ජනවාරි 26 වෙනිදා ඇත්තටම මොකද වුණේ: ඔස්ට්‍රේලියානු දිනයේ ඉතිහාසය ගැන විමසීමක්

Warga Pertama Australia mengadakan perarakan sempena Hari Australia

Meriki Onus dari suku kaum Gunai dan Gunditjmara mengambil bahagian dalam perarakan yang digelar Invasion Day Rally pada 26 Januari, 2025 di Melbourne, Australia. Hari Australia, yang dikenali sebelum ini sebagai Foundation Day, ialah sambutan tahunan rasmi setiap 26 Januari sempena ulangtahun ketibaan armada pertama di Sydney pada tahun 1788. Namun, kaum orang asli negara ini menganggap hari ini sebagai Hari Pencerobohan atau Invasion Day oleh pendatang kulit putih. Credit: Darrian Traynor/Getty Images Credit: Darrian Traynor/Getty Images

ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියානු දිනය එහෙම නැතිනම් 'Australia Day' විදියට තමයි සැලකෙන්නේ. ඉතින් ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියාව පුරා මහජන නිවාඩු දිනයක් විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට පළමු සංක්‍රමණිකන් රැගත් නැව් සිඩ්නි වරයාට පැමිණීම මෙදිනට සිහිපත් කරනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන් ඇතුළු ඇතැම් පිරිස් වලට මේ ආගමනය වේදනා කාරී මතකයන් ගෙන දෙනවා. ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියානු දිනය එහෙම නැතිනම් Australia Day විදියට සමරන්නට යෙදුනු හේතු වගේම ඕස්ට්‍රේලියාවේ විවිධ ජන කොටස් වෙනස් ආකාරයට මේ ඕස්ට්‍රේලියානු දිනය දෙස බලන්නේ ඇයි කියන කාරණය ගැන කරුණු සොයා බලන්න අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


Key Points
  • පළමු බලඇණිය බොටනි බොක්ක වෙත පැමිණියේ 1788 ජනවාරි 18 වන දින මිස ජනවාරි 26 වන දින නොවේ.
  • ඕස්ට්‍රේලියාව රටක් ලෙස නිලවශයෙන් ස්ථාපිත කලේ 1788 පෙබරවාරි 7 වන දින මිස ජනවාරි 26 වන දින නොවේ.
  • ජනවාරි 26 දා ඕස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් විසින් විරෝධතා සංවිධානය කිරීම් සහ සත්‍යය ප්‍රකාශ කිරීමේ වැඩසටහන් දිගු කලක් තිස්සේ සංවිධානය කරනවා.

SBS මාධ්‍ය ආයතනයේ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ කටයුතු පිළිබඳ සංස්කාරකවරයා ලෙස කටයුතු කරන සහ NITV හි The Point වැඩසටහනේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසද කටයුතු කරන ජෝන්-පෝල් ජැන්කේ විසින් ජනවාරි 26 වනදා පිළිබඳව වන ඉතිහාස කතාව පැහැදිලි කරනවා. ජනවාරි 26 වන දින ඕස්ට්‍රේලියානු දිනය ලෙස නිල වශයෙන් සමරන දිනය බවට පත් වූ ආකාරය සහ රට පුරා මේ දිනය යම් ආකාරයකට විවාදයට තුඩු දීමට හේතුවද ඔහු මෙහිදී පැහැදිලි කරනවා.

මෙම පිටුවේ ඉහලින් ඇති 'Play button' එක ක්‍රියා කරවා මේ විශේෂාංගයට සවන් දෙන්න

    ජනවාරි 26 වන දින ඕස්ට්‍රේලියාවේ සිදු වූයේ කුමක්ද?

    ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියාවට පැමිණි නව්කා බලඇණිය සිඩ්නි නුවරට ගොඩබැස්ස දිනය ලෙස සැලකුවත් සැබවින්ම එය එසේ නොවුන බව වාර්තා වෙනවා. මුලින්ම ඔස්ට්‍රේලියාවට නැව් අටකින් පැමිණි බල ඇණියක් 1788 වසරේ ජනවාරි 18 වෙනිදා Botany Bay වෙත පැමිණ ඇති අතර ජනාවාස ඉදිකිරීම සඳහා එය නොසුදුසු බවට කපිතාන් ආතර් ෆිලිප් තීරණය කර තිබෙනවා.

