Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

බොන්ඩායි වෙරළ තීරයේ සමූහ වෙඩි තැබීම සිදු කල පිය පුතු වෙඩික්කරුවන්

A man with a shotgun on a bridge

The father-son shooters allegedly killed 15 people at Bondi Beach on Sunday. Credit: Reddit/Supplied

සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් ප්‍රජාවේ දහසක් පමණ රැස්ව සිටි හනක්කා ආගමික සැමරුම් උත්සවය ඉලක්ක කර සිදු කල වෙඩි තැබීම වයස අවුරුදු 50 සහ 24 යන වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු විසින් සිදු කල බව පොලිසිය පවසනවා.


Published

By Rashida Yosufzai

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් ප්‍රජාවේ දහසක් පමණ රැස්ව සිටි හනක්කා ආගමික සැමරුම් උත්සවය ඉලක්ක කර සිදු කල වෙඩි තැබීම වයස අවුරුදු 50 සහ 24 යන වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු විසින් සිදු කල බව පොලිසිය පවසනවා.


24 හැවිරිදි පුද්ගලයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දැනට රෝහල් ගත කර සිටින අතර ඔහුගේ පියා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් එම ස්ථානයේදී ම මිය ගියා.

ඔවුන් සිඩ්නි නගරාසන්නයේ බොනීරිග් හි ලිපිනයක ජීවත් වූ බවට වාර්තා වුවත් සිදු වීම වන විට කැම්ප්සි හි ලිපිනයක නැවතී සිටි බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ. ආරක්ෂක අංශ මේ ස්ථාන දෙකම හදිසි සෝදිසියකට ලක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශ තහවුරු කර ඇත්තේ, ප්‍රහාරකයන්ගෙන් පුත්‍රයා යැයි විශ්වාස කරන පුද්ගලයා පිලිබඳ බුද්ධි අංශ දැන සිටි නමුත්, ඔහු ක්ෂණික තර්ජිත පුද්ගලයෙකු ලෙස හදුනා‌ගෙන නොමැති වීම ගැටලුවක් බවයි.

Police with weapons on the ground
Six guns were collected at the scene of the mass shooting. Source: ABC News / SUPPLIED/AAP

පොලිසිය පවසන්නේ 50 හැවිරිදි පුද්ගලයා බලපත්‍රලාභී ගිනි අවි හිමිකරුවෙකු වන අතර ඔහුට බලපත්‍රලාභී තුවක්කු හයක් ඇති බවට වාර්තා වන බවයි.

ප්‍රහාරයට හේතුව තවමත් පැහැදිලි නැති නමුත් ප්‍රහාරය පිටුපස ඇති චේතනාවන් සොයා බලන බව නිව් සවුත් වේල්ස් පොලිසිය පවසනවා.

නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැන්යොන් පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් කිසිවෙකු ප්‍රහාරය සැලසුම් කර ඇති බවට හෝ ඔවුන් පිටුපස වෙනත් කණ්ඩායම් ඇති බවට වන කිසිදු ඇඟවීමක් මේ දක්වා හෙළි වී නොමැති බවයි.

වැඩිදුර තොරතුරු සඳහා SBS News පිටුවට පිවිසෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now