ලොව පළමු IVF දරු උපත1978 දී එක්සත් රාජධානියෙන් වාර්තා වෙනවා. මෙය වෛද්‍ය ක්ෂේශ්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් ලෙස සැලකෙනවා. අද වන විට, 'In Vitro Fertilisation' එහෙම නැතිනම් IVF කියල හඳුන්වන මේ කෘතිම සංසේචන ක්‍රමවේදය ලොව පුරා බහුලව භාවිතාවනවා. IVF බහුලවම භාවිතාවන රටවල් අතර ඔස්ට්‍රේලියාවත් සිටිනවා. නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජිනා චේම්බර්ස්, ANZARD ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්තයේ මේ කෘතිම සංසේචන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වන දත්ත ගබඩාව අදීක්ෂණය කරනවා.
මෙම ජාතික ලේඛනාගාරය හරහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා සිදු කරනු ලබන සෑම IVF චක්‍රයක්ම නිරීක්ෂණය කරන බව මහාචාර්ය ජෝර්ජිනා පවසනවා. yourivfsuccess.com.au කියන වෙබ් අඩවියෙන් ඕස්ට්‍රේලියාවේ IVF ක්‍රමවේදයේ භාවිතාව ගැන ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් කියල මහාචාර්ය ජෝර්ජිනා පවසනවා.

මේ වෙබ් අඩවියෙන් තවත් විශාල වැසි රැසක් ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ වයස, සහකරුවාගේ වයස, මින් පෙර IVF තාක්ෂනය භාවිතාවේ සාර්ථකත්වය වගේ තොරතුරු ඇතුලත් කරලා IVF තාක්ෂණයෙන් දරුවකු පිළිසිඳ ගැනීමට තමන්ට ඇති හැකියාව ගැන දල අදහසක් ලබාගන්න මේ වෙබ් අඩවියෙන් ඔබට පුළුවන්.
වඩාත් හොඳ IVF සායනයක් තෝරා ගන්නේ කෙසේද?
එක් එක් සායනවල මේ IVF ක්‍රමවේදය ලබාදීමේ සාර්ථකත්වයත් මේ yourivfsuccess.com.au වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා.
ආචාර්ය පෙට්‍රා වේල් 'Fertility Society of Australia and New Zealand' ආයතනයේ සභාපතිනිය ලෙස කටයුතු කරනවා. මේ IVF ප්‍රතිකාර ලබාදීමේදී එක් එක් පුද්ගල තත්ව අනුව අදාළ ප්‍රතිකාරය ලබාදීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම මෙහි සාර්ථකත්වයට ඉතා වැදගත් බව ඇය පවසනවා. මේ නිසා මෙවැනි සේවා ලබාදෙන සායන තමන්ගෙන් සේවා ලබා ගන්නා සේවා දායකයින්ගේ අවශ්‍යතා අනුව මේ සේවා ලබාදීම සිදුකිරීම ඉතාම වැදගත් බව ආචාර්ය පෙට්‍රා වේල් පෙන්වා දෙනවා. සායනයක් තෝරා ගැනීමේදී ඔබගේ පුද්ගලික තත්ත්ව අනුව ප්‍රතිකාර ලබාදීමට එම සායනය දක්වන සැලකිල්ල පිළිබඳව ඔබට විමසා සිටින්නට පුළුවන්.

මේ IVF ක්‍රමවේදය බොහෝවිට මිල අධික දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් අයට Medicare ක්‍රමවේදය හරහා මේ සඳහා ලැබෙන දීමනා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මීට අමතරව ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සෞඛ්‍ය අංශ විසින් මේ සඳහා විවිධ ආධාර සහ දීමනා ලබා දෙනවා. කොහොම උනත් මේ ක්‍රමවේදයට ඔබ යොමුවෙන්න හිතනවානම් ඒ ගැන ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්චා කිරීම ඉතාම වැදගත් වෙනවා.

මදසරුභාවයට ප්‍රතිකාර කිරීමට ඇති එකම ක්‍රමවෙදය IVF නොවන බව, දරුවකු පිළිසිඳ ඇනීමටඅවශ්‍ය සරුභාවය පිළිබඳව උපදේශ සේවා සපයන ආයතනයක ජෙෂ්ට උපදේශකයකු වශයෙන් කටයුතු කරන සහකාර මහාචාර්ය ඇලෙක්ස් පොලියකොෆ් පවසනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තා සෞඛ්‍ය වෙනුවෙන්ම තියෙන 'Royal Womens Hospital' මේ රෝහලේ IVF ක්‍රමවේදයට අමතරව, කාන්තාවකගේ ඔසප් චක්‍රය තුල නිසියාකාරව ඩිම්බ නිකුත් කිරීමට උපකාර කෙරෙන 'Ovulation induction' ප්‍රතිකාර ක්‍රම සහ පුරුෂයාගේ ශුක්‍රාණු විශේෂ වෛද්‍ය ක්‍රමයක් මඟින් සෘජුවම මවගේ ගර්භාශය තුළ තැන්පත් කරන ප්‍රතිකාර ක්‍රම වැනි ප්‍රතිකාර ලබාදෙන බව ඔහු පවසනවා.
කොහොම උනත් මේ වගේ ක්‍රමවෙදයකට යොමුවෙන්න කලින් ඔබේ පවුලේ වෛද්‍යවරයා විසින් මෙවැනි සායනයකට ඔබව නිර්දේශ කලයුතු වෙනවා. ඉන් අනතුරුව අදාල සායනය විසින් ඔබගේ වෛද්‍ය ඉතිහාසය නිරීක්ෂණය කර දරුවකු පිළිසිඳ ගැනීමේ ක්‍රියාවලියට යොමුවීමට ඔබට ඇති ගැටළු සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වෙනවා.

මේ IVF ක්‍රමවේදයට යොමුවීමේදී ඔබට විවිධ විසේසක්නයින්ගේ සහාය ලැබෙන බව වෛද්‍ය පෙට්‍රා වේල් පවසනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරයා, හෙදිය, අදාළ පරීක්ෂණ කටයුතු කරන රසායනාගාර පර්යේෂකවරයා මෙන්ම මානසික සෞඛ්‍ය උපදෙස් ලබා දෙන විශේෂඥයින්ද මේ ක්‍රියාවලියට අයත්වන බව වෛද්‍ය පෙට්‍රා වේල් පවසනවා.
IVF වගේ ක්‍රියාවලියක් තුලදී දෙමාපියන් මුහුණදෙන මානසික ගැටළු වලට උපකාර කරන්න මානසික සෞඛ්‍ය උපදෙස් ලබාදීම ඇතැම් ප්‍රාන්තවල අනිවාර්ය වෙනවා. මේ සේවා සඳහා වන ගාස්තුවද බොහෝ විට IVF ක්‍රියාවලිය සඳහා වන ගාස්තුවට ඇතුලත් වෙනවා. මෙම ක්‍රියාවලියට අවතීර්ණවෙන දෙමාපියන් ඇතැම්විට මුහුණ දෙන සංකීර්ණ ගැටලුවටල පිළිතුරු ලබාදෙන්න මේ හරහා අපේක්ෂා කරන බව සහකාර මහාචාර්ය ඇලෙක්ස් පොලියකොෆ් පවසනවා.
IVF ක්‍රමවේදයේ එක් චක්‍රයක් සඳහා විශාල මුදලක්ශ්, කාලයක් සහ විශාල වෙහෙසක් දැරීමට සිදුවෙනවා. නමුත් මෙවැනි චක්‍රයක් හරහා දරුවකු පිළිසිඳ ගැනීම එක වරම සිදු නොවෙන්නත් පුළුවන්. මේ නිසා ඇතැම් විට චක්‍ර කිහිපයක් මේ ක්‍රියාවලියට යොමුවෙන්න සිදු වෙනවා. මේ නිසා මේ සඳහා යොමුවෙන පිරිස් හොඳ මානසික මට්ටමක් පවත්වා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. මේ ක්‍රියාවලියේදී මානසික සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමට උපදේශ සේවා ලබා ගැනීම අනිවාර්ය නොවුනත් ඒ සඳහා යොමුවීමට හැකිනම් එය ඉතාම වැදගත් දෙයක් බව වෛද්‍ය පෙට්‍රා වේල් පවසනවා.
මදසරුභාවය වර්තමානයේ සුලභව දකින්නට ලැබෙන දෙයක් වෙලා තියෙනවා. මේ තත්වය සෑම ජන සමාජයකම වගේ අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ සඳහා IVF වගේ ක්‍රමවේද භාවිතා කරන එක හොඳ විසඳුමක් වෙන්න පුළුවන්. දරුවකු ලැබීම, පවුලක් ගොඩනගා ගැනීම කියන්නේ මිනිසුන්ට තියෙන මූලික අයිතිවාසිකමක්. ඉතින් මේ සඳහා අවස්තාව උදාකර දීම සමාජයක් විදියට අපේ වගකීමක්ද වෙනවා.
———————————————————————————————————
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.







