මුව ආවරණ පැළඳීම මානව හිමිකම් උල්ලංඝනය කරන බවට මෙල්බර්න් මුව ආවරණ විරෝධීන් ඉදිරිපත් කරන ව්‍යාජ නීති තර්ක මෙන්න (SBS සිංහල/ වාර්තා)

Tangkapan layar dari beberapa video yang diunggah penolak masker di media sosial.

Tangkapan layar dari beberapa video yang diunggah penolak masker di media sosial. Source: Twitter, Facebook

මේ වන විට මෙල්බර්න් වැසියන් තම නිවසින් බැහැරව යන විට  මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති නමුත් ඇතැම් පුද්ගලයෝ මුව ආවරණ පැළඳීමට ප්‍රසිද්ධියේ විරෝධය පළ කරමින් සිටිති.

එවැනි අන්දමේ මෙල්බර්න් මුව ආවරණ විරෝධීන් වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වසංගතය මැඩලීමට පනවා ඇති නීතිවලට එරෙහිව දිගින් දිගටම තර්ක කරමින් සිටිති.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


එහිදී විවිධ අසත්‍ය තොරතුරු රැගත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු වල සංසරණය වන විවිධාකාර ව්‍යාජ නීති තර්ක එම පුද්ගලයෝ භාවිත කරන බවට මේ වන විට හෙළිවී තිබේ.

මේ තත්ත්වය පිළිබඳ මෙම ලිපියෙන් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කෙරේ.
People wear masks in Melbourne.
People wear masks in Melbourne. Source: AAP

මුව ආවරණ පැළඳීම නීතියක් ලෙස සම්මත කර නැහැ ලු

පසුගිය ජූලි 23 වන දින සිට මෙල්බර්න් නුවර නගර සභා 31 ක වැසියන් හා Mitchell Shire ප්‍රාදේශීය කලාපයේ වැසියන් තම නිවසින් බැහැරව යන විට අනිවාර්යෙන් මුව ආවරණ පැළඳිය යුතු බවට වික්ටෝරියානු ප්‍රාන්ත රජය නියෝගයක් නිකුත් කළේය.

ඇතැම් විශේෂ අවසර හා හේතු රහිතව එම නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ට ඩොලර් 200 ක දඩයක් පැනවීමට ද බලධාරීන්ට බලය පවතී.

නමුත් නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවට කෙරුණු නියෝගය නීතියක් නොවන බවට බොහෝ මෙල්බර්න් මුව ආවරණ විරෝධීන් පවසන අයුරු SBS පුවත් වෙත දැකගැනීමට ලැබුණි.

මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් ලෙස සම්මත කරගෙන නැති බවටද ඔවුහු තර්ක කරති.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙය බොහෝ ව්‍යාජ නීති තර්ක වලින් එකක් බව Monash  විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය Luke Beck පැවසීය.

"මෙය අත්තෙන්ම නීතියක්, මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා. එම පනත මගින් ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය නිලධාරියාට මේ වන විට අප අත්දකින සෞඛ්‍ය නීති පැනවීමට බලය ලබා දී තිබෙනවා" යනුවෙන් මහාචාර්ය  Luke Beck පැහැදිලි කළේය.

යම් පුද්ගලයෙක් අදාළ උපදෙස් උල්ලංඝනය කරන විට එම පුද්ගලයා දඩයකට යටත් වන අතර මෙහි සිදුවන්නේ ද එවැනි දෙයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි අන්දමේ නීති හා සීමාවන් හඳුන්වා දී ඇත්තේ සමාජයේ වෙසෙන මිනිසුන්ව මෙම මාරාන්තික වයිරසයෙන් රැකගැනීමට බවත් ඒ නිසා එම නීති වලට අනුකූලව කටයුතු කිරීම සමාජ වගකීමක් බවත් මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ මහාචාර්ය Jonathan Liberman පැවසීය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලු

මෙල්බර්න් නුවර Bunnings වෙළෙඳ සැලක මෙල්බර්න් මුව ආවරණ විරෝධීයෙකු පටිගත කර ඇති එක් වීඩියෝවක දැක්වෙන්නේ තමන්ට මුව් ආවරණ පැළඳීම ට එහි කාර්ය මණ්ඩලය බල කළ බවත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්ය.

එය 1948 විශේෂ මානව හිමිකම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවට අදාළ මුව ආවරණ විරෝධී කාන්තාව පවසයි.

නමුත් එය එසේ නොවන බව Monash  විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය Luke Beck පැවසීය.

"පළමුවෙන්ම කියන්නට අවශ්‍යයි ඇය උපුටා දක්වන්නේ වැරදි දෙයක් බව. ඇය සඳහන් කරන 1948 වසරත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මාණය කරන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නමින් ලේඛනයක් තිබෙනවා. නමුත් එය ඔස්ට්‍රේලියානු නීතියේ කොටසක් නෙමෙයි" යනුවෙන් මහාචාර්ය Luke Beck පැහැදිලි කළේය.

මෙම ප්‍රකාශ නොමග යවනා ප්‍රකාශ ලෙස මානව හිමිකම් නීති මධ්‍යස්ථානය මුව ආවරණ විරෝධී ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඊයේ (27/07) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

මෙල්බර්න් නුවර පොදු ස්ථාන වල මුව ආවරණයක් පැළඳීමට අවශ්‍ය වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවන බවත් මහජනයාගේ සෞඛ්‍ය හා ජීවිත රැකගැනීමට සිදුකරන සුළු මට්ටමේ පුද්ගලික නිදහස සීමා කිරීමක් බවත් මානව හිමිකම් නීති මධ්‍යස්ථානය පැවසුවේය.

මුව ආවරණ පැළඳීම ට එකඟ නොවීම

පොලීසිය පවසන දේට එකඟ විය යුතු නැත යන අදහස මෙල්බර්න් මුව ආවරණ විරෝධීන් මෙතෙක් නිකුත් කර ඇති වීඩියෝවල ඇති තවත් පොදු තේමාවකි.

තමන් ඩොලර් 200 දඩයට එකඟ නොවන බවට පැවසිය හැකි යයි මෙල්බර්න් මුව ආවරණ විරෝධීන් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගන්නා ව්‍යාජ “මාර්ගෝපදේශ” පෙන්වා දෙයි.

සෑම පුද්ගලයෙකුම තමන් කැමති නීතියට එකඟ වන සහ අකැමැති නීතියට එකඟ නොවන පදනම මත නීතිය ක්‍රියාත්මක නොවන බව මහාචාර්ය Jonathan Liberman පැවසුවේය.

පොලිසියේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔස්ට්‍රේලියානු පුරවැසියන් ට අවශ්‍ය නොවන බව පවසන මුව ආවරණ විරෝධීන් කිහිප දෙනෙකුගේ වීඩියෝද මේ දිනවල සමාජ මාධ්‍ය වල සැරිසරමින් තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පොලීසිය විසින් නැවැත්වීමට හෝ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැඳීමක් නොමැති බව පොදු නීතියේ පුරාණ මූලධර්මයක් වන නමුත් නීති සම්පාදනය පොදු නීතිය ඉක්මවා යන අතර එම නීති මත ජනතාව ඔවුන්ගේ නම සහ තොරතුරු පොලීසියට ලබා දීමට බැඳී සිටින බව මහාචාර්ය Luke Beck පැහැදිලි කළේය.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Nick Baker, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service