මෙල්බර්න් කොරෝනා නීති ලිහිල් කිරීම තවත් කල් දැම්මා කියා ප්‍රාන්ත අගමැතිට දසතින් විවේචන එල්ල වෙද්දී වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට හෙට (27/10) සිට තවත් කොරෝනා නීති ලිහිල් කෙරේ (SBS සිංහල/ වාර්තා)

People wearing face masks walk across the road at Flinders Street Station in Melbourne,

不少墨爾本居民選擇遷往其他州份或前往維州的偏遠地區居住。 Source: AAP Image/James Ross

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තව දුරටත් ලිහිල් නොකිරීම සම්බන්ධයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews හට දසතින් විවේචන එල්ලවෙමින් පවතී.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති ඇතැම් කොරෝනා නීති ලිහිල් කිරීම තවත් කල් දැමීමට ප්‍රාන්ත අගමැතිවරයා ඊයේ (25/10) තීරණය කිරීමත් සමග මෙසේ විවේචන එල්ල වන්නට පටන් ගෙන තිබේ.

Daniel Andrews
Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne. Source: AAP

මෙල්බර්න් කොරෝනා නීති ලිහිල් කිරීම තවත් කල් යයි

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති ඇතැම් කොරෝනා නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් සහ ව්‍යාපාර යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිවරයා ඊයේ (25/10) නිවේදනය කිරීමට නියමිතව තිබුණි.

නමුත් මෙල්බර්න් උතුරු කලාපයේ හටගෙන ඇති කොරෝනා පොකුර නිසා එය තවත් දින දෙකකින් කල් දැමිණි.

මෙල්බර්න් උතුරු කලාපයේ මේ වන විට සිදු කර තිබෙන දහසකට අධික සංඛ්‍යාවක කොරෝනා පරීක්ෂණ වල ප්‍රතිඵල පැමිණෙන තෙක් මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නිශ්චිතව ගත නොහැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ පැවසීය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


නොවැම්බර් 01 වන දින ඉලක්ක කර සැලසුම් කර තිබෙන මෙල්බර්න් කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමේ ඉලක්ක වලට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සාර්ථකව ගමන් කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේනමුත් මෙල්බර්න් උතුරු කලාපයේ කොරෝනා පරීක්ෂණ වල ප්‍රතිඵල සුබාදයී මට්ටමක ඇත්නම් කොරෝනා නීති ලිහිල් කිරීම සහ ව්‍යාපාර යළි විවෘත කිරීම සම්බන්ධව හෙට (27/10) පස්වරුවේ නිවේදනයක් නිකුත් කිරීමට තමන් සූදානම් බවද ඔහු පැවසීය.

کارکنان یک مرکز آزمایش کروناویروس در ویکتوریا
کارکنان یک مرکز آزمایش کروناویروس در ویکتوریا Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිට දසතින් විවේචන

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තව දුරටත් ලිහිල් නොකිරීම සම්බන්ධයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews හට දසතින් විවේචන එල්ලවෙමින් පවතී.

වික්ටෝරියානු ව්‍යාපාර, ප්‍රාන්ත විපක්ෂය, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ හිටපු සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos විසින් Daniel Andrews ගේ මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇත.

ඊළඟ අදියරේ කොරෝනා නීති ලිහිල් කිරීමට නම් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 5 ට වඩා අඩු විය යුතු අතර මේ වන විට එය 3.6 මට්ටමේ පැවතියද ප්‍රාන්ත අගමැතිවරයා නීති ලිහිල් නොකිරීම කණගාටුවට කරුණක් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ හිටපු සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.

මෙල්බර්න් නගරාධිපතිනියද එම තීරණය සම්බන්ධයෙන් දැඩි කලකිරීමකට පත් වූ බවත් මේ නිසා මෙල්බර්න් නගරයේ hospitality සහ සිල්ලර ව්‍යාපාර සඳහා නිශ්චිතභාවයක් නොමැති බවත් ඇය පවසා සිටියාය.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට හෙට සිට තවත් කොරෝනා නීති ලිහිල් කෙරේ

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා නීති එලෙසම පැවතුණද හෙට (27/10) රාත්‍රී 11.59 සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට තවත් කොරෝනා නීති ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (27/10) රාත්‍රී 11.59 සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට පහත අයුරින් කොරෝනා නීති තවත් ලිහිල් කෙරෙනු ඇත,

  • වර්ග මීටර් 8 කට එක් පුද්ගලයෙකු බැගින් වන ලෙස හා එක් ස්ථානයකට උපරිම පුද්ගලයින් 20 ක් ලෙස කායවර්ධන මධ්‍යස්ථාන හා ගෘහස්ථ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
  • ඕනෑම වයසක පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට ගෘහස්ථ පිහිනුම් තටාක විවෘත කළ හැකිය.
  • එළිමහනේ සජීවී සංගීතය සඳහා අවසර ලැබේ. නමුත් සංගීත කණ්ඩායම් වල සාමාජිකයින් මීටර් 2 ක දුරකින් සිටිය යුතු අතර ගායකයා හැර සෙසු සියලු දෙනා මුව ආවරණ පැළඳිය යුතුය.
  • එක් මේසයකට දෙදෙනෙක් සහ වර්ග මීටර් 8 කට එක් පුද්ගලයෙකු බැගින් වන ලෙස Food courts යළි විවෘත කෙරේ.
  • සිසුන්ට සහ ගුරු මණ්ඩලයට 6 වසරේ සහ 12 වසරේ graduation උත්සව සඳහා සහභාගී විය හැකි නමුත් දෙමාපියන්ට එය online නැරඹීමට සිදුවේ.
  • ආගමික නායකයකු සමග උපරිම පුද්ගලයින් 20 දෙනෙකුට ගෘහස්ථ ආගමික හමු සඳහා අවසර ලැබේ.
  • එළිමහන් අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 50 කට උපරිම සහභාගී විය හැකිය.
how to where a mask
Source: SBS Sinhala

4 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now