The Order of Australia, මේ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන උළෙලයි. සෑම වසරක ම ඕස්ට්‍රේලියානු දිනයට (Australian Day) සමගාමීව මේ සම්මාන පිරිනැමීම සිදු කෙරෙනවා. එහි දී විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක් වූ ඔස්ට්‍රේලියානුවන්ගේ සේවය සහ කැපවීම ඇගයීමට ලක් වෙනවා. ඉතින් මෙවර 1000කට ආසන්න පිරිසකට ගෞරව සම්මාන හිමි වුණා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුත් ඉන්නවා. SBS සිංහල සේවය විශේෂ සාකච්ඡාවක් සිදු කළා ඉන් එක් අයෙකු වන සෑම් අතුකෝරාළ සමඟ. ඔබට ඒ කතාබහට සවන් දෙන්න පුළුවන් මේ පොඩ්කාස්ට් විශේෂාංගය පළ කර ඇති වෙබ් පිටුව අවසානයේ සබැඳියක් ලෙසින්. අනෙක් ශ්‍රී ලාංකිකයා වන මහාචාර්ය එළියතම්බි අම්බිකෙයිරාජා සමඟ සහෝදර SBS දමිළ සේවය විසින් විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මේ විශේෂාංගය 2026 The Order of Australia සම්මානවලින් පිදුම් ලද විශිෂ්ට ඕස්ට්‍රේලියානුවන් පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






