1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්‍ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉතාමත් ආසන්නයෙන් සිටිනවා. ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන 2.2ක අගයක් ගන්නවා. මේ කාරණය සම්බන්ධයෙන් KPMG ආයතනය නිකුත් කල වාර්තාවකින් තොරතුරු හෙළිවෙලා තියෙනවා. මේ වාර්තාව සඳහා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණය කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව තුල විවිධ පරම්පාරා අතරේ ධනය බෙදිලා ගිහින් තියෙන ආකාරය ගැනයි මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එන්නේ.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






