ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2018 ජූනි මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී ආචාර්ය තරංග දන්දෙනිය විසින් එළිදැක්වුණු අබෝරිජින් පසුබිමක් සහිත Jack Davis විසින් රචිත Honey Spot නමැති නාට්‍ය පිටපතේ සිංහල පරිවර්තනය ඇතුලත් ග්‍රන්ථය 'මීපැණි පෙදෙස' පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'මීපැණි පෙදෙස' ග්‍රන්ථ නිමැවුම් කාර්යයේදී ලේඛක යෙකු ලෙසින් ලද අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර ආචාර්ය තරංග දන්දෙනිය යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාකච්චාව මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