    පසුව කපිතාන් ෆිලිප් සහ ඔහුගේ පිරිස ජනවාරි 23 වන දින සවස බොටනි බොක්ක වෙත ආපසු ගොස් මුළු නැව් සමූහයටම පෝර්ට් ජැක්සන් වෙත වහාම යාත්‍රා කරන ලෙසට උපදෙස් දීල තියෙනවා. මේ වෙනවිට බොටනි බොක්ක වෙතට ඇදෙන ප්‍රංශ නැව් දෙකකුත් පිලිප් සහ ඔහුගේ පිරිසට දැකගන්න ලැබිල තියෙනවා. කොහොම උනත් ජනවාරි 25 වෙනිදා පැවති දැඩි සුළන් තත්වය නිසා මේ නැව් වලට ගමන් කරන්න නොහැකි වෙලා තියෙනවා. එක් නැවකට පමණක් මේ අවස්ථාවේ එතනින් යාත්‍රා කරන්න හැකිවෙලා තියෙනවා. කැප්ටන් පිලිප් සහ ඔහුගේ පිරිස 26 වෙනිදා සිඩ්නි බොක්ක ප්‍රදේශයේ ගොඩබිමට ලඟා වෙලා බ්‍රිතාන්‍ය ධජය ඔසවලා තමන්ගේ පැමිණීම සමරලා තියෙනවා. ඔවුන් සමග පැමිණි සිරකරුවන් නැවේ සිට මෙම උත්සවය නැරඹු බවත් සඳහන් වෙනවා. එදින සවස වනවිට ඔවුන්ගේ බලඇණියේ අනෙකුත් නැව් සියල්ලම සිඩ්නි බොක්ක වෙත පැමිණි බව වාර්තා වෙනවා.

    Sydney Cove, New South Wales, Australia, 1788, (1886).
    Sydney Cove, New South Wales, Australia, 1788, (1886). Sydney Cove is a bay on the southern shore of Sydney Harbour. It was the site chosen in 1788 by Captain Arthur Phillip for the establishment of the first British colony in Australia, which later became the city of Sydney. The date of the colony's founding, 26 January, is today celebrated as Australia Day. Wood engraving from 'Picturesque Atlas of Australasia, Vol I', by Andrew Garran, illustrated under the supervision of Frederic B Schell, (Picturesque Atlas Publishing Co, 1886). (Photo by The Print Collector/Print Collector/Getty Images) Credit: Print Collector/Print Collector/Getty Images

    ඔස්ට්‍රේලියාව නිල වශයෙන් ස්ථාපිත උනේ කවදාද?

    කපිතාන් ෆිලිප් ඇතුළු කණ්ඩායම ජනවාරි 26 පැවැත්වූ උත්සවය නව කොලනියේ නිල ආරම්භය නොවනවා. පෙබරවාරි 07 වෙනිදා නිලවශයෙන් කපිතාන් ෆිලිප් ගේ නායකත්වයෙන් කොලනියක් ලෙස ස්ථාපිත කල බවත් වාර්තා වෙනවා.

    නව යටත් විජිතයේ මායිම් ඔස්ට්‍රේලියානු මහාද්වීපයෙන් අඩකට වඩා ආවරණය වී තිබෙන ලෙස සකසා තිබෙනවා. මෙම දේශසීමා යුරෝපීය ගිවිසුම් මත පදනම් වූ නමුත්, මෙම භූමිය දැනටමත් පළමු ජාතීන්ගේ ජනයාගේ නිවහන වුනා.

    Arthur Phillip, British naval commander, c 1789.
    UNITED KINGDOM - JUNE 10: Engraving by W Sherwin after a painting by F Wheatly, of Phillip (1738-1814) who, in 1787, commanded the First Fleet carrying convicts to Australia. The day of his landing at Botany Bay, 26 January 1788, was later celebrated as Australia Day. Phillip founded a penal colony at Sydney Cove, Port Jackson, and was made Governor (colonial administrator) of New South Wales. (Photo by SSPL/Getty Images) Credit: Science & Society Picture Librar/SSPL via Getty Images

    How did the landing impact First Nations?

    කපිතාන් ෆිලිප් ඇතුළු පළමු බලඇණිය සිඩ්නි ද්‍රෝණියට ලන්ගාවනවිට අවම වශයෙන් පළමු ජාතීන්ගේ ජන කණ්ඩායම් 29 කට එම භූමිය අයත්ව පැවතුනා. එම භූමිය ජනශූන්‍ය ප්‍රදේශයක් නොව ආදිවාසී ජන කණ්ඩායම් ජීවත් වූ ප්‍රදේශ වනවා.

    තම ගම් බිම් සහ ඉඩම් අත්පත් කර ගැනීම සහ ප්‍රචණ්ඩත්වය වැනි කාරනා සමග එන මතකයන් පළමු ජාතීන් අදටත් අත්විඳිනවා. මේ නිසා ජනවාරි 26 වෙනිදා දිනය ඔවුනට යම් වේදනාකාරී මතකයන් ගෙන එන දිනයක් ලෙස ඕස්ට්‍රේලියානු මුල් පුරවැසියන් සලකනවා.

    ජනවාරි 26 ඕස්ට්‍රේලියානු දිනය බවට පත් වූයේ ඇයි?

