ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ජනතාවට ලබා දීම පසුගිය පෙබරවාරි 22 වන දින සිට ආරම්භ කෙරුණි.
එහිදී ඔස්ට්‍රේලියාව පළමුවෙන් ලබාදීම ආරම්භ කළ කොරෝනා එන්නත වූයේ Pfizer එන්නතය.
මේ අතර පසුගිය ඉරිදා (28/02) දිනයේදී ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ AstraZeneca එන්නතේ පළමු මාත්‍රා තොගය ද ඔස්ට්‍රේලියාවට ළඟා විය.
ඒ අනුව එම AstraZeneca එන්නත එළඹෙන මාර්තු 08 වන දින සිට ජනතාවට ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
Highlights
- Pfizer එන්නත වයස අවුරුදු 16 න් අඩු පුද්ගලයින්ටත් AstraZeneca එන්නත වයස අවුරුදු 18 න් අඩු පුද්ගලයින්ට ලබා ගත නොහැකිය
- ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තීකරණ ලේඛනයට කොරෝනා එන්නත ලබාගත් බවට අදාළ සියලු තොරතුරු ඇතුළත් කළ යුතු බැවින් ඔබේ Medicare කාඩ්පත යාවත්කාලීන කර තිබීම අතිශය වැදගත්ය.
- එන්නත ලබාගැනීමෙන් පසුව ඔබට බරපතල ආසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සඳහා ක්ෂණිකව ප්‍රතිකාර කිරීමට එන්නත ලබාගත් ස්ථානයේ මිනිත්තු 15 ක් රැදී සිටිය යුතුය.
කොරෝනා එන්නත් ලබා නොගත යුතු පිරිස්
මෙහිදී මෙම කොරෝනා එන්නත් ලබා නොගත යුතු යයි වෛද්‍යවරු නිර්දේශ කළ පිරිසක් සිටියි.
ඒ අතර පහත පුද්ගල ඛාණ්ඩ ප්‍රධාන වන බව මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
- Pfizer එන්නත වයස අවුරුදු 16 න් අඩු පුද්ගලයින්ට ලබා ගත නොහැකිය.
- AstraZeneca එන්නත වයස අවුරුදු 18 න් අඩු පුද්ගලයින්ට ලබා ගත නොහැකිය.
- කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමෙන් පසුව දරුණු ආසාත්මිකතා හටගන්නා පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකිය.
- ගර්භනී මව්වරුන්ට දැනට මෙම කොරෝනා එන්නත් ලබා නොදීමට නිර්දේශ කර තිබේ.
- එන්නත ලබාගැනීමට යාමේදී ඔබේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ට වඩා අධික නම් එන්නත ලබාගැනීම ප්‍රමාද කළ යුතුය.

කොරෝනා එන්නත ලබාගැනීමට පෙර ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය
මෙම කොරෝනා එන්නත් ලබා දෙන්නේ ද සාමාන්‍ය එන්නතක් ලබා දෙන ආකාරයටම බව මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
මෙම එන්නත ලබා දෙන්නේ ඔබේ උරහිසේ ඇති මාංශ පේශියටය.
කොරෝනා එන්නත ලබා ගැනීමට යාමේදී මුව ආවරණයක් පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකීම වැනි කොරෝනා නීති යටතේ අප දැනට අනුගමනය කරන යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බව ද වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අවධාරණය කළේය.
ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තීකරණ ලේඛනයට ඔබ මෙම කොරෝනා එන්නත ලබාගත් බවට අදාළ සියලු තොරතුරු ඇතුළත් කළ යුතු බැවින් ඔබේ Medicare කාඩ්පත යාවත්කාලීන කර තිබීම ද අතිශය වැදගත්ය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඊට අමතරව කොරෝනා එන්නත ලබා ගැනීමට යාමේදී ඔබේ සාමාන්‍ය සෞඛ්‍ය විස්තර එන්නත ලබාදෙන වෛද්‍යවරයාට හෝ සෞඛ්‍ය වෘත්තිකයාට ලබා දිය යුතු බවද වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා පැවසීය.
ඔබට යම් ආසාත්මිකතාවක් තිබේද යන්න, ඔබ දැනට ලබාගන්නා ඖෂධ වර්ග යනාදිය එහිදී වැදගත් වේ.
කොරෝනා එන්නත ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදීම අදියර 5 ක් යටතේ සිදු කරන බැවින් ඔබ අයත් වන්නේ කුමන අදියරට දැයි පෙරාතුව දැනගෙන සිටිය යුතුය.
www.health.gov.au යන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් එය ඔබට දැනගත හැකිය.
Pfizer එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමෙන් පසුව දෙවැනි මාත්‍රාව සති තුනකින් ලබාගත යුතු අතර AstraZeneca එන්නතේ දෙවැනි මාත්‍රාව පළමු මාත්‍රාව ලබාගෙන සති 12 කින් ලබාගත යුතුවේ.
අප්‍රේල් මාසයේ සිට Flu එන්නත ද ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා පෙළඹී සිටින බවින් කොරෝනා එන්නත ලබාගැනීම සහ Flu එන්නත ලබාගැනීම අතර අවම වශයෙන් සති දෙකක කාලයක පරතරයක් තබා ගත යුතු බවද මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එමෙන්ම කොරෝනා එන්නත ලබාගත් පසුව බොහෝ විට ඔබට පහත සඳහන් සුළු අතුරු ආබාධ ඇතිවිය හැකි බවද සිහියේ තබා ගැනීම අතිශය වැදගත් වේ.
- ඔබේ සිරුරට එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාවක් ඇතිවීම
- හිසරදය
- අලස බව
- සුළු උණ තත්ත්වයක්

කොරෝනා එන්නත ලබාගැනීමෙන් අනතුරුව මිනිත්තු 15 ක් එම ස්ථානයේ රැඳී සිටිය යුත්තේ ඇයි?
ඕනෑම කොරෝනා එන්නතක් ලබාගැනීමෙන් අනතුරුව එන්නත ලබාදුන් ස්ථානයේ මිනිත්තු 15 ක් හෝ 20 ක් රැඳී සිටිය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.
"ඔබ කුමන එන්නතක් ලබාගත්තත් එම එන්නත ලබාගත් ස්ථානයේ මිනිත්තු 15 ක් පමණ රැඳී සිටින ලෙසට ඔබට වෛද්‍ය උපදෙස් ලැබෙනවා. ඔබට එහිදී යම් බරපතල ආසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සඳහා ක්ෂණිකව ප්‍රතිකාර කිරීමට අදාළ සෞඛ්‍ය වෘත්තිකයින්ට හැකිවීම ඊට එක් ප්‍රධාන හේතුවක්. ඒ වගේම කොරෝනා එන්නත ඉතා කෙටි කාලයක් තුළ නිපදවූ එන්නතක් නිසාවෙන් එය ලබාගැනීමෙන් අනතුරුව සිරුරේ ඇතිවන සියලුම ආසාත්මිකතා සහ අතුරු ආබාධ වෛද්‍යවරු විසින් දත්ත ගත කළ යුතුයි." යනුවෙන් ඒ සඳහා හේතු වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා පැහැදිලි කළේය.
එනිසා කොරෝනා එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඔබට යම් කිසි අපහසුතාවක් ඇතිවේ නම් එම ස්ථානයේ සිටින සෞඛ්‍ය වෘත්තිකයාට වහාම දැනුම් දෙන ලෙස ද ඔහු සඳහන් කළේය.

