වික්ටෝරියානු ප්‍රාන්ත රජය සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය එක්ව වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල සිදුවන මරණ සහ බරපතල තුවාල සංඛ්‍යාව අවම කිරීමට නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
එහිදී මාර්ගරක්ෂාව ආශ්‍රිත සංඥා නිරූපණය සහ දෘශ්‍යතාව වැඩිදියුණු කරන නව්‍ය ක්‍රමවේද සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල ස්ථාන 70 ක ආරක්ෂාව වැඩි දියුණු කෙරේ.
එම ව්‍යාපෘතිය යටතේ නවෝත්පාදන ක්‍රමෝපායන් ත්‍රිත්වයක් ක්‍රියාත්මක කෙරේ.
මාර්ග සංඥා එළි පාමුල LED ස්පර්ශක පදික වේදිකා
LED ස්පර්ශක පදික වේදිකා යනු මාර්ග සංඥා එළිවල රතු සහ කොළ පැහැය අතර වර්ණය වෙනස් කරන බිම් මතුපිට ක්‍රියාත්මක වන අංගයකි.
මාර්ගය හරහා ගමන් කිරීම ආරක්ෂිත වන විට එය පදිකයින්ට පැහැදිලි සංඥාවක් සපයයි.
එම LED පදික වේදිකා දැකීමට පහසු වන අතර පදිකයින් වාහන ගමන් කරනවිට ඒ දෙසට ගමන් කිරීම වළකනු ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඒ අනුව අවධානය වෙනතකට යොමු වූ පදිකයන්ට හෝ අඩු දැක්මක් ඇති පුද්ගලයින්ට මෙය විශාල ලෙස උපකාර කරයි.
පහත සඳහන් ස්ථානවල මෙම LED ස්පර්ශක පදික වේදිකා දැනට ස්ථාපනය කර තිබේ:
- Contingent Street හා Trafalgar අතර මංසන්ධිය
- Mitchell Street /Hargreaves Street සහ Hargreaves Mall, Bendigo අතර මංසන්ධිය

මාර්ග සංඥා ඡායාරූප දීප්තිමත්ව නිරුපණය කිරීම
අවම ආලෝකයක් ඇති විට අනුගමනය කිරීම සඳහා වඩා ප්‍රබල මාර්ග සංඥා නිරූපණයන් රියදුරන්ට ලබා දීම පිණිස අඳුරු තීන්තවල ලුමිනස් පැහැයන් ගලවා වැඩි දීප්තියක් යොදනු ලැබේ.
මෙම විසඳුම මඟින් රියදුරන්ට මාර්ගයේ ඇති රේඛීය සලකුණු හෝ සංඥා දැකීම පහසු කරවයි.
එමෙන්ම මංසන්ධි සහ රේඛා වක්‍ද පැහැදිලිව ඔවුන්ට දැකගත හැකිවේ.
මේ නිසා මාර්ගය මත රියදුරන්ට ප්‍රතික්‍රියා කිරීමට වැඩි කාලයක් ලබා දෙන අතර ඔවුන් ගමන් කරන මංතීරුවෙන් පිට පැන ගමන් කිරීම වළක්වයි.
අදාළ ප්‍රදේශය හරහා රිය පැදවීම නුපුරුදු පුද්ගලයින්ට මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

ඉහළ පරාවර්තනයක් සහිත මාර්ග රේඛා සලකුණු
ඉහළ පරාවර්තනයක් ලබා දීම සඳහා ඝන වීදුරු පටි සහ thermoplastic මාර්ගවල ඇති රේඛා සලකුණු කරන තීන්ත සඳහා මේ යටතේ එකතු කරයි.
ඒ අනුව මාර්ගයේ රේඛීය සලකුණු වඩාත් පැහැදිලිව රියදුරන්ට දෘශ්‍යමාන වී ඒවා අනුගමනය කිරීමට පහසු කරවයි.
විශේෂයෙන් අඩු දෘශ්‍යතා තත්ත්වයන් සහිත නුහුරු නුපුරුදු මාර්ගවල රිය පැදවීමේදී මෙය වඩා ප්‍රයෝජනවත් වේ.
මෙම අමතර පරාවර්තනය රියදුරන් ඔවුන්ගේ මංතීරුවෙන් ඉවතට පැනීම වැළැක්වීමට, ලිස්සා යාමේ ප්‍රතිරෝධය වැඩි කිරීමට සහ ඉදිරියට එන උපද්‍රව සඳහා රියදුරන්ව සූදානම් කිරීමට උපකාරී වේ.

