Explainer

කොරෝනා එන්නත පිළිබඳ වඩාත් පොදු දුර්මත සහ ඒවා සත්‍ය නොවන්නේ ඇයි? (SBS සිංහල/ වාර්තා)

කොරෝනා එන්නත් පිළිබඳ වඩාත් සුලභ මිථ්‍යාවන් දුරු කිරීම සඳහා SBS පුවත් සේවය බෝවන රෝග පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍ය Peter Collignon සමඟ සාකච්ඡා කළේය.

Vaccine

Vaccine Source: SBS News/Nick Mooney

ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කිරීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණි.

නමුත් කොරෝනා එන්නත් පිළිබඳව යම් සැකයක් හා නොසන්සුන්තාවක් සමාජයේ ඇති අතර, විශේෂඥයන් පවසන්නේ ඒ ගැන එතරම් තැකීමක් නැති බවය.

කොරෝනා එන්නත් පිළිබඳ විශාල ලෙස  පැතිරී ඇති මිථ්‍යාවන් කිහිපයක් සහ ඒවා සත්‍ය නොවන්නේ ඇයිද යන්න පිළිබඳ ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය,බෝවන රෝග පිළිබඳ  ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍ය Peter Collignon සමග සිදුකළ සාකච්ඡාවකින් මෙම තොරතුරු ගෙන එයි.


Highlights

  • සජීවී වයිරසය එන්නතෙහි අඩංගු නොවන නිසා එන්නත හරහා ඔබට COVID වයිරසය ආසාදනය නොවේ
  • COVID-19 ආසාදනය වී ඇත්නම් එන්නත අවශ්‍ය නොවන බව පැවසීම එක්තරා ලෙසකින් සම්පූර්ණයෙන්ම අසත්‍ය නොවේ
  • භාවිතයේ ඇති කොරෝනා එන්නතක් කාන්තාවකගේ ගැබ් ගැනීමේ හැකියාවට හානි කිරීම පිළිබඳ මේ වන විට කිසිදු සාක්ෂියක් හමුවී නොමැත

දුර්මතය: කොරෝනා එන්නත වියපත් පුද්ගලයින්ට අනාරක්ෂිතයි

Pfizer-BioNTech කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමත් සමග සති කිහිපයකින් නෝර්වේ රාජ්‍යයේ වියපත් පුද්ගලයින් 33 දෙනෙකු මිය යාමෙන් පසු මෙම දුර්මතය හටගන්නට විය.

ඔවුන්ගේ මරණ සහ එන්නත අතර සෘජු සම්බන්ධයක් නොමැති බව නෝර්වේ මහජන සෞඛ්‍ය ආයතනය පසුව තහවුරු කළේය.

කොරෝනා එන්නත් මගින් මෘදු උණක් ඇතිවිය හැකි අතර එය දැනටමත් දැඩිව අසනීපව සිටින වයෝවෘද්ධ පුද්ගලයින්ට සංකූලතා ඇති කළ හැකි බව මහාචාර්ය Collignon පැවසීය. යථාර්ථය නම්, එම පුද්ගලයින්ට, වඩා වැඩි මරණ අනුපාතයක් තිබීම බවද ඔහු පැවසීය.

වයස අවුරුදු 85 ට වැඩි ඔබ සාත්තු නිවාසයක සිටී නම් ඔබට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිනම් අදාළ රෝගයෙන් මිය යාමේ සම්භාවිතාව තුනෙන් එකක් බව මහාචාර්ය Collignon සඳහන් කළේය.

කොරෝනා එන්නතෙන් ඔබට මරණ අවදානම අල්ප ලෙස වැඩි වුවද, එන්නතෙන් අත්වන ප්‍රතිලාභ තවමත් එන්නතෙහි ඇති අවාසිය ඉක්මවා යන බවද ඔහු පැහැදිලි කළේය.


SBS සිංහල සේවය 

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


දුර්මතය: එන්නතෙන් මට COVID-19 වයිරසය ලැබෙනු ඇත

මෙය සැබවින්ම කළ නොහැකි දෙයක් බව මහාචාර්ය Collignon පැවසීය.

සජීවී වයිරසය එන්නතෙහි අඩංගු නොවන නිසා එන්නත හරහා ඔබට COVID වයිරසය ආසාදනය නොවන බව ඔහු පැහැදිලි කළේය.

"කිසිදු කොරෝනා එන්නතක සජීවී වයිරසය හෝ COVID හි ප්‍රභේදයක් හෝ අඩංගු නැහැ, එනිසා කොරෝනා එන්නතෙන් COVID වයිරසය ආසාදනය වීම විය නොහැක්කක්." යනුවෙන්ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

දුර්මතය: එන්නත ඉතා ඉක්මණින් සාදන ලද බැවින් එය අකාර්යක්ෂම විය යුතුය

අප නුදුරේදීම ඔස්ට්‍රේලියාවේ භාවිතා කරන කොරෝනා එන්නත්, මෙතෙක් නිර්මාණය කරන ලද වේගවත්ම එන්නත් ලෙස වාර්තා වේ.

