ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා නත්තල් උත්සව සමය සහ නිවාඩු කාලය තුළ අධික ලෙස වියදම් කරන්න පෙළඹෙනවා . තෑගි මිලදී ගැනීම්, ආහාර, සංචාර කටයුතු ,විවිධ සැමරුම් උත්සව වගේ දේවල් නිසා බොහෝ විට අධික වියදමක් දැරීමට බොහෝ දෙනාට සිදුවෙනවා. මේ සියල්ල අවසන් වෙලා ජනවාරි මාසයේ නැවතත් සුපුරුදු ජීවිතයට එනවිට ඔබට ආර්ථික වශයෙන් යම් පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. ණය බර අධිකව ඔබට දැනෙන්න පුළුවන්. මේ නිසා ඔබට දැඩි ආතතියක් දැනෙන්නත් පුළුවන්. නමුත් මේ තත්වය නොසලකා හැරීමෙන් තත්වය තවත් ගැටළු සහගත වෙන්න පුළුවන් කියල ඕස්ට්‍රේලියාවේ මූල්‍ය උපදේශකවරියක වන හෙලන් බේකර් පවසනවා. ඉතින් මේ වගේ අවස්තාවකදී ඔබේ මූල්‍යමය තත්වයන් නැවත නිසියාකාරව පාලනය කරගන්න පුළුවන් සරල, ප්‍රායෝගික ක්‍රම 10ක් ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS News වෙබදවියේ පළවූ ලිපියක් ඇසුරින් මෙම විශේෂාංගය සකසා ඇති බව කරුණාවෙන් සලකන්න
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