    1818 දී ආණ්ඩුකාර ලෝක්ලන් මැකවරි විසින් නිව් සවුත් වේල්ස් සඳහා ජනවාරි 26 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ගැසට් කර තිබෙනවා

    මීට අමතරව පැවති වෙනත් කොලනීන් සඳහා වෙනත් නිවාඩු දින පැවතුනා. කොහොම උනත් 1888 වසර වනවිට බොහෝ කොලනි වල ජනවාරි 26 වන දිනය එම කොලනි වල අරාම්භය සිදුවූ දිනය ලෙස සැමරුම් දිනයක් බවට පත්වෙලා තිබුනා. 19 වන සියවසේ අග භාගය වන විට 'Australian Natives Association' කියන සංවිධානය ජනවාරි 26 වෙනිදා ජාතික නිවාඩු දිනයක් බවට පත් කරන්න කියල ඉල්ලීම් සිදුකරලා තියෙනවා. Australian Natives Association කියන සංවිධානය ඕස්ට්‍රේලියාවේ ඉපදුන සුදුජාතිකයින් වෙනුවෙන් ස්ථාපනය කරන ලද සංවිධානයක් බව SBS මාධ්‍ය ආයතනයේ ජොන් පෝල් ජෑන්කි පවසනවා.

    Australian Commonwealth එහෙම නැතිනම් ඕස්ට්‍රේලියානු ජන රජය පිහිටුවීම ජනවාරි 26 වෙනිදා සිදු වුනා කියලා බොහෝදෙනෙක් හිතන බවත් එය එසේ නොවන බවත් ජොන් පෝල් ජෑන්කි පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු රජය පිහිටුවීම 1901 ජනවාරි 01 වනදා සිදු උන බවත් පළමු පාර්ලිමේන්තු සැසිවාරය එම වසරේ මැයි මාසයේ පැවැත් වුන බවත් ඔහු පෙන්වා දෙනවා.

    ජනවාරි 26 වන ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනයා සඳහා ශෝක දිනයක් වන්නේ ඇයි?

    ජනවාරි 26 වනදා ඕස්ට්‍රේලියානු ආදිවාසි ජනතාවටනම් සුන්දර මතකයන් ගෙන දෙන දිනයක් නොවනවා. මෙදිනට සිදුකරන මේ සැමරීම් වලට ඔවුන්ගෙන් විරෝධතාද එල්ල උනා. මේ සැමරීම් වල 150වෙනි සංවත්සරය සමරපු 1938 වසරේ දී ඕස්ට්‍රේලියානු මුල් පුරවැසියන්ගේ නායකයින්, මෙම දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කළා. මෙය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකල පළමු ජාතික විරෝධතාවලින් එකක් වනවා.

    ජනවාරි 26 රජයේ නිවාඩු දිනයක් බවට පත් වූයේ කවදාද?

    1994 වසරේ, ජනවාරි 26 වෙනිදා ඕස්ට්‍රේලියාව පුරා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කල අතර සෑම ප්‍රාන්තයක්ම සහ ටෙරිටරියක්ම ජනවාරි 26 වන දින ඕස්ට්‍රේලියානු දිනය ලෙසට නම් කර තිබෙනවා

    Australia Day Live 2024
    SYDNEY, AUSTRALIA - JANUARY 26: A general view is seen during Australia Day Live 2024 at the Sydney Opera House on January 26, 2024 in Sydney, Australia. (Photo by Don Arnold/WireImage) Credit: Don Arnold/WireImage

    ජනවාරි 26 ගැන තොරතුරු දැනගැනීම අදටත් වැදගත් වන්නේ ඇයි?

    ජනවාරි 26 වෙනිදා හා සම්බන්ධ ඉතිහාසය ඉතා සංකීර්ණ මෙන්ම ගැඹුරින් සිතා බැලිය යුතු හදවතට දැනෙන දිනයක් වෙනවා. අපේ සමාජයේ ඇතැම් කොටසකට මේ දිනය ප්‍රීතිජනක සැමරුම් සිදුකරන දිනයක් වන අතර ඕස්ට්‍රේලියාවේ බොහෝ ආදිවාසීන් ඇතුළු ඇතැම් ජනතාවට මෙය අමිහිරි මතකයන් ගෙන දෙන ශෝකජනක දිනයක් වනවා. කෙසේ උවත් මේ දිනය හා සම්බන්ධව වන ඉතිහාසය ගැන තොරතුරු දන සිටීම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අප සියලු දෙනාටම ඉතාම වැදගත් බව නම් නොඅනුමානයි.

    SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

    SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

    අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

     


    Share

    Recommended for you

    Follow SBS Sinhala

    Download our apps

    Watch on SBS

    SBS World News

    Take a global view with Australia's most comprehensive world news service

    Watch now