමඟ සමීප සම්බන්ධතා ඇති අයට එය වැළදීමේ වැඩි අවදානමක් තිබෙනවා" යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

වික්ටෝරියා වලින් පිටත සිටින පුද්ගලයින් පවා මුව ආවරණ පැළඳිය යුතුද?
අගෝස්තු 02 සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම වැසියන් තම නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
එම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට ඩොලර් 200 ක දඩයක් නියම කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
සුපිරි වෙළෙඳ සල්, පොදු ප්‍රවාහන සේවා, සාප්පු සංකීර්ණ වැනි පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමට නොහැකි ස්ථාන වලදී මුව ආවරණ අමතර ආරක්ෂාවක් ලබදෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමට නොහැකි ස්ථාන වලදී මුව ආවරණ පැලඳීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිර්දේශ කර තිබේ.

මා පසුකර යන කෙනෙකුගෙන් මට කොරෝනා වයිරසය වැළඳීමට හැකිද?
දිවීම, වේගයෙන් ඇවිදීම හෝ බයිසිකල් පැදීම වැනි ව්‍යායාම් කිරීමේදී මුව ආවරණ පැළඳිම අනිවාර්ය නොවන බවට අවසරයක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය සිය වැසියන්ට දී ඇත.
මාර්ගයේ යන විට ඔබ පසු කරමින් වේගයෙන් යන හෝ බයිසිකල් පදින අධික ලෙස හුස්ම ගන්නා අයෙකුගෙන් කොරෝනා වයිරසය වැළඳීම ගැන වද විය යුතු නැති බව Monash විශ්ව විද්‍යාලයේ හෙද පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහාචාර්ය Philip Russo පවසයි.
ඔබ කුඩා කාමරයක් වැනි සංවෘත අවකාශයක සහ වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතාවයක සිටී නම් ඔබ ඒ සඳහා ඉහළම අවදානමකට ලක් වන බව මහාචාර්ය Russo පවසයි.
"එළිමහන් ප්‍රදේශ ගැන සළකන විට, ඔබ එළිමහනේ සිටින නිසාත්, වායු ධාරාවන් නිසාත් ඔබෙන් ඛේට හෝ ශ්ලේෂ්මල බිඳිති ඉවතට ගෙන යා හැකි වීම හේතුවෙන් අවදානම බෙහෙවින් අඩු වේ." ඔහු පෙන්වා දුන්නේය.

මට ලැබෙන සෑම online shopping පැකේජයක්ම පිසදා පිරිසිදු කරගැනීමට අවශ්‍යද?
බිඳිති ප්‍රමාණය සහ වාතයේ උෂ්ණත්වය ඇතුළුව විවිධ සාධක මත පදනම්ව කොරෝනා වයිරසය, භාණ්ඩ පැකේජ මත ජීවත්වන කාලය වෙනස් විය හැකි බව මහාචාර්ය Russo පැහැදිලි කරයි.
එම කාලය විනාඩි 5 සිට පැය කිහිපයක් දක්වා විය හැකි බවත් එනිසා ලැබෙන සෑම online shopping පැකේජයක්ම පිසදා පිරිසිදු කරගැනීමේ කිසිදු අයහපතක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
එම පැකේජ ලබා ගෙන පිරිසිදු කිරීමෙන් අනතුරුව ඔබේ දෑත් සේදීමට වග බලාගන්නා ලෙස ද ඔහු සඳහන් කළේය.

COVID-19 ආසාදිතයින්ට රෝහලේදී ලැබෙන ප්‍රතිකාර මොනවාද?
අදාළ රෝගියාගේ බරපතලකම අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වන බව Newcastle විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා මහජන සෞඛ්‍ය පිළිබඳ පාසලේ මහචාර්ය සහ John Hunter රෝහලේ කාර්ය මණ්ඩල විශේෂඥ Peter Wark පවසයි.
රෝහල් වලින් ලබාදෙන සත්කාර වලින් බහුතරයක් වෛද්‍ය සහය වීම් බවද ඔහු පවසයි.
"අපි ඔක්සිජන් ලබා දෙනවා. මිනිසුන්ට අසනීපයක් දැනෙන විට අපි ඔවුන්ට උදව් කරනවා. උණ සහ අනෙක් රෝග ලක්ෂණ වලදී අපි ඔවුන්ට උදව් කරනවා. නමුත් අපි වයිරසයට සෘජුවම ප්‍රතිකාර කරන්නේ නැහැ." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
ඊට අමතරව විශේෂයෙන් සිදු කරන්නේ dexamethasone නම් ප්‍රතිශක්තිකරණ මර්දන කාරකය භාවිතා කිරීම බව ද ඔහු පැහැදලි කළේය.

ඔස්ට්‍රේලියාවේ COVIDSafe app එක ප්‍රයෝජනවත්ද?
ක්වීන්ස්ලන්තයේ හෝ දකුණු ඕස්ට්‍රේලියාවේ මෙතෙක් COVID-19 රෝග විනිශ්චය කළ කිසිවෙකු COVIDSafe app එක download කර නොමැති බව වාර්තා වේ.
බටහිර ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණයවීම ඉතාමත් අඩු නිසා COVIDSafe app එක එතරම් ප්‍රයෝජනයක් නොවූ බව ඔවුන් පවසයි.
ප්‍රාන්තයේ ආසාදිතයින් සොයා යාම සඳහා මෙම COVIDSafe app එක හරහා නව තොරතුරු කිසිවක් ලැබී නැති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහචාර්ය Allen Cheng පැවසුවේය.
නමුත් මෙම COVIDSafe app එක නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ භාවිතා කළ බවත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල ඔවුන් අත්කරගත් බවත් ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Nick Coatsworth පැවසුවේය.
COVID-19 හි දිගු කාලීන සෞඛ්‍යමය බලපෑම් මොනවාද?
දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් වීමෙන් දිවි ගලවා ගන්නා කොරොන වයිරස් රෝගීන් ගේ පෙනහළු වලට බොහෝ විට සැලකිය යුතු හානියක් හා පුළුල් දුර්වලතා ඇතිවිය හැකි බවත් එනිසා දැඩි පුනරුත්ථාපනයක් අවශ්‍ය බවත් Newcastle විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා මහජන සෞඛ්‍ය පිළිබඳ පාසලේ මහචාර්ය සහ John Hunter රෝහලේ කාර්ය මණ්ඩල විශේෂඥ Peter Wark පවසයි.
දැඩි ශ්වසන රෝගයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක් වෙත ඇතුළත් කර ඇති ඕනෑම අයෙකු හට එම රෝහල් ගත කිරීම දීර්ග කාලීන එකක් වන බවත් සුවය ලැබීමට ද ඉතා දිගු කලක් ගතවනු ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
නමුත් සාමාන්‍ය ආකාරයෙන් වයිරසය ආසාදනය වී ඇති අය පවා ශරීර වේදනාව හා තෙහෙට්ටුව වැනි අඛණ්ඩ ගැටලුවලින් පීඩා විඳිය හැකි බව ඔහු පැවසීය.


