SKIP TO MAIN CONTENT

ස්ථිර පුරවැසි භාවය සඳහා වන අයදුම් පත්‍ර ගාස්තු සහනය කැපීමට ඔස්ට්‍රලියානු සංක්‍රමණ ඇමති ගත් උත්සාහයට අවසානයේදී සිදුවුනේ කුමක්ද?

Australian Home Affairs Minister _Peter Dutton
Australian Home Affairs Minister _Peter Dutton Source: AAP Image/Lukas Coch

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

මෙරට ස්ථිර පදිංචිය ලබා ඇති වැඩිහිටි සංක්‍රමණික පුද්ගලයිනට ස්ථිර පුරවැසිභාවය ලබාගැනීමේදී අදාල අයදුම් පත්‍ර ගාස්තුව සඳහා මෙතෙක් ලබාදී තිබු වට්ටම් මුදල අහෝසි කිරීම සඳහා සංක්‍රමණ අමාත්‍ය පීටර් ඩටන් මහතා විසින් ගෙන එන ලද යෝජනාව සෙනෙට් සභා චන්ද විමසීමේදී පරාජයට පත්වෙයි.  මෙතෙක් ඩොලර් 20 සිට 40 දක්වා ලැබුණු මෙම වට්ටම් මුදල මෙරට ස්ථිර පදිංචිය ලබාසිටින සංක්‍රමණික පසුබිමක් ඇති විශ්‍රාමිකයින්, වයෝවෘද පුදගලයින් සහ වැන්දඹුවන් වෙත ලබාදී තිබිණ. එය මෙම ජූලි 1 දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට තිබිණ.

මෙම යෝජනාව අහෝසි කොට එය නැවත පෙර තිබු තත්වයට ගෙන ඒමේ යෝජනාවක් ග්‍රීන්ස් පක්ෂ විසින් ගෙන එන ලද අතර එයට කම්කරු පක්ෂයේ සහ ස්වාධින සෙනෙට් සභිකයින් වන Derryn Hinch සහ Tim Storer ගේ ද සහයෝගය ලැබිණ. ඒ අනුව ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය පීටර් ඩටන් විසින් ගෙන එන ලද යෝජනාව සෙනෙට් චන්ද විමසීමේදී චන්ද 31 ට 30 ක් ලෙසින් පරාජය කරලීමට ග්‍රීන්ස් පක්ෂය සමත් විය.

 මෙය පළමුවරට ජනතාවට අනාවරණය කරන ලද්දේ SBS මාධ්‍ය ආයතනය විසින් වන අතර, ඉන් ලැබුණු අඛණ්ඩ සහයෝගය හමුවේ ජනතා විරෝධය පාර්ලිමේන්තුව කර ගෙන ඒමට හැකිවුණු බව ග්‍රීන්ස් පක්ෂ සෙනෙට් සභික Nick McKim මහතා පවසා සිටියේය.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now