Australian Capital Territory 190 වීසා පිරිනැමීම දෙසැම්බර් මාසයේ නවත්වයි? (SBS සිංහල/ වාර්තා)

ACT හි දෙසැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය 2021 දෙසැම්බර් 06 වන දින ක්‍රියාත්මක විය.

Northern Territory & Western Australia received additional Skilled nomination allocations

Source: Getty Images/FotografiaBasica

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

දෙසැම්බර් 06 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.


Highlights

  • මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ කිසිදු අයදුම්කරුවෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැත.
  • 2021/22 මුල්‍ය වර්ෂයේදී ACT හි 190 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකළ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
  • Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 54 ක් නිකුත් කර ඇති බව සඳහන්.

ACT දෙසැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය

ACT හි දෙසැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය 2021 දෙසැම්බර් 06 වන දින ක්‍රියාත්මක විය.

මෙම වටයේදී 457/482 වීසා ලාභීන් කිසිවෙකුට 190 හෝ 491 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නැත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඊට අමතරව මෙම ආරාධනා වටයේදී Small Business Owners ධාරාව හරහා අයදුම්කළ අයදුම්කරුවෙකුට 491 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ කිසිදු අයදුම්කරුවෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැතිවීම විශේෂත්වයකි.

2021/22 මුල්‍ය වර්ෂයේදී ACT හි 190 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකළ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වේ.

කෙසේවෙතත්, Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 54 ක් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.

නමුත් Accountants වෘත්තීය සඳහා එය ලකුණු 95 ක් බව සඳහන්.

The latest updated of Australian Visa Processing time
Source: Getty Images

දෙසැම්බර් පළමු වටයේ ආරාධනා පත්‍ර ලැබූ වෘත්තීන්

මෙවර වටයේ වෘත්තීන් 21 කට 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

එහිදී Accountants, Auditor සහ Policy Analyst යන වෘත්තීන් සඳහා වැඩිම ලකුණු ප්‍රමාණය සලකා බලා ඇති අතර එය ලකුණු 95 කි.

එමෙන්ම Contract, Program and Project Administrators සඳහා ලකුණු 85 ක් සහ Cook සඳහා ලකුණු 75 ක් ලෙස සලකා බලා තිබේ.

මෙවර වටයේ 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කළ වෘත්තීන් සහ ඒවාට අදාළ අවම ලකුණු පහත පරිදි වේ.

Occupation IDNOMINATED OCCUPATIONMinimum Rank: 491
2211Accountants95
2212Auditor95
2244Policy Analyst95
2324Graphic and Web Designers65
2332Civil Engineering professionals65
2333Electrical Engineers65
2334Electronics Engineers65
2339Other Engineering professionals65
2411Early Childhood (Pre-Primary School) Teacher65
2544Registered Nurses 65
2611ICT Business and Systems Analyst65
2612Multimedia Specialists and Web Developers 65
2613Software and Applications Programmers65
2621Database and Systems Administrator65
2632ICT Support and Test Engineers65
3121Architectural, Building and Surveying Technicians65
3513Chef65
3514Cook75
4114Enrolled Nurse65
4117Welfare Support Worker 70
5111Contract, Program and Project Administrators85

2021 නොවැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මෙතනින් ලබාගන්න.

2021/22 මුල්‍ය වර්ෂය සඳහා දැනට ඉතිරිව ඇති ACT හි Skilled වීසා කෝටාව

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (subclass 190) වීසා - 600
  • Skilled Work Regional (subclass 491) වීසා - 1,400

මේ අතර 2021 දෙසැම්බර් මාසයේ 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.

  • 190 වීසා - 344
  • 491 වීසා - 752

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

4 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now