අද අප නිතිපතා භාවිතා කරන වෙනත් එන්නත් නිපදවීමට දශක ගණනාවක් ගතවී ඇත.

එහෙත්, COVID-19 වයිරසය මගින් පෙර නොවූ විරූ මරණ හා රෝගාබාධ ඇතිවීම නිසා  විද්‍යා විද්‍යාඥයින්ට මාස 12 කට අඩු කාලයකදී කොරෝනා එන්නතක් නිපදවීමේ කාර්යය ඉටු කිරීමට හැකි විය.

දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන අතර මෙම එන්නත් ආරක්ෂිත හා ඵලදායී බවට සැකයක් නොමැති බව මහාචාර්ය Collignon පැවසීය.
A doctor fills an injection syringe with COVID-19 vaccine
A doctor fills an injection syringe with COVID-19 vaccine. Source: Getty

දුර්මතය: Oxford-AstraZeneca කොරෝනා එන්නතේ කාර්යක්ෂමතාව 60%-70%ක් පමණ නම්, එය කොරෝනා වයිරසයෙන් තමාව ආරක්ෂා නොකරයි

ඔස්ට්‍රේලියාවේ ලබාදීමට නියමිත කොරෝනා එන්නත් වර්ග ත්‍රිත්වය අතරින් Oxford-AstraZeneca කොරෝනා එන්නතම ප්‍රධාන ස්ථානයක් ගනී.

මෙල්බර්න් CSL සමාගම සමග ඔස්ට්‍රේලියාව තුළම එම එන්නතේ මාත්‍රාවන් මිලියන 50 ක් නිපදවීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබීම ඊට හේතුව වේ.

Pfizer-BioNTech එන්නතේ මූලික දත්ත වලින් එය 95% ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර ඇති අතර Oxford-AstraZeneca එන්නතේ කාර්යක්ෂමතාව වර්තමානය වන විට 60%-70% ත් අතර පවතී.

නමුත් මහාචාර්ය Collignon පැවසුවේ එන්නත මගින් සියලුම ආසාදන නැවැත්විය නොහැකි බවත් එය බොහෝ මිනිසුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වන බවත් මහචාර්ය Collignon පැවසීය.

අනෙක් පසින් Pfizer-BioNTech එන්නතට වඩා Oxford-AstraZeneca එන්නත ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම පහසු බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මිනිසුන් මිය යාම වැළැක්වීම සඳහා Oxford-AstraZeneca එන්නත 60% ට වඩා බොහෝ විට 80% ක් 90% ක් හෝ විය හැකි බවද ඔහු පැහැදිලි කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


දුර්මතය: මට දැනටමත් COVID-19 ආසාදනය වී ඇත්නම් මට එන්නත අවශ්‍ය නොවේ

මෙය එක්තරා ලෙස සම්පූර්ණයෙන්ම අසත්‍ය නොවේ.

ඔබ COVID-19 ආසාදනයකට ගොදුරු වී ඇත්නම්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනාගත ආසාදනවලින් ඔබව ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවා ඇති බව සත්‍යයකි. කොරෝනා එන්නත ඔබට ලබා දෙන ප්‍රතිදේහ හා ඒවා එකම වේ.

නමුත් එම ප්‍රතිදේහ කොපමණ කාලයක් සිරුරේ පවතිනු ඇත්දැයි අපි තවමත් නොදනිමු.

එය වසරක පමණ කාලයක් සිරුරේ පවතින බව මේ දක්වා වූ දත්ත පෙන්වන බවත් එන්නතක් මගින් පමණක් එම ආරක්ෂාව දීර්ග කළ හැකි බවත් මහාචාර්ය Collignon පැවසීය.

දුර්මතය: මෙම එන්නත අනාගතයේදී ගැබ් ගැනීමට ඇති මගේ හැකියාවට හානියක් වනු ඇත

භාවිතයේ ඇති කොරෝනා එන්නතක් කාන්තාවකගේ ගැබ් ගැනීමේ හැකියාවට හානි කිරීම පිළිබඳ මේ වන විට කිසිදු සාක්ෂියක් හමුවී නොමැත.

ගර්භනී කාන්තාවන් හට කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙස බොහෝ රටවල් නිර්දේශ කර ඇති නිසා මෙවැනි දුර්මතයක් හටගෙන ඇත.

ගර්භනී කාන්තාවන් සඳහා කොරෝනා එන්නත් තවමත් පරීක්ෂාවට ලක් කර නොමැති වීම ඊට හේතුව වේ.

මෙය අසාමාන්‍ය දෙයක් නොවේ, ඉතිහාසය පුරා බොහෝ එන්නත් අත්හදා බැලීම් වලදී ගර්භනී කාන්තාවන් ඇතුළත් කර නොමැත.

කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව ගැබ් ගැනීමේ හැකියාව පිළිබඳ දත්ත තව මාස කිහිපයකින් පැමිණෙනු ඇති නමුත් එම ප්‍රතිඵල වල පුදුම දනවන සුළු දත්ත නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් මහාචාර්ය Collignon පැවසීය.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share

Published

Updated

By Claudia Farhart, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service