සෑම තරුණ ඕස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම මෙරට සිටින සරණාගත පිරිස් වල සුභ සාධනය සඳහා රජයට තවදුරටත් දායකත්වයක් දැක්විය හැකි බවට විශ්වාසකරන බව නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වාදෙයි.
World Vision Australia, ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා වයස 11 සිට 19 දක්වා වන තරුණ ඕස්ට්‍රේලියානුවන් 1000 කට වැඩි සංක්‍යාවක් සම්බන්දකොට ගෙන තිබේ. මෙරට සිටින සරණාගතයින් සම්බන්දව සමීක්ෂණයට සහභාගීවුන්ගේ ආකල්ප විමසීමේදී බොහෝ තරුණ පිරිස් පවසා ඇත්තේ තමා ද යම් දිනක තම රට තුලදී වුවද සරණාගත භාවයට පත්විය හැකි බවයි.
එසේම මෙම සමීක්ෂණයට සම්බන්ද වු සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම පවසා ඇත්තේ සරණාගත පුද්ගලයින් භයානක පුද්ගලයින් ලෙසට තමන් නොසිතන බවයි
World Vision Australia හි ප්‍රධාන විධායක නිලධාරී Tim Costello පවසා සිටියේ බොහෝ අය සෙල්ෆි ප්‍රජාවක් ලෙසින් හඳුන්වන වත්මන් තරුණ පරපුර තමන් ගැන පමණක් සිතමින් තමාගේ ලෝකවල සිරවී සිටින බවට සමාජයෙන් දෙෂරෝපණ එල්ල වුවද අවට සාමාජිය කාරණා පිළිබඳව මෙතරම් සංවේදීතාවක් දක්වන පිරිසක් ලෙසට හඳුනාගැනීමට ලැබීම පිළිබඳව තමාද විමතියට පත්වුණු බවයි.

