වයස්ගත වැඩිහිටියන් තුවාල වීම සහ රෝහල්ගතවීම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇද වැටීමයි. ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා මෙසේ වැටීමකට ලක් වනවා. මේ ඒ පිළිබඳව අප සිදු කළ වෛද්‍ය සාකච්ඡාවේ දෙවන කොටසයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙසෙන වෘද්ධ රෝග විශේෂඥ අතුල කොස්ගල්ලන සමඟ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාව
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.
වැඩිහිටියෙක් ජීවත් වන නිවසක ඔවුන්ට අවදානමක් විය හැකි දේවල් පිළිබඳ නිසි ඇගයීමක් කරලා ඒවා වෙනස් කරන්න පුලුවන් නම් බොහොමයක් නිවෙස් තුල සිදු වන ඇද වැටීම් වලක්වාගන්න පුළුවන්වෘද්ධ රෝග විශේෂඥ අතුල කොස්ගල්ලන






