මෑතක සිදු වූ පොලි අනුපාත ඉහළ යාමත් සමඟ ෆෙඩරල් රජය වෙත වෘත්තීය සමිති සහ ආර්ථික විශේෂඥයන්ගෙන් යම් පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ඒ ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමය හෙවත් Capital Gains Tax සතු 50%ක බදු ප්‍රතිලාභය වෙනස් කරන ලෙසටයි. එම ප්‍රතිපත්තිය ධනවත් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසියට පවතින බවත් එය බදු ගෙවීම මග හරවන ක්‍රමවේදයක් බවත් විචාරකයන් පවසනවා. නිවාස සැපයුම ඉහළ දැමීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව භාණ්ඩාගාරික කියා සිටිනවා. කෙසේ වෙතත් බදු ප්‍රතිලාභය අවම කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 20ක් ලැබෙන බවත් රටේ ශ්‍රම බලකායේ ජීවන වියදම් අවම කරමින් සහයක් වීමට හැකි බවත් ප්‍රතිපත්තිමය වෙනසකට සහාය දක්වන්නන් තර්ක කරනවා. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






