Heatwaves හෙවත් තාප තරංග යනු ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී ප්‍රධාන වශයෙන් දක්නට හැකි කාලගුණ තත්ත්වයකි.
මෙය මිනිසුන්ට පමණක් නොව සත්ත්වයින්ට සහ තුරු ලතා වලටද අහිතකර ලෙස බලපායි.
එනිසාම මෙම Heatwaves වලින් ආරක්ෂා වීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා ඔබ දැනගත යුතු කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Highlights
- Heatwaves දරුණුම වූ විට මරණය පවා සිදුවිය හැකිය
- Heatwaves හි ආරම්භක අවස්ථාව වන Heat exhaustion තත්ත්වයේදී අධික දහදිය දැමීමක් සිදුවේ
- දියවැඩියා, හෘද රෝග, පිළිකා, හතිය වැනි නිධන්ගත රෝග ඇති පුද්ගලයින් Heatwaves සඳහා ඉහළ අවදානමක් ඇත
Heatwaves බලාපාන අයුරු
මිනිසාට දරුණු ලෙස බලාපාන ස්වභාවික ව්‍යසනයක් ලෙස Heatwaves හැඳින්විය හැකිය.
මේ හරහා මිනිසුන්ට සෞඛ්‍ය ගැටළු මෙන්ම ආර්ථික හා මානසික ගැටළු ද ඇතිවිය හැකිය.
සෞඛ්‍ය බලපෑම පිළිබඳව සාකච්ඡා කරන විට මෙහි ආරම්භක අවස්ථාව Heat exhaustion යනුවෙන් හඳුන්වන බවත් ඉන් අනතුරුව එය Heatstroke එකක් දක්වා වර්ධනය වන බව මෙල්බර්න් නුවර වෛද්‍ය චමීර රණතුංග මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එය දරුණුම වූ විට ඇතැම් අවස්ථා වලදී මරණය පවා සිදුවිය හැකි බව ඔහු පැවසීය.
Heatwaves සමග පුද්ගලයෙකුට මානසික ආතතිය හා මානසික වෙහෙසකාරී තත්ත්ව ඇතිවිය හැකිය.
ආර්ථික වශෙයන් ගත් කළ ජලය අඩුවී විදුලිය නිෂ්පාදනය පහත වැටීම, ආහාර නිෂ්පාදනය අඩුවීම ද සිදුවන බව වෛද්‍ය චමීර රණතුංග මහතා පැවසීය.
එමෙන්ම Heatwaves නිසා බොහෝ විට ලැව් ගිනි ද ඇතිවිය හැකිය.

Heatwaves හරහා මිනිස් සිරුරට සිදුවිය හැකි දේ
Heatwaves හි ආරම්භක අවස්ථාව වන Heat exhaustion තත්ත්වයේදී අධික දහදිය දැමීමක් සිදුවන අතර ඒ හරහා සම වියළි වී ශරීරයේ ජලය අඩුවන බව වෛද්‍ය චමීර රණතුංග මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එහිදී සිරුර විඩාවට පත්වී හිසරදය සහ ක්ලාන්ත ගතිය ඇතිවිය හැකිය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
එවැනි රෝග ලක්ෂණ පැමිණියහොත් හැකි විගස සිසිල් ස්ථානයකට ගොස් හැකි තරම් ජලය පානය කිරීමත් හැකිනම් සිසිල් ජලයෙන් ස්නානය කිරීම හෝ සිසිල් ජලයෙන් සිරුර මාත්තු කිරීමත් යෝග්‍ය බව වෛද්‍ය චමීර රණතුංග මහතා පැවසීය.
ඉන් අනතුරුව තමාගේ වෛදයවරයාව හමුවීමද ඉතා වැදගත්ය.
මෙම රෝග ලක්ෂණ පැයකට අධික කාලයක් පැවතියහොත් හෝ සිහි නැතිවීමක් හටගතහොත් හෝ මානසික ව්‍යාකුලත්වය හෝ ශ්වසනය ශීග්‍ර වීම හෝ ඇතිවේනම් හැකි විගස 000 අමතා ගිලන් රථයක් ගෙන්වා ගත යුතු බවද වෛද්‍ය රණතුංග මහතා පැවසීය.

ඉහළ අවදානමක් ඇති පිරිස්
- දියවැඩියා, හෘද රෝග, පිළිකා, හතිය වැනි නිධන්ගත රෝග ඇති පුද්ගලයින්
- වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්
- ළදරුවන් හා කුඩා දරුවන්
- ගැබිණි හා කිරි දෙන මව්වරුන්
- ජලය සිරුරෙන් ඉවත් කෙරෙන ඖෂධ වර්ග භාවිතා කරන පුද්ගලයින්
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.
Heatwaves වලින් ආරක්ෂා වන්නේ කෙසේද?
- ජලය ළඟ තබාගෙන නිතරම පානය කළ යුතුය.
- හිරු රශ්මිය අඩුවෙන් පතිත වන ස්ථාන වල පමණක් ඇවිදීම හෝ රැදී සිටීමට වග බලා ගැනීම.
- සැහැල්ලු ඇඳුම් ඇඳීම
- තොප්පියක් පැළඳීම
- වාහන එළිමහනේ නවත්වනවා නම් සෙවනක නැවත්වීම.
- නවත්වා ඇති වාහන වල කිසිවෙකුත් අගුලු දමා නොයා යුතුය.
- හදිසියකදී 000 අමතන්න.

