ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙවර (අප්‍රේල් 2018) සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවර වාසී ලේඛිකා විනීතා විජේරත්න විසින් රචිත "අපූරු චාරිකා 3 ථූපාරාමය' නමැති ළමා නවකතාව පිළිබඳවයි. මෙල්බෙර්න් හි ළමා ප්‍රජාව වෙනුවෙන් සිදුවන කටයුතු වලට නිරන්තරයෙන් සම්බන්ද වන, එසේම මෙම ග්‍රන්ථය මෙල්බෙර්න් හි ජනගත කෙරුණු අවස්ථාවේදී ග්‍රන්ථ විමර්ශනයට සම්බන්ද වුනු ප්‍රවීන කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා මෙවර සාහිත්‍ය සම්භාෂණ වැඩසටහනේ ග්‍රන්ථ විචාරක කාර්යභාරය ඉටුකරන ලද අතර තම ග්‍රන්ථ නිර්මාණය පිළිබඳව කතාබහට ලේඛිකා විනීතා විජේරත්න ද මෙවර සාකච්චාවට සම්බන්ද වුවාය. සාකච්චාව මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





