Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Australian Summer: විනාඩි 4 කින් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිතම වෙරළ තීරයන් හඳුනාගනිමු

Australian Summer: How to identify the safest beaches in Australia

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිතම වෙරළ තීරයන් හඳුනාගන්නේ කෙලෙසද යන්න පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිතම වෙරළ තීරයන් හඳුනාගන්නේ කෙලෙසද යන්න පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවයේ ජීවිතාරක්ෂකයෙකු ලෙස කටයුතු කරන අකිල වටරැක මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.


ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිතම වෙරළ තීරයන් හඳුනාගන්නේ කෙලෙසද?

ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවය විසින් අනියුක්ත කරන ලද ජීවිතාරක්ෂකයින් රාජකාරියේ යෙදෙන වෙරළ තීරයන් තමයි ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිතම වෙරළ තීරයන් ලෙස හැඳින්වෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම එවැනි ආරක්ෂිතම වෙරළ තීරයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

සතියේ දිනවල ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවයේ ජීවිතාරක්ෂකයින් සහ සති අන්තයේදී ස්වේච්ඡා ජීවිතාරක්ෂකයින් උදෑසන 8 සිට සවස 5 දක්වා එම වෙරළ තීරයන්හි රාජකාරී කටයුතු සිදුකරනවා.

සරළව පවසනවානම්, ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවයේ රතු සහ කහ පැහැති කොඩි මධ්‍යයේ ඇති මුහුදු කලාපයට යාම තමයි වඩාත්ම ආරක්‍ෂිත වෙන්නේ.

එවැනි කොඩි පිහිටා ඇති කලාපයේ මුහුද දෙස සෑම විටම ජීවිතාරක්ෂකයින් විමසිල්ලෙන් බලා සිටිනවා.

එනිසා යම් අයෙකු දියේ ගිලීමට හෝ වෙනයම් අනතුරකට මුහුණ දෙන විටම එම ජීවිතාරක්ෂකයින්ට අදාළ පුද්ගලයාව බේරාගැනීමට ඉතා ඉක්මණින් පැමිණිය හැකියි.

Beach Safety
Source: Getty Images

Beachsafe App

ඔස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක සේවය විසින් නිර්මාණය කරන ලද Beachsafe App එක මගින් ද ඔබට ඔස්ට්‍රේලියාවේ ආරක්ෂිතම වෙරළ තීරයන් සොයාගත හැකියි.

මෙම Beachsafe App එක හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයකම හෝ ටෙරිටරියකම ඇති ප්‍රධාන වෙරළ තීරයන් පිළිබඳ පහත තොරතුරු දැනගත හැකියි.

  • වෙරළ විවෘතව පවතින දින සහ වේලාවන්.
  • අදාළ දිනවල කාලගුණ තත්ත්වය.
  • ආරක්ෂිතද යන්න.
  • සුළං තත්ත්වය.
  • දියවැල් තත්ත්වය.
  • වෙරළ ආශ්‍රිතව ඇති අනෙකුත් පහසුකම්

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now