කොවිඩ් එන්නත් විරෝධී අන්තර්ගතයන් තම ඩිජිටල් වේදිකාවේ අවහිර කරන බව YouTube පවසයි.
එමෙන්ම එයින් ඔබ්බට ගොස් වෙනත් අනුමත එන්නත් වල වැරදි තොරතුරු අඩංගු අන්තර්ගතයන්ද ඊට ඇතුළත් කරන බවත් ඔවුහු දන්වති.
Highlights
- සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කර ඇති සහ දැනට ලබාදෙන ඕනෑම එන්නතක් පිළිබඳ වැරදි තොරතුරු තහනම් කිරීමට YouTube නව නීති මගින් ක්‍රියා කෙරේ.
- නමුත් පරීක්‍ෂා කෙරෙන එන්නත් පිළිබඳ තොරතුරු සහ චෝදනා කියා පෑමට YouTube මගින් තවමත් අවසර දෙනු ඇත.
- ඩිජිටල් වේදිකාවල ව්‍යාජ සෞඛ්‍ය තොරතුරු ව්‍යාප්ත වීම නැවැත්වීම සඳහා ප්‍රමාණවත් තරම් ක්‍රියා නොකළ බවට විවේචන එල්ල වීම නිසා YouTube මෙම පියවර ගෙන තිබේ.
කොවිඩ් එන්නත් විරෝධී අන්තර්ගතයන්ට YouTube වැට බඳියි
ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කර ඇති සහ දැනට ලබාදෙන ඕනෑම එන්නතක් පිළිබඳ වැරදි තොරතුරු තහනම් කිරීමට YouTube නව නීති මගින් ක්‍රියා කෙරේ.
ඒ අනුව කොවිඩ් එන්නත් විරෝධී අන්තර්ගතයන්ට අමතරව flu එන්නත වඳභාවයට හේතු විය හැකි බව, සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා වලින් ආරක්ෂා කරන MMR එන්නත ඔටිසම් රෝගයට හේතු විය හැකි බව යන තොරතුරු ද YouTube වලට ඇතුළත් කිරීමට නොහැකිය.
පරීක්‍ෂා කෙරෙන එන්නත් පිළිබඳ තොරතුරු සහ චෝදනා කියා පෑමට YouTube මගින් තවමත් අවසර දෙනු ඇත.
තවද එන්නත් පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රවර්ධනය කිරීමේ ඉතිහාසයක් ඇති YouTube ගිණුමකින් නොපැමිණෙන කොවිඩ් එන්නතට දක්වන ප්‍රතික්‍රියා පිළිබඳ පුද්ගලික අත්දැකීම් සහ කථාඵල කිරීමටද අවසර දෙන බව YouTube පවසයි.

Social media apps displayed on a mobile phone. Source: AAP Image/Yui Mok/PA Wire
එන්නත් විරෝධීන් සහ ඔවුන් සම්බන්ධ නාලිකා
මේ අතර Robert F Kennedy Jr සහ Joseph Mercola ඇතුළු ප්‍රකට එන්නත් විරෝධී ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු හා ඔවුන් සම්බන්ධ නාලිකා ද YouTube වේදිකාව තහනම් කරමින් සිටින බව YouTube නියෝජිතයෙකු පැවසීය.
"අපි ලොව පුරා එක්සත් වී සිටිමු, අපි බියෙන් ජීවත් නොවෙමු, අපි එකට සිටගෙන අපේ නිදහස නැවත ලබා ගන්නෙමු.” යනුවෙන් Joseph Mercola ගේ වෙබ් අඩවිය වෙනුවෙන් මාධ්‍ය වෙත නිකුත් කෙරුණු ප්‍රකාශයේ සඳහන් වේ.
මේ අතර "වාරණය සහ රහසිගතභාවය, ප්‍රජාතන්ත්‍රවාදය හෝ මහජන සෞඛ්‍යය දියුණු කළ අවස්ථාවක් ඉතිහාසයේ නොමැත." යනුවෙන් Robert F Kennedy Jr ද විශේෂ ප්‍රකාශයේ කරමින් පවසා ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
YouTube මෙම පියවර ගැනීමට හේතු
YouTube, Facebook සහ Twitter වැනි තාක්‍ෂණ දැවැන්තයින් තම ඩිජිටල් වේදිකාවල ව්‍යාජ සෞඛ්‍ය තොරතුරු ව්‍යාප්ත වීම නැවැත්වීම සඳහා ප්‍රමාණවත් තරම් ක්‍රියා නොකළ බවට විවේචන එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
නමුත් YouTube වැරදි තොරතුරු තම වේදිකාව ඔස්සේ ඵල කිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගන්නා විට එයට ලොව පුරා දැඩි විරෝධයක් එල්ල වේ.
රුසියානු රාජ්‍ය අනුග්‍රහය ලත් මාධ්‍ය ආයතනයක් වන RT's German හි YouTube නාලිකා COVID-19 වැරදි තොරතුරු ඵල කිරීමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ බව පවසමින් එම නාලිකා YouTube වලින් මකා දැමීමට පසුගිය අඟහරුවාදා පියවර ගෙන තිබේ.
මෙම පියවර පෙර නොවූ විරූ තොරතුරු ආක්‍රමණයක් ලෙස රුසියානු බලධාරීහු මෙම ක්‍රියාව හැඳින්වූ අතර YouTube අවහිර කරන බවටද තර්ජනය කළහ.