මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය කුවාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටියදී මගීන් 239 දෙනෙකු සමඟ අතුරුදහන් වී මේ වන විට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබෙනවා.
මෙම ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් පසුගිය දෙසැම්බර් 30 වෙනි දා නැවත ආරම්භ කරනු ලැබුවා.
දකුණු ඉන්දීය සාගරයේ සිදු කරන මෙම නව සෙවීමේ මෙහෙයුම, උසස් තාක්ෂණයක් භාවිත කරන පෞද්ගලික නාවික රොබෝ තාක්ෂණ සමාගමක් වන Ocean Infinity විසින් සිදු කරනු ලබනවා.
මෙම මෙහෙයුම සිදු කරනු ලබන්නේ ලෝකයේ විශාලතම ගුවන් අනතුරු අභිරහස්වලින් එකක් ලෙස සැලසෙන MH370 අතුරුදහන් වීම පිළිබඳ පිළිතුරු සොයා ගැනීමේ අරමුණින්.
නමුත්, ගුවන් යානයේ සිටි මගීන්ගේ පවුල් වල අය පවසන්නේ, මෙම සෙවීම් මෙහෙයුම සිදු කරන කොන්දේසි පිළිබඳ පැහැදිලි භාවයක් සහ එමගින් යානය හෝ අනතුරු අවශේෂ සොයා ගත හැකි ද යන්න පිළිබඳ නිශ්චිතතාවයක් ඔවුන්ට අවශ්‍ය වන බවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.














