වික්ටෝරියා ප්‍රාන්තයේ දක්ෂිණාංශික අන්තවාදය පිළිබඳ විමර්ශනය කිරීමට නව මෙහෙයුමක් (SBS සිංහල/ වාර්තා)

මෑතකාලීනව දක්ෂිණාංශික අන්තවාදී පිරිස් සහ නව-නාසිවාදී කණ්ඩායම් බොහොමයක් වික්ටෝරියානු ප්‍රාන්තයේ මතුවෙමින් පවතින බව වාර්තා වේ.

An anti-vaccination protest in Melbourne, December 2021. Far-right extremists have infiltrated such rallies in recent months.

An anti-vaccination protest in Melbourne, December 2021. Far-right extremists have infiltrated such rallies in recent months. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ දක්ෂිණාංශික අන්තවාදයේ වර්ධනය විධිමත් ලෙස විමර්ශනය කිරීමට වික්ටෝරියා පාර්ලිමේන්තුව සූදානම් වේ.

එමෙන්ම දක්ෂිණාංශික අන්තවාදය වික්ටෝරියා ප්‍රාන්තයේ බහු සංස්කෘතික ප්‍රජාවන්ට ඇති කරන අවදානම පිළිබඳවද විමර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ.


Highlights

  • දක්ෂිණාංශික අන්තවාදයේ සමස්ත නැගීම සමඟින් වික්ටෝරියානුවන්ට, විශේෂයෙන්ම ප්‍රාන්තයේ බහු සංස්කෘතික ප්‍රජාවන්ට එල්ල වන අවදානම් ආවරණය කිරීමට මෙම විමර්ශනය සැලසුම් කර තිබේ.
  • මෙම කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී හැකියාව, ඔවුන්ගේ බඳවා ගැනීම් සහ සන්නිවේදන ක්‍රම මෙන්ම ඔවුන්ගේ නැගීම වැළැක්වීමට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳ එහිදී අවධානය යොමුවනු ඇත.
  • නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ  පළමු නීති සම්පාදනය මේ වසර අගදී වික්ටෝරියා ප්‍රාන්ත රජය හඳුන්වා දීමට නියමිතය.

දක්ෂිණාංශික අන්තවාදය පිළිබඳ විමර්ශනය

මෑතකාලීනව දක්ෂිණාංශික අන්තවාදී පිරිස් සහ නව-නාසිවාදී කණ්ඩායම් බොහොමයක් වික්ටෝරියානු ප්‍රාන්තයේ මතුවෙමින් පවතින බව වාර්තා වේ.

ඔවුන් බොහොමයක් පසුගිය සමයේදී කොවිඩ් සම්බන්ධව පැවති විරෝධතාවලදී දෘශ්‍යමාන විය.

මේ හේතුවෙන්ම ඔවුන් පිළිබඳ විමර්ශනය කළ යුතු බවට වූ මෝසමක් වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් ඊයේ (09/02) අනුමත කරන ලදී.

මෙම කණ්ඩායම් ප්‍රජාව තුළ COVID-19 සම්බන්ධව හටගෙන ඇති කෝපයෙන් සහ අවිනිශ්චිතතාවයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කර ඇති බව විශේෂඥයෝ පවසති.
දක්ෂිණාංශික අන්තවාදයේ සමස්ත නැගීම සමඟින් වික්ටෝරියානුවන්ට, විශේෂයෙන්ම ප්‍රාන්තයේ බහු සංස්කෘතික ප්‍රජාවන්ට එල්ල වන අවදානම් ආවරණය කිරීමට මෙම විමර්ශනය සැලසුම් කර තිබේ.

එහිදී මෙම කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී හැකියාව, ඔවුන්ගේ බඳවා ගැනීම් සහ සන්නිවේදන ක්‍රම මෙන්ම ඔවුන්ගේ නැගීම වැළැක්වීමට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමුවනු ඇත.

දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම්වල වර්ධනයට සහ ඔවුන්ට වෙනත් ආකාරයේ අන්තවාදයන් සහ එන්නත් විරෝධී වැරදි තොරතුරු පතුරුවන කණ්ඩායම් සම්බන්ධ වීමට කොවිඩ් වසංගතය බලපා ඇත්තේ කෙසේද යන්න සොයා බැලීමට ද එයින් අපේක්ෂා කෙරේ.
Far-right extremists are increasingly forming global links, according to a new study.
Victoria's parliament to investigate the rise of far-right extremism in the state Source: AAP

දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව මෝසම

වික්ටෝරියානු ප්‍රාන්තයේ Greens අක්ෂ නායිකා Samantha Ratnam විසින් මෙම මෝසම වික්ටෝරියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

දක්ෂිනාංශික අන්තවාදීන්ගේ හිරිහැර තමන් ප්‍රයෝගිකව අත් විඳ ඇති බව එහිදී ඇය පැවසුවාය.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ දක්ෂිනාංශික අන්තවාදීන්ට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවද ඇය ප්‍රකාශ කළාය.
"පසුගිය වසර මුලදී අපි දැක්කා වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයේ සුදු ආධිපත්‍යවාදීන් විවෘතව රැස් වෙනවා. කොවිඩ් වසංගතය පුරාවටම, මෙම කණ්ඩායම් ඔවුන්ගේ ව්‍යාපාරය බලමුලු ගැන්වීමට සහ වර්ධනය කිරීමට උත්සාහ කිරීමේදී කොවිඩ් සම්බන්ධව ඇති වික්ටෝරියානුවන්ගේ සැබෑ බිය සමග සෙල්ලම් කරන බව අපි දැක්කා." යනුවෙන් ද වික්ටෝරියානු ප්‍රාන්තයේ Greens අක්ෂ නායිකා Samantha Ratnam වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි ක්‍රියා සම්බන්ධව ඉක්මණින් ක්‍රියා නොකළහොත් සිදුවන්නේ කුමක්දැයි ඉතිහාසය පෙන්වා දී ඇති බවද ඇය අවධාරණය කළාය.

මෙම විමර්ශනයේ තොරතුරු මැයි 31 වැනිදාට වාර්තා කිරීමට නියමිතය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


බහුසංස්කෘතික ප්‍රජාවේ ප්‍රතිචාරය

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනවාර්ගික ප්‍රජාවන්ගේ කවුන්සිලයේ සභාපති Eddie Micallef මෙම විමර්ශනය පිළිබඳ සිය ප්‍රශංසාව පළ කර තිබේ.

සමාජ ඒකාබද්ධතාවයට අන්ත දක්ෂිනාංශිකයින්ගේ බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීම වැදගත් බව ඔහු පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තයේ බහු සංස්කෘතික ප්‍රජාවට සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට පහරදීම් සහ අපයෝජනයන් කිරීම අලුත් දෙයක් නොවන නමුත් නමුත් මෙම දක්ෂිනාංශික කණ්ඩායම් වික්ටෝරියා ප්‍රජාවේ අවදානමට ලක්විය හැකි අංශ අපයෝජනය කිරීමේදී වඩාත් විධිමත් හා ඵලදායී වෙමින් සිටීම එහි ඇති වෙනස බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි අතර පළමු නීති සම්පාදනය මේ වසර අගදී වික්ටෝරියා ප්‍රාන්ත රජය හඳුන්වා දීමට නියමිතය.

කොවිඩ් වසංගතය අතරතුර කුමන්ත්‍රණ න්‍යායන් ඉහළ යාම සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ භීතිය මධ්‍යයේ, ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් මිලියන 60 කට වඩා වැඩි මුදලක් වැය කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය සතියේදී  පැවසීය.



Share

Published

Updated

By Evan Young, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වික්ටෝරියා ප්‍රාන්තයේ දක්ෂිණාංශික අන්තවාදය පිළිබඳ විමර්ශනය කිරීමට නව මෙහෙයුමක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala