රාජකාරියට යාම සඳහා භාවිතා කරන ක්‍රමවේදය කුමක්ද කියල ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය සිදුකරන කොටත් ජනතාවගෙන් විමසීමක් කරනවා. මෝටර් රථයක් භාවිතාකර රැකියාවට යනබව බොහෝදෙනා මෙහිදී පවසා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ දශක 5ක් පුරාවටම රැකියාවට යාම සඳහා භාවිතවූ ජනප්‍රියම ක්‍රමවේදය තම පුද්ගලික මෝටර් රථයක් භාවිතා කිරීම බව වාර්තා වෙනවා. එදිනෙදා ගමන් යන්න සෑම ඔස්ට්‍රේලියනුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන බවට තොරතුරු හෙළිවෙලා තියෙනවා.ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ එහෙම නැතිනම් මේ 'regional' ප්‍රදේශ වල ඉන්න ජනතාවට පොදු ප්‍රවාහන පහසුකම් සීමා සහිත වෙන්නත් පුළුවන්.

ඔබ ටිකට් පතක් මිලදී ගෙන ඇති බව තහවුරු කරගන්න ඒ සඳහා අවසරලත් නිලධාරීන් පත් කරලා තියෙනවා. ඔබ ඔබගේ ඩිජිටල් ප්‍රවේශපත්‍රය හෝ බැංකු කාඩ්පත භාවිතාකර ප්‍රවේශපත ලබා ගෙන තියෙනවනම් එය පරීක්ෂා කිරීමේ හැකියාව මේ නිලධාරීන්ට තියෙනවා. මෙහිදී ඔබගේ බැංකු කාඩ් පත ඔවුන් විසින් ස්කෑන් කිරීමක් සිදුකරනවා. එවැනි අවස්ථාවල ප්‍රවාන සේවා සඳහා ලබාගත් ටිකට් පත ආශ්‍රිත තොරතුරු පමණක් ඔවුනට දැකගැනීමට හැකියාව ලැබෙන බව හවර්ඩ් කොලින්ස් පවසනවා. මේ හරහා ඔබේ බැංකු ගිණුම් පිලිබඳ පුද්ගලික තොරතුරු ඔවුනට බලාගත නොහැකි බව හවර්ඩ් පෙන්වා දෙනවා.
විශ්‍රාමිකයින්ට, ශිෂ්‍යයින්ට සහ ඇතැම් වීසා වල ඉන්න අයට වට්ටම් සහිත විශේෂ මිලගණන් යටතේ ප්‍රවේශපත් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔබ මෙවැනි ප්‍රවේශපතක් භාවිතා කර ගමන් කරනවානම් අවශ්‍ය අවස්ථාවල අදාළ තත්වයන් සනාථ කෙරෙන ලියවිල්ලක් ඔබ සතුව තිබීම ඉතාම වැදගත් වෙනවා.

මෙවැනි අවස්ථාවල ඔබට දඩ ගෙවීමට සිදුවෙන්න පුලුවන්ද? එවැනි අවස්ථා ගැනත් මෙහිදී කරුණු සොයා බැලීම වැදගත් වෙනවා.
විශ්‍රාමිකයින්ට, ශිෂ්‍යයින්ට ලැබෙන ඔබ විශේෂ වට්ටම් සහිත ප්‍රවේශපත්‍රයක් අතැතිව ගමන් කරන විට ඒ කියන්නේ 'concession' ප්‍රවේශපතක් අතැතිව ගමන් කරන අවස්තාවක එය සනාථ කිරීමේ හැකියාව ඔබට නොමැති උනොත් එවැනි අවස්ථාවල ඔබට දඩ මුදලක් නියම වෙන්න පුළුවන්. පොදුප්‍රවාහන භාවිතාවේදී වලංගු ටිකට් පතක් අතැතිව ගමන් කිරීම අනිවාර්ය වනවා. එසේ නොමැති උවහොත් ඔබට දඩ මුදලකට යටත් වෙන්න සිදුවෙන්න පුළුවන්.
මීට අමතරව පොදු ප්‍රවාහන සේවාවල ඔබ හැසිරෙන අකාරයද ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා තුල දුම්පානය, මත්පැන් පානය වැනිදා සඳහා දඩමුදල් නියම කිරීමේ හැකියාව තිබෙනවා. එසේම ආසන මත දෙපා තබාගෙන ගමන් කිරීම වැනිදා සඳහාද අවසර නොමතිවනවා. මෙවැනි අවස්ථාවල ඔබට දඩ මුදල් නියමවීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ උවත් යම් හෙයකින් ඔබට අසාධාරණ ලෙස දඩ මුදල් ගෙවීමට නියමවී ඇතිබව සිතනවානම් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතීම සහ ඒ සම්බන්ධයෙන් පොදු ප්‍රවාහන සේවා අධිකාරියට දැනුම්දී සිටීමට ඔබට හැකියාව තිබෙනවා. කෙසේ උවත් දඩමුදල් නොගෙවා සිටියහොත් ඒවා ණය එකතුකරන ආයතවලට යොමුවෙන්න පුළුවන්. දඩ මුදලට අමතරව තවත් අමතර ගාස්තු එම දඩයට එකතුවීමේ හැකියාවකුත් පවතිනවා. මෙම දඩමුදල් නොගෙවා සිටියහොත් ඒවා එකතුවී ඔබගේ ණය ලබාගැනීමේ හැකියාව තීරණය කෙරෙන 'credit score' එකටත් එය බලපාන්න පුළුවන් බව 'Western Australia’s Public Transport Authority'හි සන්නිවේදන කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ශාලට් හේස් පවසනවා.

පොදු ප්‍රවාහන සේවා වල ඇතිවන හදිසි අවස්තාවලදී, සේවා බිඳවැටීම් වලදී, අවශ්‍ය උපකාර සහ තොරතුරැ ලබා ගැනීම සඳහා පහසුකම් අදාළ ආයතන විසින් සලසා දී තිබෙනවා. එවැනි අවස්ථාවල උපකාර ලබාදීම සඳහා නිල ඇඳුමින් සැරසුණු සේවකයින්ද රඳවා තැබෙනවා. ඔස්ට්‍රේලියාවේ බොහොමයක් පොදු ප්‍රවාහන සේවා ජාල ආශ්‍රිතව CCTV කැමරා සවිකිරීම සහ මගීන්ට සේවා සපයන නිලධාරීන් දැකගන්න පුළුවන්. මේ හරහා ආරක්‍ෂිත සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගෙන තිබෙනවා. හදිසි අවස්තාවක අදාළ නිලධාරීන්ගේ සහාය පැතීම සිදුකලයුතු බව ශාලට් හේස් පවසනවා.
මීට අමතරව විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා පහසුවෙන් ගමන් කිරීමට ප්‍රවාහන සේවා තුල පහසුකම් සපයලා දීල තියෙනවා. මෙවැනි පහසුකම් එක එක ප්‍රාන්තය සහ ප්‍රදේශය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පොදුප්‍රවාහන සේවා වල ගමන් කිරීමේදී අන් අයට හිරිහැර නොවන අයුරින් ගමන් කිරීම ඉතාම වැදගත් වනවා. විශේෂයෙන්ම අධික කාර්ය බහුල අවස්තාවලදී විශාල පිරිසක් මෙම සේවා භාවිතා කරන නිසා අන් අයට හිරිහැරයක් නොවන අයුරින් ගමන් කිරීම ඉතාම වැදගත් වනවා. මෙවැනි අවස්තාවලදී සිටගෙන යාමට අපහසු පුද්ගලයින්ට ආසනයක් ලබාදීම, රියදුරුගේ අවධානය බිඳෙන ලෙස කටයුතු නොකිරීම වැනිදා මගීන් වශයෙන් ඔබෙන් අපේක්ෂා කරනවා.
එසේම සංගීතයට ඇහුම්කන්දීම, දුරකථන සංවාද පැවැත්වීම වැනිදා වලදී ඉයර්ෆෝන් වැනිදා භාවිතා කර අන් යට හිරිහැර නොවන ලෙසින් ගමන් කිරීම මගීන් ගෙන් අපේක්ෂා කරන බව ශාලට් හේස් පවසනවා
————————————————————————————————————————————————-
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.










